මෙවර අයවැයෙන් ජනතාවට පොරොන්දු වූ සහන දීම අභියෝගයක් බව මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර කියයි. ගෝලීය ආර්ථීක අර්බුදයත් විදුලි බල ජනනයට අධික පිරිවැයක් දරන්නට සිදුවීමත් මීට හේතු වී ඇති බව හෙතෙම පවසයි. ශී්‍ර ලංකාවේ විදුලි බල ජනනයට ජල විදුලිය පමණක් ප්‍රමාණවත් නොවන බව පසුගිය කාලයේ පැවැති වැසි රහිත කාලගුණය හමුවේ පැහැදිලි විය. බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවූයේ වියදම් අධික තාප බලාගාර වලිනි. කලාපයේ ආර්ථීක දැවැන්තයින් වන ඉන්දියාවට හා චීනයට ද විදුලි බල ජනනයට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති නිසා ආර්ථීක වශයෙන් පල්ලම් බැසීමට සිදුව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. විකල්ප බලශක්ති ප්‍රභව හදුන්වාදීමේ වැදගත්කම ආචාර්ය ජයසුන්දර අවධාරණය කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මිනිස්සු බලාගෙන හිටියා. ඒත් අය වැයෙන් කවදාද සහන ලැබුනේ? (නි)
ඔය කට්ටිය නඩත්තු කරන එකත් අභියෝගයක් තමයි. (නි)
ඉන්දියාවයි චීනයයි කියන්නේ රටවල්ද? මොනවට දුක් විදින්න මින්ස්සු ඒ රටවල ඉන්නවද?
ගෝලීය ආර්ථීක අර්බුදයක් තිබෙන බව ඇත්ත. ඒත් ලංකාවේ ප්‍රශ්න වලට මුල ඒවාට වඩා නාස්තිය, දුෂණ, වංචාව සහ ප්‍රතිපත්තියක් නැතුව වැඩ කිරීමේ විපාක. රාජ්‍ය අංශය සහ මැති ඇමති කණ්ඩායම රටේ ආර්ථිකයට එකතු කරන ප්‍රමාණය බලන්න. ඒ මදිවට වර්ජන වලින් ඇතිවෙන නාස්තිය සහ ප්‍රයෝජනයක් නැතිවත් වැඩි කරමින් යන හමුදා වියදම් බලන්න. මේවා කියලි ඉවර කරන්න බැහැ. (නි)
විකල්පයක් ලෙස සූර්‍ය ශක්තිය (ස)
මේ පාර නම් හුස්ම ගන්නත් බද්දක් දායි වගේ (නි)
ආපස්සට යන්න වගෙයි අපිට සිදුවෙලා තියෙන්නේ (නි)
රජය අභියෝග වලට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනෑ (නි).
මැති ඇමතිවරුන්ගේ සහන සහ පහසුකම් කපලා හරි මහජනතාවට අර කියන පොරොන්දු වූ සහන ටික ඉටුකරන්න (ස)
ඔවු ඔවු. පෙරෙයිදත් දුන්නේ ලොකු සහනයක් කුකුල් මස් වලටයි, සිමෙන්ති වලටයි. (නි)
අපොයි ඔව්......මේකනේ රට....(ස)
කවදාද දුන් පොරොන්දු ඉටුකළේ? (නි)
මහත්තයෝ, අපි දැන් දන්නවා අනිවාර්යයෙන්ම වෙන්නේ මොකක්ද කියලා. (නි)
ගෝලීය ආර්ථිකය සමග ගැටලු විසදන්න බැරි නම් රජයක් මොකටද? (නි)
ඔය ප්‍රශ්නය ලේසියෙන් විසදෙනවා තව ඇමතිවරු ටිකක් පත්කරලා නාස්තිය දූෂණය වැඩි කරානම් (ස)
අය වැය කවදද අසරණ දුප්පත් මිනිහට සහන දුන්නේ (ස)
ඔහොම යනකොට වෙලාවක ඔක්කොම හෝදාගන යයි. (නි)
කහවල, බඩුමිළ වැඩිවෙන්නේ වෙනම ගැසට් වලින්නේ. (නි)
ඒ කියන්නේ බඩුමිළ වැඩිවෙන්නේ නැහැ නේද? (නි)
ආණ්ඩුව මිහින් ලංතා වැනි බොරු සෝබන ව්‍යාපාර නතර කළ කම් හරි.(නදී)
මේවා මහජන මුදල්... (නි)
සහන කෙසේවෙතත් මහජනතාවට තවත් බර පටවන්නේ නැතුව හිටියොත් ලොකු දෙයක්. (නි)
අභියෝගයක් නොවෙන වැඩ ටිකක් කියන්නම්... 1. රගර් ටූනමන්ට් වලට විදේශ වලින් කෝටි ගණන් ගෙවා නිළියන් ගෙන්වා නැටවීම. 2. අයිෆා වැනි අත්‍යවශ්‍ය උත්සව වලට වෙන කොහෙවත් යන්න නොදී මේ රටටම ගෙන්වා ගැනීම. 3. නෙලුම් පොකුණු හා කුළුණු ණයවී හෝ ඉදි කිරීම. 4. පාරවල් වසා කාර් රේස් පැවැත්වීම, මුහුද ගොඩ කර රේස් පිටි තැනීම. 5. ජිනීවා වැනි විදෙස් සවාරි වලට වැඩක් ඇතත් නැතත් නිලදාරීන් සිය ගණන් යැවීම. 6. පාඩු ලබන ගුවන් සේවා වලට තවත් එයාර්බස් යානා ගෙන්වීම. 7. යුද්ධය ඉවර බැවින් තවත් ආරක්ෂක වියදම් වැඩි කිරීම. 8. වසර හයකට සැරයක් පැවැත්විය යුතු ඡන්ද වසර තුනකට වරක් පැවැත්වීම. (නි)