(නිමල කොඩිතුවක්කු)

මත්පැන් බෝතල්වලට යොදන කිව්. ආර් කේත සහිත ස්ටිකර් ව්‍යාජව මුද්‍රණය කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදු වන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.

එම පාඩුව සුව සැරිය ගිලන්රථ සේවාව වෙනුවෙන් රජය වසරකට වැය කරන මුදල මෙන් අට ගුණයකටත් වඩා වැඩි බැවින් මෙම අනීතික ක්‍රියාව නැවැත්වීමට රජය වහා කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.