ඉඩමක ප්‍රශ්නයක් බේරුම් කැර දීමට කතකගෙන් රුපියල් 25000ක් සිය බැංකු ගිනුමට බැර කැරවා ගත් බව කියන පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව පානදුර කොටිඨාස පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පගා ගත්තට වෙන අය වගේ නරක වැඩ නම් කරලා නැහැ මෙතුමා. (නි)
මේ විදියට ගියොත් ඉස්සරහට අපේ කොල්ලන් එක්කෙනකුවත් පොලිසියේ රස්සා වලට යන්න කැමති වෙන එකක් නැහැ. (නි)
පවු අනේ. මේ එයාගේ පළමුවැනි එක වෙන්න ඇති. පොලිසියේ අය මෙහෙම කරන්නේ නැහැ කවදාවත්. පවු. (නි)
පොලිසියේ වැඩ ඔහොමම තමයි..!!(නු)
සරත්ෆොන්සේකා ආවොත් ඔක්කොම හරියයි....!!(නු)
බදාගෙන කන්න තියෙන දේ ඉහගෙන කාලානේ. (නි)
අයියෝ මේක සුළු දෙයක්නෙ.. ළමා අපරාච 100ක් කරලා වාර්තා තියපු සභාපතිලා ඉන්න රටේ...!! (නු)
පොලිසියද?? එහෙනම් කමක් නැහැ...!!(නු)
ආරියසේන, ඔයත් පොලීසියේ කෙනෙක්ද? (ත)
කවුද දන්නේ නැහැ මේ අල්ලසට ජරාව කියලා නම දැම්මේ? ඒක දැන දැනත් ඔය ජරාවමනේ කන්නේ. (නි)
අයථා ලෙස ගන්න ශතයද පගාවක්ම වේ. නමුත් අද රටේ ලොකු උදවිය ජරාව*(පගාව) කන විදියට මෙයාට දඬුවම් මාරුවක් සමග සේවයේ නිලයන් පහළට හෙළීමක් කළා නම් වඩා හොඳයි. රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව,මෝටර් වාහන ලියාපදිංචිය, අමාත්‍යංශ ලේකම්ලා, දේශපාලඥයන්, මෙකී නොකී සියල්ලන්ම කරන දේවල් එක්ක බැලුවහම මෙයාව සේවයෙන් පහකිරිම ටිකක් අනුමත කරන්න බැහැ. අද මුළු රටම පගාවෙන් ගිලගෙන තියෙන්නේ. කවුරුත් බල්ලන් මරා හෝ මුදල් හම්බකරන තත්වයට වැටිලා තියෙන්නේ. මේක නැති කරන්න පටන්ගන්න ඕනේ ලොකු මිනිහගෙන් මිසක් පොඩි මිනිහගෙන් නෙමෙයි. කරුමෙක මහත. ඔය දැලට අහු වෙන්නෙම හාල්මැස්සන් විතරයි. අනේ මම වැරදි නම් සමාවෙන්න. (නි)
මේ අයි.පී. ලා ලංකාවට වාසනාවන්. (නි)
ලංකාවේ පොලිසිය ගැන නම් ඉතිං කවර කතාද? (නි)
පොලීසිවල ඕන තරම් නීතිගරුක මහත්වරු ඉන්නවා. ඒත් මේ වෙන වැඩ ඒගොල්ලන්ටත් එක්ක නින්දාවක්. අපහාසයක්. (ත)
ප්‍රසන්න, සිද්දියක් දෙකක් බලලා එහෙම පොලිසියෙ අයට අගෞරව කරන එක වැරදියි කියලයි මම නම් කියන්නෙ. මිනිස්සුන්ට උදව් කරන ඕන තරම් හොඳ පොලිස් නිලධාරීන් ඉන්නවා...(ස)
සිසිර කුමාර මහත්මාණෙනි, ආවොත් ඔක්කොම හරියයි කිවුවේ එතුමා එන්නෙ නිලයෙන් උසස් වෙලාද? (නි)
මහත්තයෝ ඔය අසාධාරණ සල්ලිවලින් දරුවන්ට කන්න අරන් දෙන්න එපා.. ඒ නොදරුවන්ටත් හොද නැහැ ඒවා...!!(නු)
අයි.පී. ගේ නමත් දැම්මොත් නේද හොඳ? (නි)
වැඩ තහනම් කරලා මදි. තවත් වංචා තියෙනවද කියලා හොයලා බලන්න ඕනෑ. (නි)
අපේ මස් කඩෙන් නොමිලේ මස් කිලෝ දෙකක් දවසකට දෙන්න ඕනෑ පොලිසියේ අයගෙන් කෙනෙකුට. (නි)
පඩිය මදි ඇති දෙයියනේ. (නි)
තවත් පොලිස් වාර්තාවක්. (නි)
අල්ලස් ගැනීම (ජරාව කෑම) අද රමේ හැමතැනව මහා පරිමාණයෙන් සිදු වෙනවා. වසරකට බිලියන ගණන් සල්ලි මේ විදියට දෙනවා-ගන්නවා. මේවාවාට බලපාන නීති රීති යල්පැනපු ඒවා නිසා වර්තමානයට සරිලන සේ සකස් කරන්න වෙනවා. මේ දූෂණ රැල්ල වහාම නැවැත්වුයේ නැත්නම් මුලු රටම විනාශයි !!! (නි)
මෙහෙම දේවල් අහුවෙන්නේ කරුමෙට තමයි.නැත්නම් ඉතිං ගොඩම තමයි. (නි)
මේ එතකොට රීලෝඩ් දාගන්න ඒවා ජරාව නෙමේද? (නි)
අමතර ආදායම් මාර්ග............ (නි)
ලංකාවෙ පොලිසිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.. මිනිස්සුන්ට කළ කිරෙනවා කියන එකේ සීමාවක් නැහැ....!!(නු)