IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයි.එම්.එෆ් සමග සාකච්ඡාවට අපි සූදානම්

 

(නිමල කොඩිතුවක්කු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සජීවී වීඩියෝ විවාදයකට එන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

රටේ ආර්ථික අර්බුදය හඳුනා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු යැයි මුලින්ම ඉල්ලීම් කලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය බවත් මහලේකම්වරයා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම විපක්ෂ නායකවරයා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණ ගැසී සාමාන්‍ය ජනතාවගේ ජිවිතයට බලපාන කොන්දේසි සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සහ කොන්දේසි ලෙස පවසමින් රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැබෑ අදහස් නොවන බවත් මහලේකම්වරයා තවදුරටත් පැවසීය.

 



අදහස් (7)

අයි.එම්.එෆ් සමග සාකච්ඡාවට අපි සූදානම්

අරවින්ද මොනරවිල Tuesday, 27 August 2024 06:12 PM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් රාජපක්ෂ කියන වේලාවට සාකච්ඡා කරන්න තරම් සජබ අවුල් වුණාට ජාතික ජනබල වේගයට එහෙම අවුලක් නැහැ. ඊළඟ ආණ්ඩුව පිහිටූවාට පසුව කොහොමත් ජාතික ජනබල වේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන නිසා දැන්ම කළබල වෙන්න අවශ්‍ය නැහැ...

:       1       0

Bandara Tuesday, 27 August 2024 06:17 PM

හර්ෂත් කියනවා වෙනස් කරන්න බෑ කියලා. බලන්නකෝ මෙයාගේ ටිකිරි මොලේ.

:       0       1

chandima Tuesday, 27 August 2024 07:58 PM

අපිට දෙපැත්ත බෙදිලා වගේ පෙන්නුවට ඒකටත් එකතුවෙලා යන්න වගේ යන්නේ ?ඒකනේ කියන්නේ හඳ පෑව්වම තමයි සිංහයාද නරියාද කියලා පේන්නේ

:       0       0

නාම්ඹා Tuesday, 27 August 2024 09:37 PM

ඉංග්‍රීසි පුළුවන්ද?

:       0       1

Nandasena Wednesday, 28 August 2024 03:27 AM

මහලේකම් උතුමාණෝ අහලා නැද්ද හවුලේ කැඳත් එපා කියලා. එහෙම අහලා තියෙනවා නම් ඔහොම කියන්නේ නැහැ... එක් කෙනෙක් හදපු කැඳහැලිය තවත් කෙනෙක් හදන්න ගියාම බොන්න බැරිවෙනවාතුමෝ... කොහොම වුණත් එජාපය විනාශ කිරීමේ කටයුත්තට ඔබතුමාගේ දායකත්වය එජාප විරෝධීන් හැටියට අපි ඉහළින්ම අගය කරනවා...

:       0       2

ත්‍රස්ත මාර්ෂල් Wednesday, 28 August 2024 07:50 AM

දුෂිතයන් එක්ක එකතු වෙලා රට කන්න යන විදියට .

:       0       1

සුනන්දා Wednesday, 28 August 2024 05:48 PM

ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුණා කිව්වාට ආඬි හත් දෙනාගේ කැඳ හැලිය ගැන අහලා නැද්දෝ කියලා හිතෙනවා. නැත්නම් ඉතින් අනුන්ගේ කැඳ හැලිය රෙපෙයාර් කරන්න යන්නේ නැහැනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site