බොලිවුඩයේ ජනප්‍රිය ‘ඛාන්’ යුවළක් වන ෂාරුක් ඛාන් හා අමීර් ඛාන් පෙනී සිටින සෙල්ෆි ඡායාරූපයක් පසුගියදා ඔවුන්ගේ ‘ට්විටර්’ ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත් කර තිබුණ බව සඳහන් වේ. මොවුන් දෙදෙනා මෙසේ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිට ඇත්තේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ අජේ බිජ්ලිගේ ඩුබායි නිවසේදී පැවැති උපන්දින සාදයකදීය.
පසුගිය කාලයේ අමීර් ඛාන්ගේ ‘දංගල්’ චිත්‍රපටය අති සාර්ථකවීම නිසා බොලිවුඩයේ ‘කිං ඛාන්’ කිරුළ ඔහුට හිමිවුවද පසුව ඔහු එම කිරුළ හිමිවිය යුත්තේ ෂාරුක් ඛාන්ට බව පවසමින් ‘කිං ඛාන්’ කිරුළ අත්හළ බව සඳහන් විය. මේ නිසාම දෙදෙනා අතර යම් විරසක වීමක් ඇති බවට තොරතුරු වාර්තා වුවද ඔවුන් එය තවත් කට කතාවකට පමණක් සීමා කරමින් මෙසේ මෙම සෙල්ෆි ඡායාරූපය සිය ‘ට්විටර්’ ගිණුම්වලට එක් කළ බව වැඩිදුරටත් සඳහන්ව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd