
(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරීමට හෙට (9) ආරම්භ වන සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළ කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.
සාමකාමී අරගලකරුවන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු පාර්ශවකරුවන් එක්ව මෙම සටන ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගය සියලුම දේශපාලන පක්ෂ වෘත්තිය සමිති බහුජන සංවිධාන මෙම සටනට සහයෝගය ලබාදෙන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රට විනාශ කළ මෙම අමනෝඥ පාලනය ගෙදර යැවීමට පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාට ආරාධනා කර සිටින බවත් මහ ලේකම්වරයා එහිදී කීවේය.
ජනතාව එළියට බහින්නේ රට බේරා ගැනීමට බැවින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්නැයි සියලුම ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කරන බවත් මහ ලේකම්වරයා එහිදී තවදුරටත් තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට බලය ගන්න ඉන්න පක්ෂය. මෙවැනි විරෝධතාවක් වත් සංවිධානය කරන්න බැහැ. වෙන අය කරන ඒවාට සහයෝගය දක්වනවා විතරයි. අනුරට ඊළඟට ආණ්ඩුව කරන්න ඉඩ දීලා ඒකටත් සහයෝගය දක්වන්න...
මේ නන්දසේන 6 මාසයකට නැවත රට ස්ථාවර කරමු. දැන් මොකක්ද මේ හදිස්සිය.. දැන් ගෑස් සහ පෙට්‍රල්, ඩීසල් ප්ලෑන් වෙලා තියෙන්නේ.. ලබන සුමානේ... පොහොර ඇවිත් තියෙන්නේ... මේ හදන්නේ මේ ටික දීපු ගමන් පිළිවෙළක් වෙනවට බයේ යන වැඩක්... මස 6ක් ස්ථාවර කරලා, මාස 06කින් ඡන්දයක් තියන්න පුළුවන්..
මෙවර නම් මේ රට විනාශ කළ අයට ගැලවීමක් නැහැ.
දැන්ම සම්මාදම් වුණොත් බෝඩ් එකේ නම ගහගන්න පුළුවනි...
3% නේ ජෙප්පන්ගේ පිහිටෙන් වත් අපි ගොඩ එන්න බලමු නේද ගොයියෝ.
කට්ටිය ගිහින් සහයොගෙ දුන්නට කමක් නැහැ. එ මැද්දෙ ඉදන් ප්‍රචන්ඩ ක්‍රියා කරල වැඩේ අල කරල මාරුවෙන්න එහෙම එපා. එ වගෙම ලොක්ක එක්කල යන්න ඒපා ගල් පාරවල් වැදෙයි.