විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉතිරිපත්ව ජයග‍්‍රහණය කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සොහොයුරියන් හය දෙනෙකි. ඉන් තිනෙනෙකුම ගම්පහ වැලිවේරිය ප‍්‍රදේශයේ සාමාන්‍ය ජීවිත ගත කරති. ඔවුහු තම සොහොයුරාගේ ජයග‍්‍රහණය පිළිබඳව මෙසේ පවසති.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමල් සොහොයුරිය වන පල්ලෙවත්ත ගමරාලලාගේ ලලිතා පද්මිණී මහත්මිය
‘‘ මෙය මගේ අයියා නින්දා අපහාස, දුක් කම්කටොලූ මැද ලබා ගත් ජයග‍්‍රහණයක්. නමුත් උඩ ඉන්න දෙවිවරු පවා ඔහුට ආශිර්වාද කළා.
මගේ අයියා ගැන මට වැඩිය දන්න කෙනෙක් නැහැ. ඔහු ඉතා පිරිසිදු චරිතයක්. ආදර්ශමත් සහෝදරයෙක්්. අපි එකොලොස් දෙනාව ඔහු හොඳින් හදා ගත්තා. ඔහු අවුරුදු හතලිස් ගානක් දේශපාලනය කළත් අපි ඔහුගෙන් ලබා ගත් දෙයක් නැහැ. ඉදිරියටත් අපි ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තුවන එකම දේ අපේ රටේ අසරණ වු ජනාතාවට පිහිටවීමයි.
සාමාන්‍ය ගොවි පවුලක දරුවෙක් තාඩන පීඩන වලට ගොදුරු වෙලා අවුරුදු හතලිස් ගාණක් දේශපාලනය කරලා අවුරුදු දෙකක් හිරබත් කාලා පහලම තැනින් පටන් අරන් රටේ පළවෙනි පුරවැසියා බවට පත්වීම සැමට ආදර්ශයක්.
ඔහු ධර්මානුකූලව, අවිහිංසාවාදීව මහජන දුක සොයමින් යහපත් ගමනක් ගිය කෙනෙක්. මේ ජයග‍්‍රහණය ගැන අපිට ලොකු සතුටත් ඇතිවෙනවා. ඔහු ජනතානගේ දුක නිමාවි.
ඡන්ද ප‍්‍රථිඵල අහනකොට මට හිතුනා මගේ අයියි එක දවසකට හරි මේ රටේ රජවෙනවා නම් කියා.
ඔහුගේ ජය‍්‍රහණය වෙනුවෙන් සාමුහික ගමන් ආ සියලූ දෙනාටම මම ස්තුති වන්ත වෙනවා''
සුනන්දා සිරිසේන මහත්මිය පවුලේ 4 වෙනි සොහොයුරියයි. ඇය පවසන්නේ
‘‘රජ රටින් මේ රටේ ජනාධිපති උන මගේ අයියා පුංචි කාලෙ ඉදන් අයුක්තියට එරෙහිව සටන් කළ පුංචි මනුස්සයෙක්.
පොඩි මිනිසුන්ගේ දුුක හඳුනන එවන් මිනිසෙක් රටේ ජනාධිපතිවීම මා දකින්නේ මුලූ මහත් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජයග‍්‍රහණයක් ලෙසයිි.‘‘
සරෝජා සිරිසේන මහත්මිය පවුලේ පස්වන සොහොයුරියයි.
ඇය තම සොහොයුරාගේ ජයග‍්‍රහණය පිළිබඳව පවසන්නේ මෙවන් දෙයකි.
‘‘ අයියා අපේ පවුලට සම්පතක් වගේම රටටත් සම්පතක්. ඔහු අපිට ආදරය කලා සේම රටවැසියන්ටත් ආදරය කළා.
ඔහු අවංකයි, එඩිතරයි. මේ ජයග‍්‍රහණය ලබා ගත්තේ ඔහුගේ ඒ අවංක කම නිසා බව නිසැකවම කියන්න පුලූවන්.
රටේ මුල් පුරවැසියා ලෙස අයියා අද පත් උනත් අපේ කම අපිට කියා දීපු ඔහු එදා වගේම හෙටත් අපිට ඉදීවි.
අයියට මම සුභ පතනවා.
