අමෙරිකාවේ ජනාධිපති බරැක් ඔබාමා ද නුදුරේදීම මෙරට සංචාරයකට පැමිණෙනු ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද(01) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ මෙරට වෙනත් රාජ්‍ය නායකයෙකු අමෙරිකාවට නිල සංචාරයකට යාම සාමන්‍ය වුවත් එරට රාජ්‍ය නායකයකු මෙරටට පැමිණීම සමාන්‍ය කරුණක් නොවන බවත්, යහපාලනය රජය තුළ එවැන්නකට ද ඉඩ සැලසී ඇති බවද නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වී ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා හේතුවෙන් මෙවැනි රාජ්‍ය නායකයෙකු ලංකාවට පැමිණෙන්නේ යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ ඒ ගමන ගැන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලිත,ඇමෙරිකාව කොටි තහනම දැම්මේ බිලී ක්ලින්ටන් ගේ පාලන කාලේ. ඒ කාලයේ අපේ රටේ කොටි තහනම් කරලා තිබුනේ නැහැ. (කේ)
As a nonaligned country, we must welcome any foreign leader or delegate to observe and inspire how this country is being peacefully governed in the correct manner by means of which we can expect changes in their attitudes favorably that would be beneficial for the country for its development. Especially should bid welcome to leaders of so called developed rich countries, where some ethnic groups are haunting unfavorably. (K)
දිනෙත්,මෙහෙමත් මෝඩ කතාවක්! ඔබාමා මුලින්ම සංචාරය කරන රට, අපේ ශ්‍රී ලංකාව නොවන බව මේක ලියපු දිනෙත් නොදන්නවා විය හැක. ඒ වගේම ඔබාමා ගිය හැම රටක්ම දෙකට කැඩුවා නම්, හැම වසරකම ලෝක සිතියම වෙනස් කරන්නත් වෙන බව මේ මනුස්සයාට අමතකවෙලා වගෙයි. පව් අනේ. (නි)
අවශ්‍ය නෑ, ඇයි ? ලංකාව දෙකට තුනට කඩන්ඩද ? (ම)
මොන දේ වුණත් ඇමෙරිකාව වගේ රටකින් අපේ රටට එනවා කියන්නේ ගොඩක් අභිමානයක්.ඒකට අපි සතුටු වෙන්න වෙන්න ඕනෑ.මෙච්චරකල් මෙහෙන් එහෙට ගියා මිස එහෙන් මෙහෙට ආවේ නැහැනේ.. (නි)
යහපාලනය = ඇමෙරිකාවට ගැතිවීම (ම)
ඇමරිකානු ජනාධිපතිතුමා අපි සාදරයෙන් පිලිගන්නවා. ඉන්දියාව ගාවගන්න එපා. (ම)
ස්වාමියාගේ සම්ප්‍රාප්තිය (ම)
ඔහුගේ පැමිණීම රටට ලොකු ගෞරවයක් එත් යහපාලනයට අකමැති අයට මේවා බලන් ඉන්න බැ. (ර)
"අම්මෝ රට විනාශ කරන්න එනවෝ". ඒ උනාට අපි හොරෙන් හරි විසා අරගෙන ඇමරිකාවට යමු. (ස)
හොඳට මතක තියාගන්න, ඇමරිකාව තමා අපේ අපනයන වලින් 20% ක් ගන්නේ. චීනය ගන්නේ 2% ක් පමණයි. ඒ නිසා ඔහුගේ පැමිණීම වරදක් නොවෙයි (නි)
ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා... අපි සිටිය යුත්තේ ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය, ඉන්දියාව වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ක මිස චීනය, රුසියාව, ස්වාසිලන්තය, උගන්ඩාව වැනි අර්ධ ඒකාධිපති රටවල් සමග නෙමේ...(ම)
ඇමරිකා ජනාධිපතිතුමා සාදරයෙන් පිළිගනිමු. අපි වගේ පොඩි රටක් සැමදෙනා සමඟ සහයෝගයෙන් සිටිය යුතුයි (නි)
චතුර,සුපිරි කතාව.රාජපක්ෂලාට වහල්කම් කරපු වහලුන්ට ඕවා තේරෙන්නේ නැහැ.(නි)
ඔහුගේ පැමිණීම රටට ලොකු ගෞරවයක්. (ම)
තිලක් 15:15:50 , මොනවාද ඔය ඇමරිකාවෙන් රනිල් ගෙන්වපු යුද නැවු ? ඔවු ඉතින් ඔබාමයි , බබාලයි ඔන කෙනෙක් එයි දැන් බයවෙන්න දෙයක් නෑ නේ. මහින් ද රට බේරගන්න කාලේ ඒවාට අකුල් හෙලපු අය දැන් කාට පේන්නද මේ රඟ පාන්නේ ? (බ)
තව අවුරුදු 5 ක් ඇතුලත ලංකාව ලිබියාව, ඉරාකය වගේ අරාජික රටක් වෙනවා. හොඳ වෙලාවට අපේ ළමයෙක්, දෙමාපියන් කවුරුත් ඔය රටේ නෑ. හිතේ දුකට තමයි මේවා ලියන්නේ. ලංකාවේ බහුතරයගේ කැමත්ත. අපේ මිනිස්සුන්ට තේරෙනකොට ප්‍රමාද වැඩි. (ස)
නාමල් ඔයා කමෙන්ට් එක ටයිප් කරපු උපකරණය හදල තියෙන්නෙත් චිනේ කියන එක අමතක කරන්න එපා (ම)
බරක් ඔබමා කියන්නේ ලෝකයේ සාමයට කටයුතු කරන කෙනෙක්. බලන්න. ලෝකයේ ත්‍රස්තවාදයට උදව් කරන ඉරානය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න හදනවා. දැන්වත් එම මිනිස්සු හොඳ පැත්තකට හරවන්න. එමනිසා ඇමෙරිකාවේ ජනාධිපති එන එක හොඳ දෙයක්.අද අපි අලුත් ලෝකයට මුහුණ දියයුතුයි (නි)
ඇමරිකානු ජනාධිපතිතුමා අපි සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා. (ස)
මේගොල්ලො විනාශ කරපු හැම රටකම, විනාශ කළාට පස්සෙ කළ විනාශය බලන්න එනවා. (නි)
යටත්විජිත ලේකම්ගේ භූමිකාව ජෝන් කෙරීගේ හැසිරීමෙන් පෙනුනා. දැන් එහි ඉතුරු කොටස බැරක් ඔබාමාගේ පැමිණීමෙන් සපිරේවී. ලංකාව චීන කොළනියක් කර ඇති බවට චෝදනා කළ අය එය ඇමරිකන් නව යටත්විජිතයක් බවට පත්කිරීමේ මූලික කටයුතු සිදු කරමින් සිටිනවා. (ස)
