ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (එජාප) මෙවර අයවැයේ රජයේ ආදායම රුපියල් කෝටි 11000යි. වියදම රුපියල් කෝටි 220000. ඒ අනුව වියදම ආදායමට වඩා දෙගුණයකින් වැඩිවෙලා. මෙම වියදමින් සියයට 50ක් පියවීම සඳහා ණය ගැනීමට සිදුව තිබෙනවා. මේ විදියට මේ රට ආශ්චර්යය කරන්නේ කොහොමද කියල අප දන්නේ නැහැ. අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා අපේ ජනාධිපති ජාත්‍යන්තරය සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන තිබෙනවා. මිත‍්‍ර රටවල් අපට සහාය දෙන්නේ ඒ නිසයි. රටක ආර්ථිකය ගමන් කරන්නේ කරුණු දෙකක් මතයි. එකක් දේශපාලන ස්ථාවරත්වය අනෙක නිදහස් සාමකාමී පරිසරය. මැද පෙරදිග දේශපාලන ස්ථාවරත්වයක් තිබෙනවද? නමුත් අපේ රටේ මේ කරුණු දෙකම තිබෙනවා. අපි ජනතාවට සහන දී තිබෙනවා. විපක්ෂයේ කවදාවත් අපි කරන හොඳ දකින්නේ නැහැ. කරු ජයසූරිය මහතා (එජාප) මා අයවැය ලේඛනය හෙළා දැකීමටවත් ඊට එක හෙළා විරුද්ධවීමටවත් බලාපොරොත්තු වන්නේ නැහැ. එහෙම දේශපාලන කුහකත්වයක් අපට නැහැ. නමුත් යුද්ධය අවසන්වී සාමය ඇතිකර ඇති නිසා මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් මේ අයවැයෙන් තමන්ට ලැබේවි යැයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ අයවැයෙන් වැඩෙන්න දෙන්නේ එක පැලැන්තියකට පමණක් නොවෙයි. සෑම දෙනාටම ඒ අවස්ථාවදී තිබෙනවා. ඒ පිළිබඳව විපක්ෂය සතුටු විය යුතුයි. මේ අයවැයට එරෙහිව විපක්ෂයට එල්ලෙන්න කිසිම දෙයක් නැහැ. උතුරු නැගෙනහිර ඇතුළු සෑම පළාතකටම එහි ජනතාවට මේ අයවැයෙන් සහනය සහ සංවර්ධනය දී තිබෙනවා. ඒ අනුව අප කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ. සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතා (දෙජාස) දෙමළ විමුක්ති කොටි මර්ධනය කළ ආකාරයෙන්ම අයවැය ගැන විපක්ෂයේ මතය ඉදිරිපත් කිරීමට ඉඩ නොදීමට ආණ්ඩුව කටයුතු කරන බව පෙනෙනවා. වෙනත් කටයුතු කෙසේ වෙතත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඇතිවී තිබෙන හමුදාකරණය සඳහා නම් මේ අයවැයෙන් දිරිදී තිබෙනවා. සුළු ජාතීන් සඳහා ගෙන තිබෙන කි‍්‍රයා මාර්ග මොනවාද පාලම් හදනවා අරවා හදනවා මේවා හදනවා කියල සුළු ජාතීන්ගේ ප‍්‍රශ්නය යටපත් කරන්න හදන්න එපා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අයවැය ගුණදොස්
සජිත් Friday, 25 November 2011 03:59 AM
කරු මහත්තයා කියපු කතාව ඇත්ත තමා