මාතර පල්ලිමුල්ලේ පොලිස් ගරාජය අසළ සාදයකදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් හා මාළු වෙළෙන්දෙක් මාතර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
මහරෑ පැවති සාදය අතරතුරදී නැගුණු හූ හඬක් ගැන පොලිස් නිලධරයකු කොස්තාපල්ගෙන් කරුණු විමසූ විට ‘අයියා ඒක තොවිල් ගෙදරකින් එන්නේ. එතන ආරුඪ වී මිනිහකු හූ කියනවා.‘ යනුවෙන් උත්තර දී ඇතැයි ද, ඉන් පසු ඔහුට කිතුල් පොලු පහරක් වැදී ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසක කෙනෙකුට අයියා කියන්න ඇති. (නි)
නිල් රණා, ඔයා කියන විදියට බස් කොන්දොස්තරට අයියා කිව්වොත් කොහෙන් නතරවෙයිද දන්නෙ නැහැ. නිල් රණා මොළේ උඩද වාඩිවෙලා ඉන්නේ... (නි)
අයියා කියන්නේ කුණු හරුපයක්ද? (නි)
මේ වගේ අවස්ථා වකදී තවත් සේවකයකුට පහරදුන්න මේවගේ නිලදාරියෙකුට ගරුත්වයක් කොහෙද ඉතුරුවෙලා තියෙන්නේ. මමනම් එයාට අයියා නොවෙයි කියන්නේ.(නදී)
පොලීසියේ නිලධාරීන් ගෙන් 90% ක් ම විනයගරුක අය ඉන්නවා. පැමිණිල්ලක් විභාග කරන්න ආවත් මහත්මයා කියලා ආමන්ත්‍රණය කරනවා.රාලහාමිටත් සාජන් මහත්ය කියලා අපිත් එයා නග්ගලා තියනවා.හැබැයි,පැමිණිල්ලක් කරන්න පොලීසියට ගිහාම ඒ සැලකිලි නැහැ. ගිය මෝඩකම හියලයි හිතෙන්නේ.සාදයක වැඩක් නිසා මුදලාලිට අයියා කීම අවනම්බුවක් නම් මාතර බාසාවෙන් ඕහේ කීවා නම් හරිනේ ! (නි)
ගුටි කෑවේ පොලිසියෙන්ද? එහෙනම් හොද වැඩේ. (නි)
දෙමලෙන් කතා කලොත් අයියා, තම්බී, මචං, අක්කා කියා ආමන්ත්‍රණය කිරීම වරදක් නොවුනත් දෙමල ජාන ඇඟේ හංගගෙන සිංහලෙන් කතාකරන කොට එසේ ඇමතීම විශාල වරදක්. ආර්ය සම්භවයක් ඇති සිංහලයෝ ඥාති සම්බන්දයක් නැතුව නෑකම් කියා අමතන්නේ අපහාසයට. මේ රට දියුණු වෙන්න නම් බස් කොන්දොස්තර "අයියා" කියා මගියා අමතන තැන ඉඳන්ම සමාජයේ අනෝන්‍ය මානව සබඳතා නුතන යුගයට ගැලපෙන සේ පවත්වා ගතයුතු ආකාරයට සකස්විය යුතුයි. (නි)
ගාමිණී ඔයාට වැරදිලා. මෙතන පොලිස් නිලදාරී කෙනෙක් කොස්තාපල්ට ගහලා තියෙන්නේ. ඔහුට අවනම්බුවක් වුනා කියා. (නි)
නිල-රනා ඔයානම් මෙලෝ රහක් නැහැ අනේ . පොලිසියේ අයට විනයක් තියෙනවා පහල නිලදාරියෙක් ඉහල නිලදාරියෙකුට කතා කරන , එකට පටහැනිව යන්න බැහැ. පොල්ලෙන් ගහපු එක තමයි පරහා නැත්නම් රාජකාරි මට්ටමෙන් දඬුවමක් දුන්නනම් ඉවරයිනේ.(නදී)