(දයාසීලි ලියනගේ)
රත්මලාන ගුවන් තොටුපොළන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි.එස්.ත්රස්තවාදීන් කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමෙරිකා බුද්ධි අංශ දන්වා ඇතැයි වාර්තාවෙයි. එවැනි තත්ත්වයකට පෙර ඉඩ නොතැබීමට වහාම පියවර ගන්නැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බාලධාරින්ට අනතුරු අඟවා ඇතැයි ද දැනගන්නට ඇත. මෙම තත්ත්වය නිසා ඇමෙරිකාවේ රාජ්‍ය බුද්ධි අංශ සිවිල් නිලධාරීන් පිරිසක් දිවයිනට පැමැණ ඇතැයි ද දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇමරිකාවෙන් මොනවද කියන්නේ? මෙයාලා හදන්නේ සංහිදියාවට බාධා කරන්න. ප්‍රහාර එල්ල කලාට මොකද? ඒ වගේද යහපාලනයේ සංහිඳියාව...
ඔය අර අඳින්නේ, ලංකාවේ මුස්ලිම්වරුන්ටත් වැඩක් දෙන්න වගෙයි. ඔය වගේම බොරුවක් කියලා තමයි ඉරාකයත් වැනසුවේ. ලංකාවේ බුද්ධි අංශ අයි.එස්. ලා ලංකාවේ නැහැ කියද්දීත් ඇයි මේ "ලෝකේ ලොකුම ත්රස්තවාදියා" කෑගහන්නේ..? ලංකාවේ මුස්ලිම්වරු සාමයෙන් සහ සමාදානයෙන් ඉන්නවා බලන් ඉන්න බැරුවද..? රජය වහාම මැදිහත්වී, මෙය ව්‍යර්ථ කිරීම, මුස්ලිම්වරුන්ගේ සම්පුර්ණ ආශිර්වාදය ලබපු යහපාලන රජයේ වගකීමක්.
සමහර විට මෙය ඇමෙරිකානු බුද්ධි අංශ මගින් හෙළිදරව් කරගත් පුවතක් විය හැක. මීට පෙර විවිධ රටවලටත් අල්කයිඩා, අයි.එස්. ආදී ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් කරන ලද පහරදීම් ගැන CIA ආයතනය මගින් මෙවැනි පෙර දැනුම්දීම් කර තිබෙනවා. කෙසේ වෙතත් 9/11 නමින් ප්‍රසිද්ධ "ලෝක වෙළඳ මධ්‍යස්ථාන නිවුන් කුළුණු" වලට අල්කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායම, මගී ගුවන්යානා කඩා වදිමින් කල විශාල විනාශකාරී පහරදීම් ගැන ඇමෙරිකානු බුද්ධි අංශ කලින් නොදැන සිටියේ ඇයිදැයි තවමත් කතාබහට ලක්වී තිබෙනවා නොවේද ? අයි.එස්.ත්රස්තවාදීන්ගේ කුමන්ත්‍රණය ගැන ඇමරිකාවට ශ්‍රී ලංකා රජය ස්තුති කරමින් එවැනි ගුවන් ප්‍රහාරයක් වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාශීලි විය යුතුය.
තව රටක් අනතුරු අඟවනකම් උන්නේ ඇයි ? රටේ බුද්ධි අංශ අඩපණ කරේ කව්ද? හාමුදුරුවෝ කියපු කතා ඇත්ත වෙලා නේද? කවදා හරි මේ රට මතු පරපුරට නැති වෙනවා. නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන්නද බලන් ඉන්නේ මොකුත් ලියන්නත් බෑ ජාතිවාදය අැවිස්සුනොත් එහෙම... කමක් නෑ ඔන්න ඔහේ ගහපුදෙන්. සහජීවනය රකින්නත් ඕනෙනේ....
ඥානසාර හාමුදුරුවෝ කිව්ව දේවල් ඇත්ත... දේශපාලකයෝ තමන්ගේ ඡන්දේ වෙනුවෙන් ඕන වැඩකට සහාය දෙයි.
ශ්‍රී ලංකාවේ පරීක්ෂාව මීට වඩා දියුණු වෙන්න ඕනා. අපේ රටේ විදේශිකයෝ පරීක්ෂාවට ලක්වෙන්නේ නැහැ.
එතකොට අයි.එස්. අයි. එස්. (ඩෑෂ්) අයට උදව් කරන්නේ නැතිව කොහොමද මෙහෙට එන්නේ.. නැත්නම් ඇමෙරිකන් ගැටයක්ද ?
ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කට්ටිය මෙහෙ ඉන්නවා කියල නේද ?
