වීසා කාලය ඉක්ම ගොස් තිබිය දීත් ලංකාවේ සැඟවී සිටින පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට සිදුවන බවත්, ඊට පෙර රටින් පිටවී නිසි ආකාරයට නැවත ලංකාවට ඒම හොඳ බවත් නීතිය හා සාමය ඇමැති ජෝන් අමරතුංග මහතා අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
‘කුමාර් ගුණරත්නම්ගේ ප්‍රශ්නය අපි පාලකතුමාට ඉදිරිපත් කළා. පරීක්ෂණයක් කර වාර්තාවක් දී තිබෙනවා. ඒ වාර්තාවේ හැටියට ඔවුන් කියා තිබෙනවා ගුණරත්නම් ඉල්ලන දේ කරන්න අමාරු බව.
ගමන් බලපත්‍ර කිහිපයක් තිබුණාය කියා එහෙම ගැටළු තිබෙනවා. ඒවා නිරාකරණය කරගෙන ආවොත් මොනවා හරි කරන්න අපි ලෑස්තියි. ඔහුට එරෙහිව අපේ පෞද්ගලික අමනාපයක් නෑ. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ අමාරු මොකද මේ පාර? (නි)
එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදියට රටන නීති වෙනස් කරන්න බැහැ. (නි)
ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද මෙයාට විතරක් වෙනසක්. ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙකුට දේශපාලනය කළ නොහැකි බව ව්‍යවස්ථාවේ සඳහන්. (නි)
අසමාන ලෙස සැලකීම (බ)
නිසි ආකාරයටවත් මොන ආකාරයටවත් ආපසු නාවාට නම් අපේ කිසිම අමනාපයක් නැහැ. (නි)
කුමාර් ගුණරත්නම් ට මෙපමණ රජය බයද ? මොහු සොයා ගැනීම රජයට අපහසුද ? කනින් ඇදලා එලියට දැම්මන ඔය වාගේ ජාති ද්‍රෝහින්ව , මහින්ද සිටියා නම් මොහු අල්ලලා ඉවරයි (බ)
නිතිය ඉදිරියේ කුමාර ගුණරත්නම් සහ වෙනත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්ද එක සමානය, රටේ අාගමන නිතිය පිළිපදින්නේ නැත මොහු දේශපාලනයට නුසුදුසුය (බ)