(මනෝප‍්‍රිය ගුණසේකර)
බැදුම්කර නිකුතුවට ඉදිරිපත් වු රුපියල් බිලියන 10 ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කළ නියෝගය හේතුවෙන් එම ලංසුවට අනුමැතිය දීමට සිදුවුණ බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ හිටපු අධිකාරී දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය හෙළි කළාය.
කරන්නට වෙන දෙයක් නොමැති හෙයින් එලෙස කිරීමට සිදුවු බවත් ඒ මහත්මිය බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් කීවාය.
මහ බැංකුවේ වෙනත් දෙපාර්තමේන්තුවක රාජකාරී කළ තමා මෙම බැඳුම්කර නිකුතුව සිදු කිරීමට දින දෙකකට පෙර රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට ස්ථාන මාරූවීමක් ලබා පැමිණි බවත් මෙම බැදුම්කර වෙන්දේසිය තමාගේ මුල්ම බැදුම්කර වෙන්දේසිය වු බවත් ඒ මහත්මිය පැවසුවාය.
මහෙන්ද්‍රන් මහතා කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනා විරුද්ධ වු නමුත් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය වෙනස් නොකරන බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා දැනුම් දීමෙන් අනතුරුව සෙසු සාමාජිකයින්ද අදාළ ලේඛණයට අත්සන් කළ බව සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නෝනා බොරුනම් කියන්න එපා. ඕනනම් රවී මහත්තයාගෙන් අහලා බලන්න
මෙය සහාසික අපරාධයක්.මෙවන් පුද්ගලයෙකුට ඔවැනි අතිශය වගකිව යුතු තනතුරක් දීම සිදු නොවිය යුතු දෙයක්. මොහුට නීතියෙන් දඬුවම් ලැබිය යුතුමයි.
පුද්ගලයින් තුන් දෙනෙක් ආරක්ෂා කිරීමට යාමෙන් මෙම ආණ්ඩුව ඉක්මනින්ම ගෙදර යනවා. අර්ජුන මහේන්ද්‍රන්, මුදල් ඇමති රවී සහ සයිටම් නෙවිල් ප්‍රනාන්දු.
අර්ජුන් මහේන්ද්‍රන් ඒ නියෝගය දෙන්න ඇත්තේ මූල්‍ය මණ්ඩලයේ/ආර්ථික උපදේශක මණ්ඩලයේ අනුමැතිය එක්කයි.
ඔය මොනවා කිව්වත් මුදල් ඇමතිතුමා, කිරිඇල්ල ඇමතිතුමා, සුජීව සේනසිංහ මැතිතුමා වගේ කීදෙනෙක් අර්ජුන් මහේන්ද්‍රන් තූමා වෙනුවෙන් කඩේ ගියාද
අගමැතිතුමා තමන්ගේ පෞද්ගලික අතිශය රහස් ජිවිතේ යාලුවන්ට රට කරන්න දෙන්න ගිහින් රට විනාශයට දක්කනවා. උදා අර්ජුන, අකිල, සාගල, ඔහු මොලයක් නොව අලයක් හා පාශානයක් බව ඔප්පු කර ඇත.
ලංකාවේ හොරකම් නවත්තන්න තියෙන හොදම ක්‍රමේ තමා පාලක පක්ෂයේ උඩම ඉන්න හොරකම් කරපු ඇමති කෙනෙක් හිරේ දාන එක. එතකොට ඉහල සිට පහලට ඔක්කොම බය වෙනවා.හොරකමට. නැතිව මේ ජරා ජීරන ක්‍රමය කිසිසේත් නැවැත්විය නොහැකියි.මිනිස්සු බය වෙන්න ඕන වැරදි කරන්න.
මහා පොලොව නුහුලන අපරාධයක්. යහපාලන නායකයිනි,නිදා සිටිය ඇති,නැගිටිවු
අපේ රට හරිම අභාග්‍ය සම්පන්න රටකි. උගත් බුද්ධිමත් යැයි කියන බොහොමයක් එම බුද්ධිය උපයෝගී කරගනිමින් ඉතාම කූට ලෙස රටේ සම්පත් අවභාවිත කරගනියි.
මීට වඩා තොරතුරු මොකටද? බලහත්කාරයෙන්කරපු හොරකමක් . නිළධාරීන් අසරණ වෙලා තියෙනවා මේ මුදල් වංචාවට උපරිම දඩුවම් දීල මේ මුදල් ආපසු අයකරන්නේ නැතිනම් ලොකු අපරාධයක්.
රාජපක්ෂලා හිරේ නොගිහින් බේරෙන්න එකෙක් හරි සිරා එක්ක හොඳින් ඉන්න තමයි බලන්නේ.
රනිල් මහත්තයො ඔබතුමා තවමත් මිස්ටර් ක්ලීන් කියල අපිනම් හිතන්නෑ. අපිට හිතෙන්නේ ඔබතුමා මෙතෙක් කල් කරල තියෙන්නේ මොරියාටි නියාය කියලයි.
ලංකාවේ හොරකම නැවැත්වීමට තියෙන එකම විසදුම ලංකාවේ ජනතාව සම්පූර්ණයෙන්ම නැතිකර, එංගලන්තයෙන් යුවලක් ගෙනවිත් මෙහි පදිංචි කර නැවත ශිෂ්ඨාචාරයක් ගොඩ නැගීමයි. හොරකම කියන එක ජන ගත දෙයක්
විමර්ශන කඩිනමින් අවසන් කර සියලු වැරදි කරුවන්ට දඩුවම් දිය යුතුයි.
මේ තරම් වංචාවක් කරලත් අඩුම ගානේ ප්‍රශ්න කිරීමක්වත් සිදු වුනේ නැහැ.හැබය් විපක්ෂයේ කෙනෙක්ට මෙහෙම චෝදනාවක්වත් තිබුනානම් ඇප නැතුවම ඇතුලේ..ආණ්ඩුවේ මාද්‍ය ප්‍රකාශක කියනවා අගෝස්තු වෙනකොට විපක්ෂය අහවර කරනවා කියලා..රටේ නීතිය දවසින් දවස පිරිහෙනවා..
තවත් නම් කවර කතාද? හොරා කවුද කියල දැන් පැහැදිලි නේද?හොරා ආරක්ෂා කරන එවුන් ගැන මොකද කරන්නේ? මුන්ගේ සියලු දේපල රාජසන්තක කරලා, රජ කාලේ දඬුවම් දෙන්න වටින්නේ.