මේවා කොහොමද දැනගන්නේ ... මේවා රාජ්‍ය ආරක්ෂක රහස්නේ..
සන්හිදියාව නැතිවෙන වැඩක් තමයි ඕක නම්...
ඇමරිකාවට සද්ද නැතුව ඉන්න කියන්න... නැතිනම් සංහිඳියාව නැතිවෙයි.
මේකෙත් වැරැද්ද හාමුදුරුවන්ගේ කියයිද දන්නේ නෑ..
ට්‍රම්ප ආවත් හරි මුළු ලෝකෙම යුධ බිමක් කරලා තමයි නවත්වන්නේ. කටාර් රාජ්‍යට අත තිබ්බා. දැන් ලංකාවේ ඉන්න අයටත් කරදර කරන්නයි හදන්නේ. වසර 30 ක් කුරිරු යුද්දයෙන් සිංහල,දෙමල, මුස්ලිම්,බර්ගර්, කියල නැහැ සියලුම දෙනා යුද්දෙන් බැටකෑවා මහින්ද ජනාධිතුමාට පින්සිද්දවෙන්න රටේ සාමය ස්ථාපිත කළා. අනේ මන්දා සුන්දර මව් රටට මොකද්ද වෙන්න යන්නේ කියලා. රටේ හරි නීතියක් කියල දෙයක් තිබේ නම් මුස්ලිම් අන්තවාදී ඉන්නවා නම් ඒ අයට විරුද්ධව ක්‍රියා කරන්න ඕන....
සිංහල බෞද්ධයා අන්තවාදින් ලෙස හංවඩු ගසා සුලු ජාතියට කිරි පොවා ඊලඟට පෙන්වන්න යන මෙගා ටෙලිය මොකක්ද?
මොකුත් කියන්න එපා... සංහිඳියාවට බාධකයක් වෙනවා. ජාතිවාදියෝ වෙනවා. යන්න අරින්නකෝ ඔහොම.....
මේ කාරණය ගැන හොඳින් බලා රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත්ව අදාළ පියවර ගත යුතුය.
සමහර අය නිකම් විකාර කොමෙන්ට්ස් දානවා. ඇත්තටම අද මුළු ලෝකයටම අනතුරක් තියෙනවා. අපේ පාලකයන් මේවගේ දේවල් වලට ගන්න ක්‍රියා අරගල පිලිබඳව ගැටළු ඇති... කොහොමත් අපේ ආරක්ෂාව වුණාට පසුවනේ... එදත් එහෙමයි. අදත් එහෙමයි. මේක විහිළුවක් නොවේ.
අබ්දුල් දන්න දෙයක් කතාකරන්න... ලෝකය යුධබිමක් කරන්නෙ මුස්ලිම් අන්තවාදීන් මිස ඇමරිකාව නෙමේ.... කටාර් වල තියෙන්නේ ඉරානය හා සව්දිය අතර ගැටුමක්... ලෝක සාමය මෙ දක්වා හො රැකිලා තියෙන්නෙ ඇමරිකාව නිසා
ඔය හදන්නේ අපේ හමුදාවේ අස්සට රිංගල අමරින් කාරයෝ බුද්ධි තොරතුරු ලබාගන්න. ත්‍රස්තවාදය විනාස කල විදිය දැනගන්න මොකද ආයෙත් එල්.ටී ටී ඊ එක අවොත් හමුදාවේ තොරතුරු සී අයි ඒ එක හරහා කොටින්ට දීල අපිට වැඩේ දෙන්න හදන්නේ. අයි එස් එක නිර්මාණය කලේ ඕකට තමයි ඇමරිකාව.
ඇමෙරිකාවේ බුද්ධි අංශ වලට කලින් ඟාණසාරයි ඩිලන්තයි මේ ගැන කලින්ම අනතුරු අඟවලා තිබුණේ, ඇමෙරිකානු නිළදාරීන් ඇවිල්ල පළමුවෙන්ම මේ දෙන්නගෙම පටන්ගන්න ඕනේ.
මෙතන ඉන්න ඔක්කොම අය හැමදේම දේශපාලනය ට පටලගන්නවා. කවුරුත් කියල නැහැ මේ ගහන්න හදන්නේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු කියලා. හැමතැන ඉන්න අය ඕනේ තැනක යන්න පුළුවන්.අපේ රටේ දුර්වල තැන වලින් උන් ප්‍රයෝජන ගන්න මෙහෙට එන්න පුලුවන් , ඕක අල්ලාගෙන සන්හින්දියාවයි, මහින්දයි, ඥානසාරයි, මේ ආණ්ඩුවයි හැමෙකම පටලාගෙන අවුලක් ඇති කරන්න හදන්න එපා. ආරක්ෂාව දැඩි කිරීම යි කරන්න ඕනේ.එච්චරයි. තවම මෙහෙ උන් හැදුනේ නැහැ. හදන්න ලැස්තිවෙන්න එපා. ඒක අපිට වලක්වගන්න පුලුවන් සහෝදරත්වයෙන්. නැතුව මිනිස්සුන්ට ගහල ,බැනල නෙමේ.