ඇමරිකානු නායකය එනව කිවුවහම සමහරුන්ට හරි වේදනාවක් ඇවිත්..ඕකට කියන්නෙ කුහමකම.. අපිට උදව් කරන්න එන්න ඕන ලෝකෙ දියුණු රටවල්, දියුණු රටවල ආයෝජකයො.. නැතුව ගිනි පොලියට ණය දෙන චීනයවත්, උගන්ඩාවවත්, ස්වාසිලන්තයවත් නෙමේ.. (ම)
ඉන්දියාව අහසින් අපිට පරිප්පු දානකොට ඇමෙරිකාව ඒ දවස්වල හිටපු ජේආර් ට කිව්වේ ඉන්දියාවත් එක්ක කතා කරලා විසඳ ගන්න කියල. එයා ඇමෙරිකාවට බොහොම හිතවත්ව හිටියේ. එත් කිසිම උදව්වක් කලේ නැහැ. අපේ සොල්දාදුවෝ යාපනයේ කොටුවුණ වෙලාවේ චන්ද්‍රික උදව් ඉල්ලුව ඉන්දියාවෙන් හා අමෙරිකාවෙන් කවුරුත් උදවු කලේ නැහැ. ඔබාමා ආවට රට අමාරුවට වැටුන වෙලාවල්වලට උදව් නම් ලැබෙන්නේ නැහැ. අපි ඔබාමාව සාදරයෙන් පිළිගනිමු. නිවට විදියට නෙවේ. දැන් වියට්නාමය අමෙරිකාවෙන් ප්‍රයෝජන ගන්නවා වගේ. (ස)
මෛත්‍රී ජනාධිපතිතුමනි, රනිල් අගමැතිතුමනි, මංගල ඇමතිතුමනි, ඔබතුමන්ලාගේ විදේශ ප්‍රතිප්තිය තුළ ශ්‍රී ලංකාව ලත් සුවිශේෂී ජයක්.කව්රු මොනවා කිවුවත්, ඔබ දෙපළ තුළ මගේ උතුම් මවුබිම ඉදිරියට ගෙනයාමේ මනා සැළසුමක් ඇති බව මෙයින් මනාව පැහැදිලි වේ (නි)
දිරච්ච අතු වල එල්ලී එල්ලී හිටපු කලේ අවසන් කරලා හොඳ හයිය තියෙන අත්තක එල්ලෙන්න ලැබෙන එකත් වාසනාවක්. නමුත් තවමත් ගිලෙන බෝට්ටුවේ එල්ලිගන ඇමෙරිකාව කුඩුපට්ටම් කරන්න කෑගහන කට්ටිය ගැනනම් කණගාටුයි. (ස)
තිවංක, ටයිප් කරපු එක හදල තියෙන්නේ නම් චිනේ තමයි. නමුත් එක හදන හැටි හොයාගත්තේ ඇමෙරිකාවයි. ඇමෙරිකාවේ මුදලේ අගය වැඩි නිසා තමයි තුට්ටු දෙකේ පඩියට සේවකයෝ ගන්න පුළුවන් චීනෙට එක හදන්න බලපත්‍රයක් දීල තියෙන්නේ. ඒ බල පත්‍රය යටතේ උපකරණ හදන්න චීනා ඇමෙරිකාවට බලපත්‍ර ගාස්තුත් ගෙවනවා. හොඳට මතක තියාගන්න අඳේට කුඹුරු වැඩ කෙරුවට අඳ ගොවිය කියන්නේ කුඹුරු හිමිය නොවෙයි. (ස)
නාමල් ඔය ඔයා කිවුව ඒකාධිපති රටවල් තමියි අපිත් එක්ක හිටියේ ඔයාගේ ඔය ඇමරිකාව ලංකාවේ යුධ්ධේ නවත්තන්න කියපු වෙලාවෙත් එට පස්සෙත් අමතක කරන්න එපා ඒක. චින්තක මෙතන තියෙන්නේ පාලනය ගැන ඉරිසියාවක් නෙවේ රටගැන කැක්කුමක් රටේ පාලකයන්ට නැති එත් අපිට ඇති දෙයක් ඒක. සඳුන් අපේ මිනිස්සු දුක් විදගෙන ඇමරිකා යන්නේ රටට ආදරේ නැති නිසා නෙවෙයි නේද.? (ර)
සාදරයෙන් පිළිගනිමු! (නි)
