මිරිහාන ජුබිලි කනුව අසල මහල් ගොඩනැගිල්ලක තිබූ තහනම් බඩු තොගයක් කන්ටේනරයකින් රැගෙන යෑමට සූදානම් බව කියමින් පොලිසියට කළ දැන්වීමක් අනුව පොලිසිය එහි ගිය බව මිරිහාන පොලිසිය පවසයි.
අලුත්ම බෆල් පෙට්ටි පිටින් එහි තිබූ බවත්, එය කන්ටේනරයට පටවන ලෙස දෙදෙනකු පැවසූ බවත්, එහෙත් ඒවා කොතැනට ගෙනියන්නේදැයි නොදන්නා බවත් රියදුරා පොලිසියට කියා ඇත.
මේ අතර ජාතික හෙළ උරුමයේ ලේකම් අතුරලියේ රථන හිමි, මුදල් ඇමැති රවී කරුණානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහත්වරු ද එහි ආහ.
ඔවුන් පැවසුවේ මෙම ගොඩනැගිල්ලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියකු සිටි බවයි. එහි තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු උපකරණ ද, මහින්ද රජපක්ෂ ජනපතිගේ රුව සහිත සීඩී තැඩි තොගයක් ද තිබූ බවයි.
පසුගිය ජනපතිවරණ සමයේ මෙම භාණ්ඩ පාවිච්චියට ගැනීම සඳහා ගබඩා කර තබන්නට ඇතැයි කියති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසනුයේ එම භාණ්ඩ කාගේද, ලැබුණේ කොහෙන් ද යන්න ගැන පරීක්ෂණ පවත්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි හයර් එකක් යන්න අාවා ලොරි රියදුරු, අවසානයේ වැරදි කරු. මෝරු පැනල ගිහින්. (බ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මම හිතුවා කොටින්ගේ ආයුධ ගබඩාවක් අල්ලාගෙන කියලා.(හේ)
හොද වාදක. රන්ජන් රාමනායක නිර්බිත නායකයෙක්. (බ)
ඔය හම්බවෙන්නේ එකින් එක දැන්.(හේ)
බෆල් එකක් දෙකක් අල්ලලා වැඩක් නැහැ. කෝටි ගණන් මුදල් සහ දේපල වංචාකල අය පිටරට යනවා. ඒවා අල්ලන්න බැහැ. මේ සුළු දේවල් වලට කාලය නාස්ති කරනවා. කලින් කලෙත් ඔය ටිකම තමා. කුඩු කිලෝ ගණන් ගේන අය නිදැල්ලේ ඉන්නකොට ග්‍රෑම් ගණනින් විකුණන අය කුඩුවට දානවා. කොයි ආණ්ඩුවත් ලොකු හොරුන්ට බයයි. (නදී)
රෝයි මහත්තයෝ, ඔබතුමා කොහොමද කියන්නේ මේවා සුළු දේවල් කියලා. (නදී)
ප්‍රචාරණ කටයතු සඳහා භාණ්ඩ තබා ගැනීම ලොකු වරදක්ද? දන්නේ නැති නිසා අහන්නේ. (නදී)
මගේ ගෙදර තියෙන බෆල් දෙකයි ඈම්ප් එකයි ගැනත් පොලිසියට කියන්න වෙයි ද ? (නදී)
රංජන් රාමනායක මහත්තයෝ, ඔයා රටට වටිනා මනුස්සයෙක්, ඒ නිසා ප්‍රවේසම් වන්න. (ර)
මේ වගේ හොර වැඩ කරපු දුෂිතයන්ට දෙන්න පුළුවන් ඉහලම දඩුවම දිය යුතුයි. අපහු මේ වගේ වැඩ නොකරන්න. (ර)
දින 100 මේ දේවල් වලටම යයි වගේ.(හේ)