IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘අය වැය සහන දීම අභියෝගයක්‘

මෙවර අයවැයෙන් ජනතාවට පොරොන්දු වූ සහන  දීම අභියෝගයක් බව මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර කියයි. ගෝලීය ආර්ථීක අර්බුදයත් විදුලි බල ජනනයට අධික පිරිවැයක් දරන්නට සිදුවීමත් මීට හේතු වී ඇති බව හෙතෙම පවසයි. ශී්‍ර ලංකාවේ විදුලි බල ජනනයට ජල විදුලිය පමණක් ප්‍රමාණවත් නොවන බව පසුගිය කාලයේ පැවැති වැසි රහිත කාලගුණය හමුවේ පැහැදිලි විය. බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවූයේ වියදම් අධික තාප බලාගාර වලිනි. කලාපයේ ආර්ථීක දැවැන්තයින් වන ඉන්දියාවට හා චීනයට ද විදුලි බල ජනනයට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති නිසා ආර්ථීක වශයෙන් පල්ලම් බැසීමට සිදුව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. විකල්ප බලශක්ති ප්‍රභව හදුන්වාදීමේ වැදගත්කම ආචාර්ය ජයසුන්දර අවධාරණය කරයි.



අදහස් (0)

‘අය වැය සහන දීම අභියෝගයක්‘

සරත් Sunday, 14 October 2012 08:36 PM

හැමදාම මිනිස්සු බලාගෙන හිටියා. ඒත් අය වැයෙන් කවදාද සහන ලැබුනේ? (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 14 October 2012 12:44 PM

ඔය කට්ටිය නඩත්තු කරන එකත් අභියෝගයක් තමයි. (නි)

:       0       0

සෝමාලි හේමචන්ද්‍ර Sunday, 14 October 2012 01:08 PM

ඉන්දියාවයි චීනයයි කියන්නේ රටවල්ද? මොනවට දුක් විදින්න මින්ස්සු ඒ රටවල ඉන්නවද?

:       0       0

ලුම්බිණි Sunday, 14 October 2012 01:38 PM

ගෝලීය ආර්ථීක අර්බුදයක් තිබෙන බව ඇත්ත. ඒත් ලංකාවේ ප්‍රශ්න වලට මුල ඒවාට වඩා නාස්තිය, දුෂණ, වංචාව සහ ප්‍රතිපත්තියක් නැතුව වැඩ කිරීමේ විපාක. රාජ්‍ය අංශය සහ මැති ඇමති කණ්ඩායම රටේ ආර්ථිකයට එකතු කරන ප්‍රමාණය බලන්න. ඒ මදිවට වර්ජන වලින් ඇතිවෙන නාස්තිය සහ ප්‍රයෝජනයක් නැතිවත් වැඩි කරමින් යන හමුදා වියදම් බලන්න. මේවා කියලි ඉවර කරන්න බැහැ. (නි)

:       0       0

ගුණරත්න Sunday, 14 October 2012 01:33 PM

විකල්පයක් ලෙස සූර්‍ය ශක්තිය (ස)

:       0       0

නිරාන් Sunday, 14 October 2012 01:43 PM

මේ පාර නම් හුස්ම ගන්නත් බද්දක් දායි වගේ (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 14 October 2012 01:53 PM

ආපස්සට යන්න වගෙයි අපිට සිදුවෙලා තියෙන්නේ (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 October 2012 02:05 PM

රජය අභියෝග වලට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනෑ (නි).

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Sunday, 14 October 2012 02:35 PM

මැති ඇමතිවරුන්ගේ සහන සහ පහසුකම් කපලා හරි මහජනතාවට අර කියන පොරොන්දු වූ සහන ටික ඉටුකරන්න (ස)

:       0       0

වරුණ Monday, 15 October 2012 08:06 AM

ඔවු ඔවු. පෙරෙයිදත් දුන්නේ ලොකු සහනයක් කුකුල් මස් වලටයි, සිමෙන්ති වලටයි. (නි)

:       0       0

රුවන් Sunday, 14 October 2012 03:36 PM

අපොයි ඔව්......මේකනේ රට....(ස)

:       0       0

අශාන් Sunday, 14 October 2012 03:46 PM

කවදාද දුන් පොරොන්දු ඉටුකළේ? (නි)

:       0       0

දේවා Sunday, 14 October 2012 03:45 PM

මහත්තයෝ, අපි දැන් දන්නවා අනි‍වාර්යයෙන්ම වෙන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

නිවුටන් Monday, 15 October 2012 09:55 AM

ගෝලීය ආර්ථිකය සමග ගැටලු විසදන්න බැරි නම් රජයක් මොකටද? (නි)

:       0       0

රජිත් Sunday, 14 October 2012 04:09 PM

ඔය ප්‍රශ්නය ලේසියෙන් විසදෙනවා තව ඇමතිවරු ටිකක් පත්කරලා නාස්තිය දූෂණය වැඩි කරානම් (ස)

:       0       0

ගයා Sunday, 14 October 2012 04:55 PM

අය වැය කවදද අසරණ දුප්පත් මිනිහට සහන දුන්නේ (ස)

:       0       0

රාජා Sunday, 14 October 2012 04:58 PM

ඔහොම යනකොට වෙලාවක ඔක්කොම හෝදාගන යයි. (නි)

:       0       0

මනුජ Monday, 15 October 2012 10:38 AM

කහවල, බඩුමිළ වැඩිවෙන්නේ වෙනම ගැසට් වලින්නේ. (නි)

:       0       0

කහවල Sunday, 14 October 2012 05:02 PM

ඒ කියන්නේ බඩුමිළ වැඩිවෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

දි සිල්වා Sunday, 14 October 2012 05:05 PM

ආණ්ඩුව මිහින් ලංතා වැනි බොරු සෝබන ව්‍යාපාර නතර කළ කම් හරි.(නදී)

:       0       0

මාටින් Monday, 15 October 2012 11:00 AM

මේවා මහජන මුදල්... (නි)

:       0       0

බන්දුල Sunday, 14 October 2012 06:16 PM

සහන කෙසේවෙතත් මහජනතාවට තවත් බර පටවන්නේ නැතුව හිටියොත් ලොකු දෙයක්. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 15 October 2012 03:55 PM

අභියෝගයක් නොවෙන වැඩ ටිකක් කියන්නම්... 1. රගර් ටූනමන්ට් වලට විදේශ වලින් කෝටි ගණන් ගෙවා නිළියන් ගෙන්වා නැටවීම. 2. අයිෆා වැනි අත්‍යවශ්‍ය උත්සව වලට වෙන කොහෙවත් යන්න නොදී මේ රටටම ගෙන්වා ගැනීම. 3. නෙලුම් පොකුණු හා කුළුණු ණයවී හෝ ඉදි කිරීම. 4. පාරවල් වසා කාර් රේස් පැවැත්වීම, මුහුද ගොඩ කර රේස් පිටි තැනීම. 5. ජිනීවා වැනි විදෙස් සවාරි වලට වැඩක් ඇතත් නැතත් නිලදාරීන් සිය ගණන් යැවීම. 6. පාඩු ලබන ගුවන් සේවා වලට තවත් එයාර්බස් යානා ගෙන්වීම. 7. යුද්ධය ඉවර බැවින් තවත් ආරක්ෂක වියදම් වැඩි කිරීම. 8. වසර හයකට සැරයක් පැවැත්විය යුතු ඡන්ද වසර තුනකට වරක් පැවැත්වීම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site