ඇමරිකාවට ඕනවට වඩා උවමනා නෑ , ඔය කොච්චර ලොකුකම් කිව්වත් ඇමරිකාවේ ආර්ථිකයෙන් 1/4 චීනයට ණයයි. කොහොමත් වැඩිපුර සද්දේ තියන භජනය කොහොමත් හිස්. ඇමරිකාවත් එහෙම තමා හැබැයි ඉරාකය, ලිබියාව, ලංකාව වගේ මොලේ තියනවා කියල හිතාගෙන ඉන්න අය තමුන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් බව හැමදාම අත්දැකීමෙන් දන්න නිසා තමා ඔවුන් ලංකාවට එන්නේ. (ර)
ඇමරිකානු ජනාධිපතිතුමා අපි සාදරයෙන් පිලිගන්නවා. ඉන්දියාව ගාවගන්න එපා. (ර)
ගරු ඇමතිතුමනි, මෙම පැමිණීම අපේ අසල්වැසි බුවල්ලන්ට ඇහේ කටු අනිනවා වගේය. ඒ නිසා ලංකාව ඉතාම භයානක අනාරක්ෂිත ස්ථානයක් බව පෙන්වීමට ඔවුන් හැකි සෑම දෙයක්ම කරනු ඇත. ප්‍රවේශම් වෙන්න. (නි)
ළමයිනේ, කලබල වෙන්න එපා. ඇමෙරිකාව කොයිතරම් නරක වුණත් උඩ බලාගෙන හිටියොත් ඒ අපේ අවසානය තමයි. දැනටම ලංකාවට ගෙන්වන සෑම භාණ්ඩයක්ම ඉන්දියාවේ නියෝජිතයින් හරහා මිලදී ගන්න වෙලා තියෙනවා. දැන් ටික ටික උතුරේ නොගැඹුරු මුහුදේ මසුන් මරන්න රිංගන්නත් හදනවා. රීරියකා එක්ක හරි එකතු නොවුණොත් තව ටික කලකින් අපට බුදුබණ අහන්න වෙන්නෙත් හින්දි භාෂාවෙන්. (නි)
ලෝකයටම විනාශය ඇමෙරිකාවයි.එයට සහයෝගය දෙන්න එපා (නි)
එන හැඩ වුණාට එන එකක් නැහැ (නි)
තාම ආවෙත් නැහැ , එනවා කියලා නිල වශයෙන් කිව්වෙත් නැහැ. මේ නිකන් අපේ අය කියනවා හිතේ තියෙන දේ. චන්ද්‍රාගේ අදහස් හරියටම හරි. මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනීසිටින උදවිය පහුගිය අවු 30 අමතක කර ඇති නිසා එයාලට ගානක් නැහැ. අඩුම ගානේ ඇමෙරිකාව එක වෙඩි උණ්ඩයක් දුන්නේ නැහැ. නමුත් පරණ නැවක් දුන්නා අපිට හදාගන්න කියලා 2007 විතර. අපිට යුද්ධය කරන්න උදවු කළේ පාකිස්තානය. රුසියාවෙන් උදවු කළා. මතකද මේවා ආණ්ඩුව වෙනුවෙන් අදහස් දාන මහත්වරුන්ට? නොදන්නා උදවිය දන්නා අයගෙන් අහගන්න ලැජ්ජා වෙන්නේ නැතුව මේ රට ගොඩනැඟුන ආකාරය අහගන්න (නි)
අධිරාජ්‍යවාදයට විනාශය! ජනතාවට විමුක්තිය! කොයිබද මේ සමාජවාදය? (නි)
ඇමරිකාව චීනයට ණයයි. ඇමරිකාව නොවෙයි ධනවත් රට චිනයයි.පුලුවන් නම් රටට ගිහින් බලන්න ඔවුන් මොනතරම් ඉදිරියෙන්ද ඉන්නේ කියලා. (නි)
ඇමෙරිකාව යුද්ධය නතර කිරීමට අපිට බලපෑම් කළේ නැහැ.කලින්ම කොටි තහනම දැමුවේ ඇමෙරිකාවයි.මහින්ද මහතා යුද්ධය කළෙත් ලෝක ත්‍රස්තවාදය පරදමු යන ඇමෙරිකා සංකල්පය මතයි.නමුත් ඉන්පසු ඇමෙරිකාව සමඟ සුහදත්වය වර්ධනය කරන්න,ඇමෙරිකාවේ නිෂ්පාදන මිලදී ගන්න ඔහු උත්සාහ කළේ නැහැ.ඇමෙරිකා ජනපතිගේ පැමිණීම යහපාලන ජයක් නොවෙයි. නමුත් ඔහු අප සාදරයෙන් පිළිගත යුතුයි. (නි)
ඔබාමාට එන්න රටක් ඉතුරු කරලා තිබුණේ, මහින්ද ඇතුළු ත්‍රිවිධ හමුදාව. ඇමෙරිකාව උදව් කරන්නේ රටවල් වල යුද්ධ ඇතිකරලා ඒකෙන් ප්‍රයෝජනය ගන්න. අපිට ඇමෙරිකාව උදව් කළේ නැහැ ත්‍රස්තවාදය නැතිකරන්න. අපේ ඔය කෑගහන අයට ඇමෙරිකාව හොඳට පෙනුනාට, ඔවුන් පයගහපු රටවල් වලට වෙලා තියෙන දේ පෙනෙන්නේ නැහැ (නි)
අපේ ලංකාවට දෙවියන්ගේම පිහිටයි. ඇවිල්ලා මුහුණ පෙන්නලා යන එක විතරයි. දෙන දෙයක් නම් නැහැ. අපෙන් ගන්න දෙයක් තියෙනවා නම් කොහොමහරි ගනියි. අනිත් රටවලින් ලංකාවට ලැබෙන දේවලුත් නවත්තයි. (නි)
ඔබාමා මහත්තයව පිළිගන්න වෙන්නේ නම් ඉතින් කාටද කියලා අපිත් දන්නවා (නි)
සුබ පැතුම්! (නි)
මෙතන මම දකින විදිහට තියෙන්නේ අපේ අය (සමහරක්) ඇමෙරිකාව ගැන බයකරලා. අපි චීනයට ළංවෙන්නෙත්, චීනය අපිට ළංවෙන්නෙත්, ඇමෙරිකාව අපිට/අපි ඇමෙරිකාවට, ඉන්දියාව අපිට / අපි ඉන්දියාවට ආදී වශයෙන් ළංවෙන්නේ ඉතින් මොනවා හරි වාසියකට තමයි. නැත්නම් ඉතින් අයිස්ලන්තයටත් අපි මේ වගේ ළංවෙන්න එපැයි.නේද? මම හරිද මන්දා! (නි)
ඇමෙරිකාව කොටි තහනම දැම්මේ නමට පමණයි, එහි සහ අනෙකුත් යුරෝපා රටවල තමයි කොටි ලැගගෙන හිටියේ සහ දැනුත් ඉන්නේ. තාමත් කොටින්ගේ විදේශික පාර්ලිමේන්තුවේ කොටසක් තියෙන්නේ ඇමෙරිකාවේ. අපිට යුද්ධ යුද්ද කරන්න ආයුධ දුන්නේ නෑ කියල මතක නැද්ද,? ඇමෙරිකාවට , සතුරාගේ සතුරා උගේ මිතුරෙක්. එ්ක තේරුම් ගන්න මෙච්චර කාලයක් ගියත් බැරිවීම ගැන කණගාටුයි. (නදී)
පියලාල්, ඔබතුමා හරි. මුලින්ම කොටි තහනම ඇමෙරිකාව තහනම් කළේ 1997. නමුත් එය නාමික තහනමක් පමණි. ඇමෙරිකාව ත්‍රස්තවාදින්ට වැට බඳින්න පටන්ගත්තේ 2011/09 මාසේ. එයාලට ගැහුවට පස්සේ. දැනුත් තහනම් තමා, නමුත් වැඩ නම් ගානට වෙනවා.කොහොම නමුත් සමස්තයක් වශයෙන් ගත් කල කීප දෙනෙක් පිටරට ඉන්නා අය මේ පාලනයට කත්අදිනවා. (නි)
මහින්දගෙයි. එයාගේ වහල්ලුන්ටයි දැන් ඉන්න බැහැ. ඇමරිකාවේ තියා අල්ලපු ඉන්දියාවේ නායකයවත් ගෙන්න ගන්න මහින්ද බැරිවුනානේ. දැන් මුන් ඊර්ෂ්‍යාවෙන් පිපිරෙනවා. ඔහොම පිපිරියල්ල. උඹලා පිපිරිලා නැතිවුනාම මෙහෙ රටේ යහපත් උන් ඉතිරිවෙනවා. (බ)
