විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ටෙස්ට් තත්ත්වය නොලැබූ රටක් වන අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත් ජය ලැබීමට සමත්විය. කොළඹ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගයේදී අයර්ලන්තය ලකුණු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් විය. අයර්ලන්තය පළමු පුහුණු තරගයේදී සිම්බාබ්වේ පරාජය කළේය. අයර්ලන්තය ඕවර 20 කදී කඩුලූ 6 ට 164 (පෝල් ස්ටිලින් 71, එඞ් ජෝයි 39, මෂ්රාෆි මොර්ටාෂා 33/2, ශකීබ් අල් හසන් 21/2) බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලූ 6 ට 159 (තමීම් ඉක්බාල් 35, ශකීබ් අල් හසන් 52, ෂියුර් රහමන් 26, කෙවින් ඕබ‍්‍රයන් 24/3)