(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාතේ මහනගර ප්‍රදේශයන් හි අයාලේ යන ගවයින් මෙම මස 15 වැනිදාට පෙර ඉවත් කර නොගත හොත් එම හිමිකරුවන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ගවයින් නිදැල්ලේ හැසිරීම, මහමග ලැග සිටීම, ජනතාවට හා ව්‍යාපාරිකයන්ට පීඩාවක් මෙන්ම මාර්ග තදබදයට හේතුවක් ද බව කී අමාත්‍යවරයා නගර විධිමත්කරණය යටතේ අයාලේ යන ගවයින් අල්ලා ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇති ගව අනාථාගාරයට යොමු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද පැවසීය.
එබැවින් ගව හිමියන්ට තම ගවයින් පාලනය කළ නොහැකි නම් අමාත්‍යාංශය වෙත ලබාදිය හැකි බව ද අමාත්‍යවරයා කීවේය. බස්නාහිර පළාතේ මහනගර ප්‍රදේශයන් හි ලියාපදිංචි කළ හා නොකළ ගවයින් 687 ක් සිටින බව ද ඇමැතිවරයා ස`දහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට විරුද්දව ගව හිමියන් සහ සංඝරත්නය උද්ඝෝෂණයක් කිරීමට ඉඩ ඇත. යහපාලනය ගවයින්ගෙන් පළිගන්නවා කියලා....
සියල්ල අත් හරින්න. මග පල ලබාගැනීමේ ආශාවත් අත් හරින්න. එවිට පමණක් ඔබට සියල්ල ලැබේවි.
තමුන්ගේ රැහේ කෙනෙකුට කියන්නේ නිකන් නෙමේනේ...
අලින්ගේ වාසභූමි මිනිස්සු එළිපෙහෙලි කරලා මිනිස් වාසභූමි බවට පත්කරගෙන ඊටපස්සේ අලි ගම්වදිනවා කියලා උන්ව මරනවා. හරක්, එළුවො ලැගපු වෙල්ඉපනැලි, ලඳුකැලෑ ගොඩ කරලා, කට්ටි කරලා ඉඩම් බවට පත්කරලා, විකුණලා ඒවා ජනාවාස බවට පත්වුණාට පස්සේ නිජබිම අහිමි වෙලා නිසා උන් අයාලේ ගියාම.. හරක්වත්, උන්ගේ අයිතිකාරයෝවත් නෙමේ වැරදි... පාලකයොයි.
බොහොම හොඳ තීරණයක් ඇමතිතුමෝ!. ඒ වගේම මේ රට පුරා අයාලේ යන බල්ලන්ටත් මොනවා හරි කරන්නකෝ. බල්ලන් ඇති කරන බලු හිමියන්ගෙන් වාර්ෂිකව බද්දක් ලබා ගැනීමට පියවර ගැනීම සුදුසුයි. මම ඉන්න වැයික්කියේ - කළුතර - කිට්ටුව, සමහර පින්වතුන් බලු පැටවුන්ව හදන්න ගෙදර ගෙනල්ලා මුලදී `මයි ඩාලින්` කියා කියා වඩාගන හුරතල් කරනවා. කලකට පස්සේ එකා ලොකු වුණාම කන්න නොදී ගෙදරින් එලවනවා. ඊට පස්සේ ඒකා මහපාරේ බලු රංචුවට එකතු වෙනවා. පාන්දර ජාමේ ගේ ඉස්සරහ පිටට ඇවිල්ල ජරා කරලා, ඒ මදිවට උඩුබුරන්න පටන් ගත්තම.... සත්ව කරුණාව අමතක කරලා පොල්ලක් අරන් තඩි බාන්න හිතෙනවා ...
ඔය දියවන්නාවේ ඉන්න අයත් තැන් තැන්වල අයාලේ යන්න දෙන්නේ නැතුව නිසි මාර්ගයක යමින් රටට වැඩ දායක විදිහට තීන්දු තීරණ ගන්න ක්‍රමයකුත් ඇතිකරන්න.
සරලවම කියනවා නම් මේක හොඳම තීරණයක්. හැබැයි බස්නාහිර විතරක් නෙමෙයි මුළු ලංකාවේම අයාලේ යන හරක් සම්බන්දෙන් හිමිකරුවන්ට එරෙහිව ක්‍රියා කරන්න ඕනේ. මොකද බස්නාහිර විතරක් නෙමෙයි මිනිස්සු ඉන්නේ. මුළු ලංකාවේම ඉන්නේ මිනිස්සු. ඒ වගේම තමයි බලු උවදුර. මම කියන්නේ බල්ලෝ මරන්න නෙමෙයි. ඒවාට හොඳ විසඳුම් තියෙනවා මරන්නේ නැතුව වඳ බෙහෙත් ගහන්නේ නැතුව කරන විධි....
ඔන්න ඔන්න ඉන්දියාව තරහා කරගන්න හදනවා... කියල විතරක් මදි. මේ නීතිය අද, හෙටම ක්‍රියාත්මක කරනු මැනවි.
ඇමතිතුමනි, ඔබට අයාලේ යන ගවයන් තමයි ප්‍රශ්නෙට තිබෙන්නේ. ෆුල් හෙල්මට් මංකොල්ලකරුවන් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අයගෙන් ව්‍යාපාරිකයන්ට හා මහජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඉතා හොඳයි. මීගමුව හා කදිරාන අවට ප්‍රදේශවල පාරේ යන්න බෑ.. සතුන් අයාලේ යනවා. ඒ සත්තු වාහනවලට හැප්පෙනවා. හරක් අයිතිකාරයෝ හරක්ට අන්තයි. මේ නිසා මේ ප්‍රදේශයේ වාහන අනතුරු රැසක් වෙලා තියෙනවා.
ගවයන්ට කලින් ඔබතුමාත් අයත් වන අපි ඡන්දෙ දුන්නු ආණ්ඩුව ගැන බලන්න..
මෙය ඉතාමත් හොඳ තීරණයක්. මීට පිළියමක් හැටියට අයාලේ යන හරක් අල්වා, රජයේ ගොවිපලකට ගෙන ගොස් දමන්න. හිමිකරුවන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම ප්‍රයෝගික නොවේ.
කිය කියා ඉන්න ඕනෙ නැහැනේ. අයින් කළානම් ඉවරයිනේ... ඕවට නීති තියනවනේ...
ප්‍රතිපත්තියක් නැති දේශපාලකයනුත් හරියට අයාලේ යන ගවයන් වගෙයි නේද? ඒ අයටත් මොනවා හරි කරන්නකෝ.
මෙය ඉතාමත් හොඳ වෙනස් කිරීමක්...
එතකොට කවුද ඔතන ඉතිරිවෙන්නේ? නිකන් සිරිසඟබෝ වෙන්න එපා.
හරි තමයි එතකොට දියවන්නා වේ ඉන්න කට්ටියට මොකද කරන්නේ?
"අයාලේ යන ගවයින් ඉවත්කර ගන්නැයි ඇමැති පාඨලී කියයි" එකනේ දෙවියනේ අපි ඡන්දයක් ඉල්ලන්නේ...
ඔව්. ඔය හරක් ටික ලඟදීම ගාල් කරලා දාන්න ජනතාවනි. රටට කරන විනාශය වලක්වන්න.
එතකොට රට පාලනය කරන්නේ කවුද?
මාස 6 න් කුණුකන්ද අයින්කරනවා කියල සිල්බිඳගත්තු වැඩ බැරි ටාසන් කිව්වලු, දැන් මාස කීයද?
"ගව හිමියන්ට තම ගවයින් පාලනය කළ නොහැකි නම් අමාත්‍යාංශය වෙත " ඒ කියන්නේ ජනතාවට පාලනය කරගන්න බැරි හරක් අමාත්‍යංශ වලට පත් කරගන්න වැඩ පිළිවෙලක්ද? ඕක ඉතින් අලුත් දෙයක් නොවෙයිනේ. ඔය විධියට පාලනය කරගන්න බැරි "මී හරක්" කොපමණ ප්‍රමාණයක් දියවන්නා ඔයේ මඩ නාමින් එකිනෙකා අං පටලවා ගන්න වාද?