සමහරු ප්‍රතිචාර වලින් අහල ඔහු එන්නේ ලංකාව දෙකට කඩන්නද , සමහරු ඇමරිකානු ජනාධිපතිගේ පැමිණීම අවශ්‍ය නැහැ කියනවා , නමුත් මේ කියනා අය හොරෙන් හෝ යන්නට බලන්නේ එම රටට , දැනටම ලාංකික දහස් ගණනක් එහෙ , ලංකාවේ නැති නිදහස අධ්‍යාපනය සහ උපරිම සැපවත් ජිවිත ගත කරනවා , මේ ලිඳේ ඉන්න ගෙම්බෝ ඒවා දන්නේ නැහැ (බ)
දවස ගානේ සුබ ආරංචි තමා අහන්න ලැබෙන්නේ. (නි)
පියලාල්,ඇමෙරිකාව කොටි තහනම දැම්මේ 2011/09 මාසයේ එයාලට අල්කයිඩා වල ප්‍රහාරයෙන් පසුවයි. මොකද අල්කයිඩා හා කොටි අතර සම්බන්දයක් හෙළි වූ නිසා. මේ අපිට ආදරේට නොවේ. මේ තව මහතෙක් කියනවා ඉන්දියාවේ අගමැති ආ කතාවක්.මොකද එතුමා ආවේ? අපිට උදවුවටද? අපි දන්නවා මේ චතුරි කියන්නේ කවුද කියලා.මොකද ලියලා තියෙන භාෂාවෙන්ම අඳුනාගන්න පුළුවන්. (නි)
ප්‍රශ්නය තියෙන්නේ මහත්තයෝ ඔබාමා පිළිගන්න ඔයාලට ඉන්න වෙයිද කියන එකයි (නි)
1. චතුරි - ඇමෙරිකාව 2. චතුරි 3. චතුර... ඇයි නෝනා මේ නම් තුනකින්? (පරණ පුවත් මතක නම් ඔබට මතක් වේවි. එතුමියගේ භාෂාව සන්සන්දනය කරන්න) ඇයි මේ කෙළින් ලියන්න බැරි? කොන්ඳ පණ නැද්ද? (නි)
ඇමෙරිකාව සහ යුරෝපා රටවල්ද අතිවිශාල වශයෙන් ණය ගන්නේ චීනයෙන්.එහෙත් අපේ රටේ බොහෝ අය අනාගත ලොව ආර්ථික බලවතා වන චීනය පිළිගන්න කැමති නැහැ.එයද යථාර්ථයකි. (නි)
දේශපාලන මතිමතාන්තර කෙසේවෙතත් බලගතු විදේශීය රාජ්‍ය නායකයන් අපි වගේ කුඩා දුපත්වලට පැමිණීමත් මහත් ගෞරවයක් දෙන්නක්. (නි)
එදා මතකද යාපනයේ අපේ හමුදාව කොටුවුණාම චන්ද්‍රිකා මැතිනිය ඉන්දියාවෙන් උදවු ඉල්ලුවා. මතකද කිව්වේ මොකක්ද කියලා? අවශ්‍ය නම් යාපනේ ඉන්න යුධ භටයෝ කොළඹට ගෙනෙන්න නාවික පහසුකම් දෙන්නම් කිවුවා. හැබැයි යුද ආධාර බැහැ කිව්වා. මතකද එහෙම කිව්වා? ඒ දිනවල කොළඹ හෝටල් වල විදේශීය ජනමාද්‍ය නැවතිලා බලාහිටියා සජීවී ප්‍රවෘත්ති ලෝකයට ලබා දෙන්න, අපේ හමුදා භටයන්ගේ මළ සිරුරු කොළඹට ගේනවා පෙන්වන්න. මතකද මේ ආණ්ඩුව වෙනුවෙන් අදහස් දාන මහත්වරුන්ට? අන්තිමට චන්ද්‍රිකා මැතිනිය රුසියන් සමුහාණ්ඩුවට අයිති රටකින් මල්ටි බැරල් ගෙනාවා. ආවේ සාමාන්‍ය ගුවන් පථයේ නොවේ, අරාබි ගුවනේදී බලෙන් බැස්සුවා. චන්ද්‍රිකා මැතිනිය පෞද්ගලිකව දුරකතනයෙන් එරට රාජ්‍ය නායකයාට කතා කරලා, සියලුම යුධ උපකරණ කලට වෙලාවට ගෙනවිත් කොටින්ව වැනසුවා. නොදන්නා උදවිය දන්නා අයගෙන් අහගන්න (නි)
