කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන එල්.එච්. දර්ශන රාජුගේ බිරිය සිකුරාදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය, දර්ශන හා ත්‍රිරෝද රියදුරු ජේ.ඩබ්ලිව්. සනත් නන්දන රැඳැවුම් නියෝග මත රඳවා තබා ගැනීමට රහස් පොලිසිය කළ ඉල්ලීමට අවසර දුන්නාය.සැකකාරිය මහේස්ත්‍රාත් නිල කාමරයේදි ප්‍රකාශයක් කළාය. සැකකරුවෝ වෙන වෙනම අධිකණයට ගෙන එනු ලැබූහ. කහවත්ත කොටකෙතනේ පීලානගොඩ කන්දගේ නයනා නිලිමිණි (52) මව සහ කවින්ද්‍යා චතුරංගනී (19) දියණිය පසුගිය ජනවාරි 31 වැනිදා මරාදමනු ලැබූහ. ඇය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයයේ උසස් පෙළ ඉගෙනුම ලැබුවාය. ඇගේ සිරුර පෙබරවාරි දෙවැනි දා කහවත්ත ඕපාත වත්තේ කැලැවක තිබි හමුවිය. මවගේ සිරුර එදිනම රාත්‍රී ඔවුන් පදිංචි නිවසින් සොයාගැණිනි.

1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අවුරුදු දෙදාස් පන්සීයක ශිෂ්ටාචාරයක්, බුදුදහමක් ගැන කතා කරනවා. සුද්දන්ට ගරහනවා. අපි උසස් කියනවා. "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු" වගේ සින්දු වලින් කියන දේ හිතට අරන් හැදෙනවා වෙනුවට ගයකයට බනිනවා. "ලෝකෙන් උතුම් රට ලංකාවයි" කියා කියා ස්වයන් වින්දනයක් ලබනවා. බලනකොට දුෂ්ටකම, කුහකකම, අවනීතිය, දූෂණය අතින් අපි දෙවෙනි වෙන්නේ සමහර අප්‍රිකානු රටවල් වලට විතරයි. අයුක්තියට එරෙහි වුණු ජනතාවට මගේ උපහාරය.. ඔය පොටෝ වීඩියෝ බලල ඔයාලත් අත් අඩංගුවට ගනීවි. මට විශ්වාසයි පොලීසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි මේ අයව බේර ගිනියි කියල.
එල්ලුම් ගහ නැවත ගෙන ආ යුතුයි..
අපේ රට යන්නේ කොහොටද? මේවා ලෝක අපරාධ..
මේ අයට මරණ දඩුවම දෙන්න ඕන..
කුලියට මිනිස්සු මරන අයට දස වද දෙන්න ඕන..
අපේ සල්ලිවලින් කන්න දීලා ඇයි හිරේ තියා ගන්නේ
දේශපාලන බලපුළුවන් කාරයො කවුද දන්නේ නෑ?
මේවගේ අයට මරණ දඩුවමම තමයි දෙන්න ඕන..
මේකට සම්බන්ධ හැම එක්කෙනෙක්ටම ප්‍රසිද්ධ දඩුවම් දෙන්න ඕන..
මොවුන්ට නිසි දඩුවම් දිය යුතුයි..
වැරැද්දට නිසි දඩුවම් දෙන්න ඕන.. එල්ලුම් ගහ හොදයි..
රජකාලේ දඩුවම් දෙන්න ඕන..
ඓහෙ ස්ථානාධිපතිවත් මාරු කරයිද දන්නේ නෑ..
මොවුන්ගේ පින්තූර ප්‍රසිද්ධ ස්ථාන වල අලවන්න ඕන.අපරාධ කරන වෙලාවේ මේ ලැජ්ජාව දැනුනෙ නැත්තේ ඇයි?