ඒ වගේම ඔහුගේ අවංක කම හඳුනාගෙන ඔහුව විශ්වාස කරලා ඔහු වටා පෙල ගැසුනු ජනතාවටත් මම ගොඩක් සිතුති වන්ත වෙනවා''
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දිනු බලවතාණෙනි ඔබට සුබ පතමි . අප බලාපොරොත්තු වු යහපාලන නායකයා ඔබයි .ඔබට රට ජාතිය බාරයි (දිල්)
"ඔහු අවුරුදු හතලිස් ගානක් දේශපාලනය කළත් අපි ඔහුගෙන් ලබා ගත් දෙයක් නැහැ. ඉදිරියටත් අපි ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තුවන එකම දේ අපේ රටේ අසරණ වු ජනාතාවට පිහිටවීමයි"........... එහෙම කථාවක් ඇසීමත් හරිම සතුටක්.... සැබැවින්ම විය යුත්තේද එයයි... මෛත්‍රීපාල සිරිසේන යනු, රටේ මහජනයාට අයිති මුදලින්... එක සතයකදු, තම,පවුල් වල හෝ.. හිතවතුන්ට දී.... එවැනි මහ සහගහන අපරාද නොකරන්නෙක් බව.., අප දැඩි සේ විශ්වාස කරමු.... රටේ ඒකීයත්වය රැකගෙන, රටේ නීතියද සැමට පොදු වන අයුරින්, මෛත්‍රී යුගයක් උදා කරන්නට... ඔබට ශක්තිය, ධෛර්්‍යය ලැබේවා.... දේශයේ භාරකරුවාෙණනේ. (නදි)
ඔහු ලාංකික තරුණ පරපුරට ආදර්ශයක්. අප රටේ සාමාන්‍ය පවූලක දරුවෙකුට වුණත් දේශපාලනය කළ හැකි බව පෙන්නුම් කරන හොඳ ආදර්ශයක්.සුබ පැතුම්! (නි)
මහත්තයෝ, මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
අමාරුවෙන් ලබාගත් ජය තහවුරු කරමු. මුළු රටම ඔබටයි (නි)
සහෝදර සමාගමක් නම් එපා ආයෙත්. (නදී)
රටටම ආදර්ශයක්.(හේ)
එතුමත් සහෝදර සමාගමක් හදාවිද ? (නදී)
ඔය ගොල්ලෝ කොච්චර ආදර්ශමත් රටවැසියන්ද කියා අපට ඉතා හොඳින් වැටහෙනවා.ඔබේ යහපත් සහොදරයා රටේ නායකයා ලෙස පත් වීමෙන් ඔබ ලබන සතුටම ඒ උතුම් සහෝදරයාගෙන් ඔබට හිමිවන පුජනීය ත්‍යාගයක් ලෙස සලකන්න. (අ)
හොඳ නංගිලා මල්ලිලා වගේ මෛත්‍රීට යහ පාලනයක් ගෙනියන්න ඉඩ දෙමු නේද. අපට සහෝදර සමාගම එපා වෙලා. හොඳ යෝජනාවක් තියෙනවා සහෝදර ඔබ සියලු දෙනා සමාජ සුබසාදනය සඳහා සමාගමක් හදන්න. පුළුවන් තරම් පොදු වැඩ කරන්න. (අ)
අපි ඔබට අදත් හෙටත් ගරු කරනවා.(හේ)
සෙනෙහස පොදිබැඳ ගත් හඳ පත්ලෙන්ම නැගී එන නිහතමානී සහ අව්‍යාජ අදහස්. (හේ)
නියම සහෝදරයන් පිරිසක්.(හේ)
මිනිසුන්ට වෙනසක් අවශ්‍ය වුණේ.(හේ)
රටට යහපත් කාලයක් ඇවිල්ලා.(හේ)
මීටත් වඩා සාක්ෂි උවමනාද ඔහු ගැන ඔහුගේ නිහතමානිකම ගැන ?(හේ)
ලස්සන පවුල.තෙරුවන් සරණයි.(හේ)
ජයවේවා.(හේ)
මෛත්‍රී මහත්තය හොඳ මිනිහෙක්. හොඳ ගතිගුණ අද වෙනතුරු වෙනස්වෙලා නැහැ , ජනාධිපති උනහමත් වෙනස් නොවේවා කියා අපි ප්‍රර්ථනා කරනවා. (ස) .
නංගිලා ඔච්චර හිටියද. ? (ර)