ඒක නම් හොඳ දෙයක් (නි)
මේ රට දවස ගානේ ආරාජික වන්නේ දේශපාලන වශයෙන් පමණක් නොවේ, ආර්ථික හා සංස්කෘතිකවද සෝදාපාලුවට ලක්වෙන බව නොතේරෙන්නේ මේ ආණ්ඩුවෙන් පඩි ලබන , ඉස්සර ලබාගත් උදවියට පමණි.මුල්‍ය නොවන හෝ ආධාර ලබාගත් උදවියට පමණි. එහෙම නොවන උදවිය ඕනෑතරම් ඉන්නවා.එයාලා ඇත්ත ඇති සැටියෙන් දැක කතා කරනවා. නමුත් මේ උදවිය ඕනෑම දෙයක් හරි , මිස්ටර් ප්‍රභාකරන් මරපු කතාව ගැන ලිව්වොත්, එයත් වැරදියි කියලා කියාවි. (නි)
ඇයි ඔය මිනිස්සු ලංකාවට එන්නේ අපේ රට දෙකට කඩන්න.අනේ ඉතින් එක තේරුම් ගන්න බැරි ජනාධිපති.ඔය මනුස්සය අාව කියල අපට ලැබෙන දෙයක් නෑ තියෙන ටිකත් නැති වෙන එක විතරයි වෙන්නේ (බ)
මහින්දට මොනවා කිව්වත් ලක්ෂ 58 දෙනාට වහල්ලු කියනා මේ චතුරි ( අද චතුර , මුලින් චතුරි - ඇමෙරිකාව ) කියනා නෝනා හාමු ශ්‍රී ලංකා ජාතියෙන් සමාව ගන්න ඕනේ , එයා හිතනවා ඇති ඇමෙරිකාවට ගියා කියලා ඔක්කොම හරි කියලා , මෙතුමිය ගේ අදහස් දැක්කාම පුදුම දුකක් කනගාටුවක් දැනෙනවා , තවත් ප්‍රති විරුද්ද මත දරන නෝනා මහත්වරු කොච්චර ඉන්නවාද ? එත් කවුද මේ වගේ අපහාස කරන්නේ ? (කේ)
මේ රට දවස ගානේ ආරාජික වන්නේ දේශපාලන වශයෙන් පමනක් නොවේ. ආර්ථික හා සංස්කෘතික සෝදා පාලුවට ලක් වෙන බව නොතේරෙන්නේ මේ ආණ්ඩුවෙන් පඩි ලබන, ඉස්සර ලබා ගත්ත උදවියට පමණි. මුල්‍ය නොවන හෝ ආධාර ලබා ගත් උදවිය පමණි. එහෙම නොවන උදවිය ඕනේ තරම් ඉන්නවා. එයාලා ඇත්ත ඇති සැටියෙන් දැක කතා කරනවා. නමුත් මේ උදවියට ඕනෙම දෙයක් හරි. මිස්ටර් ප්‍රබාකරන් මරපු කතාව ගැන ලිව්වොත් , එයත් වැරදියි කියලා කියාවි. අද ජාතික පුවත් පතක මුල් පිටුවේ තියෙන්නේ අධිකරණ ඇමති හා සුමන්තිරන් මන්ත්‍රී කොටි සිරකරුවන් මුදා ගන්න හමුවක්. තව උතුරේ පළාත් සභා මන්ත්‍රී කෙනෙක් නිල නොවන තහනමක් උතුරේ මසුන් මරණ දකුණේ ධීවරයින්ට පනවා ඇත. තවත් මුල් පුවතක් ඩොලරය මෑත යුගයේ ඉහලම ගිය දිනය ලෙස ඊයේ දිනය නම් කර තිබුනා. කොහොමද අධූරදර්ශි පාලනේ කෙරුවාව දින 150 ට ? තව ඉදිරියට හොඳ හොඳ ඒවා අහන්න පුළුවන්. කොටි හිරකාරයෝ එලියට දාන්නේ ඡන්දෙට කලින් මහින්ද ඇතුළු , හමුදා රණ විරුවෝ ටික ඇතුලට දාන්න ඉඩ හදා ගන්න වෙන්න ඇති (නදී)
