හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අද (20) ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කරන්නැයි ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලා සිටි බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා මාර්තු 29 වැනි දා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට දැනුම් දුන්නේය.
අධිකරණය මීට පෙර අවස්ථා දෙකකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහා ඉන්නේ සිංගප්පූරුවේ... ඇයි අපේ රජය එහේ රජයට කියන්නේ නැත්තේ්? යාළු මිත්‍රකම් නිසාද?
මේ රජය කී දෙනකට රතු නිවේදන නිකුත් කරලද තියන්නේ? දැනටමත් ඔහු සිංගප්පූරු පුරවැසියෙක් නීතිමය කටයුතුවලට බාධා කියල ආරංචි. මේකත් මේ දවස්වල අපි දකින්න සංදර්ශනය තමයි, පහුගිය රජය කාලේ අපරාධකරුවන්ව එෆ්.සී.අයි.ඩී. හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නවා. එතැනින් අධිකරණයට ඉදිරිපත් කරනවා. එතැනින් රක්ෂිත බන්ධනාගාර ගතවෙනවා. එතැනින් රෝහල් ගතවෙනවා. එතැනින් ඇප නියමවෙලා එළියට එනවා. එතැනින් නඩු මාස හයකට සැරයක් කල්යනවා. ඔය වගේ තමයි මේකත්...
ගනියි කියල තමා බය. පුලුවන්නම් අරන් පෙන්නන්න.
අතේ හිටිය කුරුල්ලා අත හැරලා අත්තේ වහලා ඉන්න එකාව අල්ලන්න හදනවා වගේ වැඩක්... දැන් බැලුවම ඌ අත්තෙත් නැහැ, ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ.
බම්බුව තමයි. රනිල් අගමැති කමේ ඉන්නකම් එයාව ගෙන්වන්නෙ නැහැ. අනෙත් අය ආවත්, ....එච්චර තමයි.
මම මුල ඉඳන්ම කිව්වේ මෙවැනි විදේශිකයන් යම් නඩුවකට අවශ්‍ය නම් මුලින්ම කල යුත්තේ රිමාන්ඩ් භාරයේ හෙවත් රාජ්‍ය ආරක්ෂාව යටතේ නඩුව ඉවර වෙන තෙක් තබා ගන්න කියලයි. (කේ පී වගේ නම් නෙවෙයි )
අන්තෝ ජටා බහි ජටා, නිදි මරාගෙන වැඩ කළත් නිදියන්න පැදුරක් නැහැ...
අපි සමබරව සහ සාධාරණව සිතන්ට ඕනේ. රනිල් මහතා මෙයට ඉක්මන් ජාත්‍යන්තර පියවරක් ගෙන මොහු අල්ලා ගැනීමට උදව් කිරීම ඉතාමත්ම වැදගත් දෙයක්. එතුමා එසේ කළහොත්, මහේන්ද්‍රන් නිසා එතුමාට සහ එජාපයට වැදුණු අකුණු පහරවල් වල බල බිඳේවි.
රවට්ටනවා කිවුවට මෙහෙමත් ජනතාව රවට්ටන ආණ්ඩුවක් ලොවෙත් නැතුව ඇති
මහේන්ද්‍රන්ට, උදයංගට, මහින්දානන්දට, රාජිතට, විමල්ට සහ මෙකී නොකී සියලු දෙනාට පොදු සමාවක් දීලා දාමුද? මේවා නිකන් දේශපාලන විහිලු. මේ විදියට තව ගියොත් මොනවායෙන් මොනවා වේවිද දන්නේ නෑ. නිකන් කාලෙ නාස්ති කරනවා විතරයි. ඉදිරිය ගැන බලමු.
අර්ජුන් මහතා දක්ෂයෙක්.. අගමැතිතුමා අර්ජුන්ගෙන් වැඩ ගන්න උත්සාහ කළාට කුහකයෝ ඒකට ඉඩදුන්නේ නැහැ. කෙටි කාලයක් තුළ ආර්ථිකය ගොඩදැම්මේ අර්ජුන් හිටිය නිසා.
පිස්සු..බොරු කියවනවා.. දවස් ගානක් ඉඳලා ඉඳලා අදද වරෙන්තුව ඉදිරිපත් කලේ? නම රුවන් වුනාට කියමන නම් රුවන් වැකියක් නෙමේ. අපේ කොල්ලෙක් ෆොටෝ එක දාපු ගමන් වෙන ඉම්පැක්ට් එක අඩුකරන්න කියන කතාය.
රනිල් කිව්වා නේද පොර ගෙනැල්ල දෙන්නම් කියලා..
මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.. ලංකාවේවත්, සිංගප්පූරුවේවත් රතු නිවේදන ලැයිස්තුවේ මොහුගේ නම නැහැ. ඇයි මෙහෙම මිනිස්සුන්ව රවට්ටන්නේ.. කෝ උදයංග වීරතුංග ඇල්ලුවා කිව්වා නේද? තාම ගෙනාවද ලංකාවට..?