ඇමෙරිකාව හින්දා තමා මේ ලොකේ මේ තරමටවත් රැකිලා තියෙන්නේ. නැත්තන් අයි. එස්. ත්රස්තවාදීන්, අල්කයිඩා ඔය හැම දෙයක්ම ලොකේ හැමතැනම බෝ වෙලා. ඒ අය ඉස්ලාම් නොවන අයට කියන්නේ මිථ්‍යා දෘෂ්ටිකයෝ කියලා. ඒ හින්දා ඒ අයව මරන්න ඕනේ කියලයි තියෙන්නේ... කියලා. හිතගන්නකෝ ඒ අයගේ මෝඩකම කොහොමද කියලා...
ලංකාවේ තමන්ගේ ස්ථාවරය පවත්වාගන්න ඇමෙරිකාව යම් මාර්ගයක් හොයමින් සිටිනවා. ඔවුන්ම යම් ප්‍රහාරයක් එල්ල කරලා අයි.එස්.අයි.එස්. මත පවරලා තමන්ගේ යටි අරමුණු ඉෂ්ට කරගන්න වගේ යන්නේ.... අැමෙරිකාව කියන්නේ මානවයාට අහිතකර රාජ්‍යයක්. එ් නිසා අපේ නායකයන්ට බරපතල වගකීමක් තියනවා. අපේ මව්බිම ආරක්ෂා කිරීමට අදාළ සියලුම පියවරල් ගැනීමට කටයුතු කළ යුතුයි.
ඔයා කාගෙන්ද දැනගන්නේ? මේක අසත්‍යයක් නම් ඔය කියන පුද්ගලයාව හිරේ දාන්න ඕනේ....
පිලිපීනෙ වගේ හිටිය ගමන් පටන්ගනී.... එහෙනම් අඩුම ගානේ ISIS ලා හොඳින් පුහුණු වූ අය 5,000 වත් ලංකාවේ ඇති. එයාලා බොහෝ රටවලට ගිහින් පුහුණුවීම් ලබනවා.
ඇමරිකන්කාරයෝ බොරු ප්‍රචාර ඇතිකරලා ලංකාව අස්ථාවර රටක් බවට ලෝකයට පෙන්නන්නයි හදන්නේ. ඊට පස්සේ ලංකාවේත් ඇමෙරිකන් අර්මි බේස් (හමුදා කදවුරක්) එකක් හදන්නයි සැරසෙන්නේ. කටාර් රාජ්‍යයත් ඇමෙරිකන් හමුදා කඳවුරක් තියාගෙන ට්‍රම්ප් මහත්තයා කටාරයට සම්බාධක පනවන්න උදව් කරනවා. එ අතරතුරේ එෆ් 15 ජෙට් ප්‍රහාරක යානා මෙන්ම අවි ආයුධ විශාල ප්‍රමාණයක් මැදපෙරදිගට විකුණනවා. කොහොමද ට්‍රම්ප්ගේ මොලේ? මෙවැනි ප්‍රකාශ වලට රැවටෙන්න එපා. මෙයාල සැරසෙන්නේ අපේ රට ආයෙත් ගිනි තියන්නයි. මෙවැනි උවදුරුවලට එරෙහිව "'ශ්‍රී ලාංකිකයන් සේ"" එකට එක්වන්න...
අපේ බුද්ධි අංශ ලංකාවේ වෙසෙන පාකිස්තානුවන්දෙස ඇහැ ගහගෙන ඉන්න....
රෙක්ස් !! කුරානයේ තියෙන්නේ කුමක්ද කියල දැනගෙනද කතාකරන්නේ? ඔබට කුරානය සම්බන්ධ දැනුම අබමල් රේණුවක තරම්වත් නැහැ. මෙවැනි මානසිකත්වයක් කුමකටද සහෝදරයා? කවදත් සත්‍ය වෙනුවෙන් පෙනීසිටින්න... මුලින්ම අපගේ සතුරා කව්ද කියලා හඳුනාගමු... නිකම් ජාතිවාදීව හැසිරෙන්නේ නැතුව..
අල්ලා දෙවියන් අදහන්නේ නැති අය මරා දැමිය යුතුයැයි තියෙන්නේ මොන පොතේද?