ඇමරිකාවට ඉතිහාසයක් නැහැ. ඔවුන් අනුන්ගේ රටක් අල්ලාගෙන ඉන්නේ ස්වදේශිකයො මරලාදාලා. දැන් ඉතිහාසයක් තියෙන දුබල රටවල් බේදබින්න කරනවා. නිවට වෙන්න එපා. ඔවුන් අපට අවංකව උදවු කරන්නේ නැහැ වාසියක් නැත්නම්. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පදයට ලෝකය නටවන්නයි. (නි)
ඔබාමා මෙහි පැමිණියත් පැමිණෙන්නේ 'ගෙදර යන ගමන්'. මේ වසර අවසානයේ ඔහු ජනාධිපති පදවියෙන් විශ්‍රාම යනවාලු නේද? ඉතින් ඔවැනි සංචාරයක් වැඩදායකද කියලා සැකසහිතයි. (නි)
සඳුන්, සුපිරි කතාව (නි)
හොඳකට නොවෙයි. පරිස්සමින් (නි)
කපිල,නුඹලා කොහොමත් මේ රටට ඕනෑ නැහැ. ලංකාවේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන පිටරටවල් වලට කඹුරන නුඹලා වගේ අය කොහොමත් ආයේ මෙහෙ නාවට කමක් නැහැ. අපේ රට ගැන අපි බලාගන්නම්. (නි)
මහානාම-කඳාන ඔබතුමා රටේ දේවල් වෙන විදිය ගැන දැනුවත් වී තිබීම ගැන මට සතුටුයි. ඒ මල්ටි බැරල් ගෙන්නපු වෙලාවෙ වුනු දෙයක්. ඒව ගෙනාවෙ චෙක් ජනරජයෙන්. ඔය කියන අරාබි රටේ ඒව බස්සපු ගමන් ඒ යන්ත්‍ර වල වයර් කපලයි ලංකාවට එව්වේ. ඒ පාර චෙක් ඉංජිනේරුවො ලංකාවට ගෙන්නල තමයි ඒව ආපහු හැදුවෙ. ලංකාවේ දැනට තියෙන හොඳම යුද නැව් ගෙන්නුවෙ 2002-2004 කාලයේ රනිල්ගේ ඉල්ලීම පරිදි ඇමරිකාවෙන්. (බ)
සාදරයෙන් පිළිගන්නවා... අපි සිටිය යුත්තේ ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය, ඉන්දියාව වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ක මිස චීනය, රුසියාව, ස්වාසිලන්තය, උගන්ඩාව වැනි අර්ධ ඒකාධිපති රටවල් සමග නෙමේ...(බ)
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වී ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා, කව්ද කියන්නේ, නිකන් එහෙම එන්නේ නැහැ, එන්නේ වැඩක් දෙන්න, ලංකාවේ අවට තෙල් ගෑස් නිධි තියනවා කියල දන්නවා, මොනවහරි අල්ලපු රටක් එක්කල හෝ ජාතියක් එක්ක කෙටවිල්ලක් කරලා එමගින් මුල් බැහැල එයාලගේ වැඩේ කරනවා.(බ)
අනේ අපේ රටට වෙච්ච දෙයක් !!!!! (නි)
මෛත්‍රී ජනපතිතුමා හරි වාසනාවන්තයි.හිටපු සමහරුන්ට ඇහේ කටු ඇනෙනවා වගේ දැනෙනවා ඇති ..... (නි)
යුද්ධ කාලේ මේගොල්ලෝ කොහෙද හිටියේ? නිකන්වත් උදවු කළාද? (නි)