වීසා කාලය ඉක්ම ගොස් තිබිය දීත් ලංකාවේ සැඟවී සිටින පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට සිදුවන බවත්, ඊට පෙර රටින් පිටවී නිසි ආකාරයට නැවත ලංකාවට ඒම හොඳ බවත් නීතිය හා සාමය ඇමැති ජෝන් අමරතුංග මහතා අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
‘කුමාර් ගුණරත්නම්ගේ ප්‍රශ්නය අපි පාලකතුමාට ඉදිරිපත් කළා. පරීක්ෂණයක් කර වාර්තාවක් දී තිබෙනවා. ඒ වාර්තාවේ හැටියට ඔවුන් කියා තිබෙනවා ගුණරත්නම් ඉල්ලන දේ කරන්න අමාරු බව.
ගමන් බලපත්‍ර කිහිපයක් තිබුණාය කියා එහෙම ගැටළු තිබෙනවා. ඒවා නිරාකරණය කරගෙන ආවොත් මොනවා හරි කරන්න අපි ලෑස්තියි. ඔහුට එරෙහිව අපේ පෞද්ගලික අමනාපයක් නෑ. ‘
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අමාරුවේ නොවැටෙන්නැයි කුමාර් ගුණරත්නම්ට කියයි
ඉඳුනිල් Thursday, 30 April 2015 10:29 AM
වැඩේ අමාරු මොකද මේ පාර? (නි)
කපිල Thursday, 30 April 2015 10:31 AM
එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදියට රටන නීති වෙනස් කරන්න බැහැ. (නි)
සඳුන් Thursday, 30 April 2015 09:28 PM
ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද මෙයාට විතරක් වෙනසක්. ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙකුට දේශපාලනය කළ නොහැකි බව ව්‍යවස්ථාවේ සඳහන්. (නි)
සෙනෙවි Thursday, 30 April 2015 11:48 AM
අසමාන ලෙස සැලකීම (බ)
කාංචන පෙරේරා Friday, 01 May 2015 03:53 AM
නිසි ආකාරයටවත් මොන ආකාරයටවත් ආපසු නාවාට නම් අපේ කිසිම අමනාපයක් නැහැ. (නි)
රිචි බාලසුරිය Thursday, 30 April 2015 03:39 PM
කුමාර් ගුණරත්නම් ට මෙපමණ රජය බයද ? මොහු සොයා ගැනීම රජයට අපහසුද ? කනින් ඇදලා එලියට දැම්මන ඔය වාගේ ජාති ද්‍රෝහින්ව , මහින්ද සිටියා නම් මොහු අල්ලලා ඉවරයි (බ)
සිල්වා Thursday, 30 April 2015 03:44 PM
නිතිය ඉදිරියේ කුමාර ගුණරත්නම් සහ වෙනත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්ද එක සමානය, රටේ අාගමන නිතිය පිළිපදින්නේ නැත මොහු දේශපාලනයට නුසුදුසුය (බ)