උඩරට අමරපුර නිකායේ 2015 උපසම්පදා විනය කර්මයේදී උපසම්පදාව ලැබීමට අපේක්ෂා කරන සාමනේර හිමිවරුන්ගේ ඉල්ලුම් පත් සිය ආචාර්ය හිමිවරුන් මගින් ජූනි මස 3 වැනිදාට පෙර එවිය යුතු බව සංඝ සභාවේ ලේඛකාධිකාරි හිමිවරු නිවේදනයකින් පවසති.
උපසම්පදා විනය කර්මය තෙරිපැහැ සොමානන්ද අමරපුර මහ නිකායේ මහ නායක හිමියන්ගේ සහ අනුනායක රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ජූලි මස 24 වැනිදා ගන්නෝරුව ශ්‍රී මහා බෝ සීමා මාලකයේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd