මාර්ගය අවහිර වන සේ වාහනය නවතා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන ලෙස කටයුතු කළැයි චෝදනා ලබාසිටි ගායක අමල් පෙරේරා සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළාය.

මීට වසර තුනකට පෙර අමල් පෙරේරා පයාගලදී මාර්ගය අවහිර වනසේ වාහනය නවතා තිබීම හේතුවෙන් ඔහුගේ රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය හා ආදායම් බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී එය ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම නඩුව පවරා තිබුණි.

නඩුව සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ සාක්කි පරස්පර වීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදුන්නාය.