IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අයිතිකරුවකු නැති භාණ්ඩ තොගයක් ජුබිලි කනුව ළඟින් පොලිසියට?

මිරිහාන ජුබිලි කනුව අසල මහල් ගොඩනැගිල්ලක තිබූ තහනම් බඩු තොගයක් කන්ටේනරයකින් රැගෙන යෑමට සූදානම් බව කියමින් පොලිසියට කළ දැන්වීමක් අනුව පොලිසිය එහි ගිය බව මිරිහාන පොලිසිය පවසයි.

අලුත්ම බෆල් පෙට්ටි පිටින් එහි තිබූ බවත්, එය කන්ටේනරයට පටවන ලෙස දෙදෙනකු පැවසූ බවත්, එහෙත් ඒවා කොතැනට ගෙනියන්නේදැයි නොදන්නා බවත් රියදුරා පොලිසියට කියා ඇත.

මේ අතර ජාතික හෙළ උරුමයේ ලේකම් අතුරලියේ රථන හිමි, මුදල් ඇමැති රවී කරුණානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහත්වරු ද එහි ආහ.

ඔවුන් පැවසුවේ මෙම ගොඩනැගිල්ලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියකු සිටි බවයි. එහි තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු උපකරණ ද, මහින්ද රජපක්ෂ ජනපතිගේ රුව සහිත සීඩී තැඩි තොගයක් ද තිබූ බවයි.

පසුගිය ජනපතිවරණ සමයේ මෙම භාණ්ඩ පාවිච්චියට ගැනීම සඳහා ගබඩා කර තබන්නට ඇතැයි කියති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසනුයේ එම භාණ්ඩ කාගේද, ලැබුණේ කොහෙන් ද යන්න ගැන පරීක්ෂණ පවත්වන බවයි.

 

 



අදහස් (0)

අයිතිකරුවකු නැති භාණ්ඩ තොගයක් ජුබිලි කනුව ළඟින් පොලිසියට?

රසික Thursday, 15 January 2015 09:49 AM

මදැයි හයර් එකක් යන්න අාවා ලොරි රියදුරු, අවසානයේ වැරදි කරු. මෝරු පැනල ගිහින්. (බ)

:       0       0

බිහාර Thursday, 15 January 2015 02:23 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ටී ජී ලියනගේ Thursday, 15 January 2015 10:00 AM

මම හිතුවා කොටින්ගේ ආයුධ ගබඩාවක් අල්ලාගෙන කියලා.(හේ)

:       0       0

රෝහන්ත Thursday, 15 January 2015 10:25 AM

හොද වාදක. රන්ජන් රාමනායක නිර්බිත නායකයෙක්. (බ)

:       0       0

රෝයි Thursday, 15 January 2015 11:00 AM

ඔය හම්බවෙන්නේ එකින් එක දැන්.(හේ)

:       0       0

රෝයි Thursday, 15 January 2015 11:07 AM

බෆල් එකක් දෙකක් අල්ලලා වැඩක් නැහැ. කෝටි ගණන් මුදල් සහ දේපල වංචාකල අය පිටරට යනවා. ඒවා අල්ලන්න බැහැ. මේ සුළු දේවල් වලට කාලය නාස්ති කරනවා. කලින් කලෙත් ඔය ටිකම තමා. කුඩු කිලෝ ගණන් ගේන අය නිදැල්ලේ ඉන්නකොට ග්‍රෑම් ගණනින් විකුණන අය කුඩුවට දානවා. කොයි ආණ්ඩුවත් ලොකු හොරුන්ට බයයි. (නදී)

:       0       0

සමන්ජය Thursday, 15 January 2015 11:34 AM

රෝයි මහත්තයෝ, ඔබතුමා කොහොමද කියන්නේ මේවා සුළු දේවල් කියලා. (නදී)

:       0       0

රවී Thursday, 15 January 2015 10:45 PM

ප්‍රචාරණ කටයතු සඳහා භාණ්ඩ තබා ගැනීම ලොකු වරදක්ද? දන්නේ නැති නිසා අහන්නේ. (නදී)

:       0       0

රොබින් Friday, 16 January 2015 12:34 AM

මගේ ගෙදර තියෙන බෆල් දෙකයි ඈම්ප් එකයි ගැනත් පොලිසියට කියන්න වෙයි ද ? (නදී)

:       0       0

කුමාර් Thursday, 15 January 2015 08:26 AM

රංජන් රාමනායක මහත්තයෝ, ඔයා රටට වටිනා මනුස්සයෙක්, ඒ නිසා ප්‍රවේසම් වන්න. (ර)

:       0       0

බාලසුරිය Thursday, 15 January 2015 08:45 AM

මේ වගේ හොර වැඩ කරපු දුෂිතයන්ට දෙන්න පුළුවන් ඉහලම දඩුවම දිය යුතුයි. අපහු මේ වගේ වැඩ නොකරන්න. (ර)

:       0       0

චන්දන පුෂ්පකුමාර Thursday, 15 January 2015 09:22 AM

දින 100 මේ දේවල් වලටම යයි වගේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site