IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අමල්ට උසාවියෙන් මල් පිට මල්

මාර්ගය අවහිර වන සේ වාහනය නවතා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන ලෙස කටයුතු කළැයි චෝදනා ලබාසිටි ගායක අමල් පෙරේරා සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළාය.

මීට වසර තුනකට පෙර අමල් පෙරේරා පයාගලදී මාර්ගය අවහිර වනසේ වාහනය නවතා තිබීම හේතුවෙන් ඔහුගේ රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය හා ආදායම් බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී එය ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම නඩුව පවරා තිබුණි.

නඩුව සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ සාක්කි පරස්පර වීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදුන්නාය.

 



අදහස් (0)

අමල්ට උසාවියෙන් මල් පිට මල්

චමිල Wednesday, 03 June 2015 01:42 PM

මෙයා හැමතැනම වාහනේ නවත්තන්නේ ඔහොම. කියන්න ගියාම චන්ඩි කතා කියනවා. (ර)

:       0       0

යටවත්ත Wednesday, 03 June 2015 02:10 PM

මොකද පොලිසියට වැරදුනේ? (නි)

:       0       0

අමර Wednesday, 03 June 2015 02:41 PM

කාර් පිට කාර් නවත්තන්ඩ යනවා ඇති (බ)

:       0       0

පසන් Thursday, 04 June 2015 04:33 PM

දැන් හරියට පොලිසියට වරදිනවා. (ර)

:       0       0

රුවන් Wednesday, 03 June 2015 03:26 PM

අපේ පොලීසිය දාන නඩු වැඩි හරියක් අඩුපාඩු නිසා ඉවත දාන්න සිද්ද වෙනවා,,,,(බ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 04 June 2015 06:59 AM

මෙයා යන යන තැන නවත්තන්නේ අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතුව, මාර්ග නීති තුට්ටුවකට මාඉම් නොකර තමයි. (ම)

:       0       0

නන්දලාල් Wednesday, 03 June 2015 05:09 PM

රුවන්,ඒ මොකද දන්නවාද?අපේ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය නීති රීති ගැන පුහුණුවක් දෙන්නේ නැහැ.උගත් අය පොලිස් සේවයට බඳවාගෙන ඒ අයට ඕනෑකරන නෛතික පුහුණු පාඨමාලා ලබාදෙන්නේ නම් පොලිසිය මෙවැනි අසහනකාරී තත්වයකට පත්වෙන්නේ නැහැ. (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 03 June 2015 05:13 PM

හොඳ තැනක් 'සෙට් වෙලා' පාඩමක් ඉගෙනගෙන තමයි නවතින්නේ (නි)

:       0       0

වෙදගේ Thursday, 04 June 2015 07:46 AM

පොලිසිය කොහොමත් දුර්වල තමයි දිනක් රාත්‍රී කාලයේදී මගේ වාහනය නවතා ඉදිරිපස විදුලි පහන් බැලුවා ඒවා දැල්වෙන නිසා පසුපස බැලුවා පසුපස අංක තහඩුවේ පහන් දැල්වී තිබෙද්දී පිටුපස නවතා තැබීමේ පහන් දැල්වුනේ නෑ කියල දඩකොලයක් ගැනීමට අවස්ථාව සැලසුවා මම ඊට පසු දවසක්ම නිවාඩු දමාගෙන දඩකොලය ගෙව්වා පොලිසිය දුර්වල අයට කරදර කරනවා වැඩියි (බ)

:       0       0

යාපා Wednesday, 03 June 2015 07:32 PM

ඔවු ඉතින් සාක්කි පරස්පර නම් එහෙම ‍තමයි (නි)

:       0       0

සකුන්තලා Wednesday, 03 June 2015 07:36 PM

මේ නඩු මොනවාද? නිදොස්කොට නිදහස්! පුදුම රටක් ලංකාව. (නි)

:       0       0

දයා නන්දසිරි Friday, 05 June 2015 01:14 AM

නඩුව හරියට ගොනුකරලා නෙමෙයිද දාලා තියෙන්නේ? (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 03 June 2015 08:39 PM

මොකක්ද මේ අපේ පොලීසියට වුණේ? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 03 June 2015 09:00 PM

ඕවා මොනවාද? දේශපාලන බලවතෙකුගේ උවමනාව පිට කොටකෙතන සිද්ධිය යටගහන්න ලස්සනට වැඩ කළ සමහරු ගැන අපි දන්නවා. (නි)

:       0       0

බමුණු Wednesday, 03 June 2015 11:33 PM

පොලිසියට හරියට නඩුවක් දාගන්නවත් බැහැනේ. (නි)

:       0       0

සඳුන් Thursday, 04 June 2015 01:01 AM

පොලිසියට කොහොමත් හරියට නඩුවක් දාගන්න බැහැ. වැඩේ පොලිසිය වැරදියි කියලා ඔප්පු කරන්න කාලයත් මුදලුත් ඕනෑ. ඒ නිසා මිනිස්සු බලන්නේ ඔහේ ගොඩින් බේරෙන්න. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 04 June 2015 01:08 AM

විශාල නඩු ප්‍රමාණය ‍නිසා පොලිසියට දැන් නඩු බරක් වෙලා ඇති (නි)

:       0       0

ලුම්බිණි Thursday, 04 June 2015 02:28 AM

වැරැද්ද නොකළ බවක් මෙතනින් තහවුරු වෙන්නේ නැහැ. පොලිසිය රියදුරු බලපත්‍ර ඉල්ලුවම ඒක දෙන්න බැහැ කියන්නේ පොඩි ඔලුවේ අමාරුවක්. (ස)

:       0       0

දුමින්ද Thursday, 04 June 2015 02:34 AM

දුර්වල පොලිස් රාජකාරිය නිසා වැරැද්දට ඉනිමං. (ස)

:       0       0

සරත් Thursday, 04 June 2015 03:08 AM

පොලිසිය වාහන වල කහ ඉරි කපන එකට දඩ දෙන එකටත් උසාවි යන්න පුළුවන් මම හිතන්නේ .සමහර කහ ඉරි පෙනෙන්නේ කහ ඉර උඩට වාහනේ අාවහම .පාරේ ඊට කලින් කිසිම සිග්නල් බෝඩ් එකක් නැහැ.(ම)

:       0       0

ඇල්බල් අඹතලාව Wednesday, 03 June 2015 12:54 PM

ඇලි කැස්බෑවෙක් ගිය උඩ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site