‘සියැට්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන 2011’ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙලේදී අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තුන්දින ලීග් තරගාවලියේ විරයා ලෙස පානදුර ක‍්‍රීඩා සමාජයේ අමිල පෙරේරා ද, එක්දින තරගාවලියේ වීරයා ලෙස බී. ආර්. සී. පිලේ නිමේෂ් පෙරේරා ද සම්මාන දිනා ගැනීමට සමත් වූහ. මෙම සම්මාන උළෙල පසුගියදා රාත‍්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි. වමතින් පා දඟ පන්දු යවන අමිල පෙරේරා පසුගිය තරගවාරයේදී කඩුලූ 62 ක් දවා ගනිමින් ලකුණු 400 ක් ද රැස් කිරීමට සමත් විය. මෙහිදී නිමේෂ් පෙරේරා ‘බී’ කාණ්ඩයේ එක්දින තරගාවලියේ දක්‍ෂතම පිතිකරු සම්මානය ද හිමිකර ගත්තේය. අන්තර් සමාජ ‘බී’ කොටසේ සම්මාන ලාභියෝ: පළමු පෙළ ලීග් තරගාවලිය
- ශූරතාව: මුවර්ස් ක‍්‍රීඩා සමාජය
- අනු ශූරතාව: යුද හමුදා ක‍්‍රීඩා සමාජය
- තරගාවලියේ වීරයා: අමිල පෙරේරා (පානදුර ක‍්‍රීඩා සමාජය)
- දක්‍ෂතම පන්දු යවන්නා: දුලංජන මෙන්ඩිස් (නාවික හමුදා)
- දක්‍ෂතම පිතිකරු: කේ. එච්. ටී. ඉන්දික (පොලිස්)
- සම ශූරතාව: බී. ආර්. සී. සහ මුවර්ස්
- තරගාවලියේ වීරයා: නිමේෂ් පෙරේරා (බී.ආර්.සී.)
- දක්‍ෂතම පන්දු යවන්නා: අජන්ත මෙන්ඩිස් (යුද හමුදා)
- දක්‍ෂතම පිතිකරු: නිමේෂ් පෙරේරා (බී.ආර්.සී.)
- සම ශූරතාව: බී. ආර්. සී. සහ මුවර්ස්
- තරගාවලියේ වීරයා: නිමේෂ් පෙරේරා (බී.ආර්.සී.)
- දක්‍ෂතම පන්දු යවන්නා: අජන්ත මෙන්ඩිස් (යුද හමුදා)
- දක්‍ෂතම පිතිකරු: නිමේෂ් පෙරේරා (බී.ආර්.සී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd