ජූනි පළමු වැනි දා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට තංගල්ල පොලිසියෙන් පණිවුඩයක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙන් කියයි.
‘කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස මගේ අම්මාට මේ දැන් දැන්වීමක් ලැබුණා. මගේ අම්මා හැමවිටම දේශපාලනයෙන් ඈත්වී සිටියා.‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
‘මගේ අම්මාට මෙහෙම සැලකීම හරිද? මේ ආණ්ඩුවට යහපාලනය නිකම් මුහුණතක් පමණයි. පලි ගැනීම යහපාලනය නොවෙයි. මගේ අම්මා ඉලක්ක කර ගැනීමෙන් එය පේනවා. හිටපු ජනපති රාජපක්ෂ හා මම දේශපාලනඥයන් ලෙස ඕනෑම දේශපාලන පළිගැනීමකට මුහුණ දෙන්න සූදානම්. මා හිතනවා මගේ අම්මාත් සහෝදරවරුනුත් මේවාට අල්ලා නොගනු ඇතැයි කියා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය තිබියදී කරපුවා විඳවනවා වගේ දැන් (නි)
මේ රටේ සාමාන්‍ය පුරවැසියන් නොව ප්‍රභූ පන්තියේ පුරවැසියන්ය. වැරදි කර නැත්නම් බිය වන්නේ කුමකටද? නිදොස් වී නිදහස් වූ පසු එයද ලබන මැතිවරණයේදී වැඩි ඡන්ද ලබා ගැනීමට ප්‍රබල සුදුසු කමකි. (බ)
මම කලක් කොළඹ කොටුවේ වැඩ කළා. චැතම් විදියේ උදේ වැඩට දුවන සියලුම කට්ටිය පාරේ හිටුවල අතක් පයක් නොහෙල්වන ලෙස ඉන්න සලස්සනවා. මෙතුමිය ව්‍යායාම පිණිස ඉස්සරහ ජනාධිපති මාවතේ ඇවිදිමින් යනකොට. ඔහොම තමයි ඉතින් දුක සැප නීති පෙරලේ. ! දැන් කොටුවේ චැතම් විදිය ජනාධිපති මාවත මහජනයාට පිනුම් ගහන්නත් විවෘතයි. (බ)
නැවත ඔබලාගේ වාරය එනතුරු ඉවසන්න. (ම)
යහපාලානේ පැත්තෙනම් ඔක්කොම බෝධිසත්වයෝ..නඩුත් නැහැ.චෝදනාත් නැහැ..යහපාලනෙට විරුද්ධනම් මුල්‍ය අපරාධ ඒකකයේ..ඇප නැතුව රිමාන්ඩ්.ඔය කතා කරන මහත්තුරු ටිකක් කියන්නකෝ පහුගිය ආණ්ඩුවේ චෝදනා තිබුණු අයගෙන් අද යහපාලනෙට හේත්තුවෙලා ඉන්න අයට කිසි චෝදනාවක් එල්ල වෙන්නේ නැත්තේ මොකද කියල..කෝ මර්වින් සිල්වල,කෝ රාජිතල.බදුර්දින්ලා,තොන්ඩමන්ලා ...කට්ටිය හිතාගෙන ඉන්නේ සදාකාලිකව යහපාලානේ තියෙයි කියල වගේ..නැහැ මහත්තුරුනේ..අච්චර ශක්තිමත්ව තිබුණු රාජපක්ෂ ආණ්ඩුව කඩාගෙන වැටුනානම් මේ යන්තම් බලය රැකගෙන පනකෙන්ද ගැටගහන් ඉන්න ආණ්ඩුව ගැන කුමන කතාද? 2002 දී වසර දෙකක්වත් හිටිය..මෙදා පාර මාස ගානයි. (බ)
වරදක් කර නැත්නම් ඇයි බය වෙන්නේ.(හේ)
හොරුන්ගේ තියන ආඩම්බර ..... හොරකම් කරන්න හොඳයි ... ඒවා පරික්ෂා කරන්න හොඳ නැහැ. මුන්ට පිස්සු.(ම)
යහපාල මහත්තයෝ,කවුරු බලයට ආවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.ඒ නිසා ඔබතුමා ඔය කිව්වට, වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. (කේ)
අම් වුණත් වැරැද්ද වැරැද්ද මයි.බලය තියෙන කොට කරපු දේවල් වැරදිනම් දඩුවම් විදිය යුතුවේ (ම)
කුඩා බණ්ඩා මහත්තයාගේ ප්‍රතිචාරේ දැක්කේ පස්සේ..ඔබතුමාට කිව යුත්තක් තියෙනවා..19 සම්මත වුනාට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනපතිට බැහැ වසර 4 1/2 පනිනකම්. තමන්ට පාර්ලිමේන්තුවේ බලයක් නැති ජනපති කෙනෙක් කියන්නේ දැන් නිකම්ම නිකම් පඹයෙක් පමණයි..අපි ඒ ක්‍රියාවලිය 2002දි දැක්ක.. අත්වින්ද..එදා චන්ද්‍රිකා මැඩම්ට තිබුණු බලයෙන් කරන්න පුළුවන් වුනේ එකම එක දෙයක් පමණයි..අද ඒක කරන්නත් බැහැ.හොදට මතක තියා ගන්න යු අැන් පි ආණ්ඩුවක් ආවොත් ඉදිරි මැතිවරනේදී මෛත්‍රී මහත්තය තවත් විලියම් ගොපල්ලව කෙනෙක් තමයි.මහින්ද මහත්තයත් එක්ක එකතුවෙලා සන්ධාන රජයක් බිහිකරගත්තොත් පොඩ්ඩක් ඔලුව උස්සල ඉන්න පුළුවන් වේවි..(බ)
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ (නි)
එතකොට අර පහුගිය දවස්වල 5000 නෝට්ටු මිටියක් බැංකුවට ගෙනා නෝනට මොකද කරන්නේ. ඒවා මුල්‍ය ප්‍රශ්න නෙවෙයිද?(ම)
මටත් මේ ඉවසුම් නැතුවයි ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා බලන්න (නි)
ඔවු ඔවු අපි බලමුකෝ.... (නි)
දැන් අර තවත් වැදගත් කාන්තාවකට පහුගිය කාලේ බොරු චෝදනා දාලා කරදර කරපුවා දේශපාලන පළිගැනීම් නැත්නම් වෙන මොනවද කියලත් කියලා හිටියා නම්? (නි)
හරි හරි වරදක් නැත්නම් බයවෙන්න දෙයක් නැහැ. බලමුකෝ මෙයාගේ වැඩ ටිකත්.රටේ මිනිසුන්ගේ අහිංසක ඡන්දේ අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තා නම් කළ හැමදේටම දඬුවම් විඳින්න සිදුවේවි.. (නි)
කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවේ ගිනි සේ - ළිප ගිනි මෙළවෙන තෙක් දිය සැළියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ... ඉලන්දාරිකම් වයසට යනකන් - මුලාදෑනිකම් බලේ තියෙනකන් - මේ ඔක්කොම කන් ජීවත්වෙනකන් (නි)
ඔබම විනිශ්චය කරන්නේ නැතුව අධිකරණය විනිශ්චය කරනතුරු ඉන්න. (නි)
හුගක් අයගේ මව්වරු සිහිපත් වෙන කාලයක් මේක (බ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ! (නි)
222222222v දරණ ජාතික හැදුනුම්පත් අංකය කාගේද ? (ත)
මේවගේයේ ප්‍රතිඵල තව මස කීපයකින් බලා ගන්න පුළුවන්. එදාට වැලිකඩ මදි වෙනවා කුරු ගනින්න කට්ටියටම. (ත)
අනේ පව් එයත් තොත්ත බබා...අපි දන්නවානේ (බ)
මේ ඔක්කොම තාත්තල, පුතාල කියන කතා ඇහුවාම හිතෙනවා, මේ අය මුරුගසන් වැස්සට තෙමිලද කියල. අර හැදුනුම් පතේ අංක දැක්කම හිතා ගන්න පුළුවන් මොන තරම් බලයෙන් මත් වෙලා හිටියද කියල. (බ)
පව් රටේ හිටිය අහිංසකම කාන්තවනේ අනේ මගේ කට (ම)
එතුමිය රෑ එළිවෙනතුරු විස්කි බී උදේ නමය වනතුරු නිදාගත්තේ නැත, බිකිනිය ඇඳගෙන නාන තටාකයේ සිටියදී ඡායාරූප ගත් මාධ්‍යා කරුවන් මරා දැමුවේ නැත, සැමියා ජනපතිව සිටියදී ඇය කළේ අසරණ දරුවන්ට පිහිටවීමය ...මේ අදහස් දාලා තියෙන අය 2014 පස්සේ ඉපදුන අය වෙන්න ඇති, එ්කයි අතීතය දන්නේ නැත්තේ..(බ)
පසුගිය කාලයේ කොරියාවෙන් පාසැල් වලට බෙදන්න කියල පරිත්‍යාග කල පියානෝවල් කාගේදෝ පෙර පාසල් ජාලයක පැටලී නැවතුනාලු.(නදී)
අත්තිඩිය කලාපුරයෙන් ඇසෙන්නේ කොරියන් ජන සංගීතයද? (අ)
වරදක් කරලා නැතිනම් කුමටද බයවෙන්නේ ?නිවැරදි කාරයා සැමවිටම නිශ්ශබ්දව සිටින පුද්ගලයෙකි (ම)
ඕවා ජනතාවට කීවාම ජනතාව කියනවද ඔව් ඇය නිර්දෝෂයි කිසි පරීක්ෂණයක් අවශ්‍ය නොවේ කියා ? මෙය විශේෂ දෙයක් නොවේ රටේ පවතින සාමාන්‍ය නීතිය ...ඇය කිසිවකටත් සම්බන්ධයක් නැතිනම් හෝ ඇයට අසාධාරණයක් වුනානම් ඇයට පුළුවන්කම තිබෙනවානේ ඊට විරුද්ධව නීතියෙන් ක්‍රියා කරන්න. ජනතාවගේ අනුකම්පාව ලබාගෙන ජනතාවගෙන් තීන්දු ගන්න ක්‍රමවේදයක් නීතියේ කොහෙවත් තිබේද ?(ත)
ඒ කියන්නේ ඔබලාගේ පාලන කාලය තුල කෙරැණු වංචාවන් පිළිබද යහපාලනය තුලින් සෙවීම අපරාධයක් ද ? ඔබේ මවට 222222222වී යන හැදුනුම්පත කොහෙන්ද? එය බොරු හැදුනුම්පතක් ද? ඔබලාටත් පුලුවන්නේද අධිකණයට ගොස් ඔබලාගේ නිරදෝශි බාවය ඔප්පු කරගෙන ඔය චෝදනා එල්ල කරන අයට විරැද්ධව නීති ක්‍රියාමාර්ග ගන්න. මේවා ගැන ඇත්ත නැත්ත දැනගැනීම සාමාන්‍ය ජනතාව වන අපිට දැනගන්න අයිතියක් නැද්ද? මේවාට උත්තර අපටත් ඉක්මනින් දැනගන්න අවශ්‍යයි. (ත)
අඩු ගානේ මහා භාණ්ඩාගාරයෙන් අතුරුදන් වුණු බව කියන රත්රන් ටිකට මොකද වුණේ කියල වත් කීවොත් ? (ත)
මගේ දුවට ජනප්‍රිය පාසලේ 1 වන වසරේ දොර වැහුනේ ඇයට තරම් සුදුසුකම් නොතිබුන එක්තරා ජනප්‍රිය පෙර පාසලක දැරිවියන් රෑනකට පස්ස දොරෙන් ඉඩ ලැබීමයි. (ම)
මහින්දත් එක්ක ආණ්ඩුවක් අවොත් යහපලට ඔලුව උස්සලා ඉන්න පුලුවන් බවනම් පෙනෙනවා. රටේ ටිකක් හරි මොලේ තියෙන අයට තමයි ප්‍රශ්නේ.(ම)
නීතිය ඉදිරියේ සැමගේම මව්වරුන් එක සමානයි. තනතුරු තරාතිරම් සහ සමාජ තත්ත්ව එයට අදාළ නොවේ. එමෙන්ම නීතියෙන් වරදකරු බවට ඔප්පු වෙන තෙක් වැරදිකාරියක්ද නොවේ. නාමල් මහතා නීති විභාග පාස් කලත් නීතිය හදාරා නැති සාමාන්‍ය පුතෙකුගේ කටින් පිටවෙන වචන ටිකක් නේ මේ පිට කරලා තියෙන්නේ. (ත)
වැරැද්දක් තිබේද නැද්ද යන වග තහවුරු කරගන්නනේ එන්න කියන්නෙ... (නි)
ඇත්තටම ඇයට මෙහෙම සැළකීම නිවැරදිද? ඇය මහින්ද මහතා බලයේ සිටි කාලයේ ජාත්‍යන්තරය සමඟ ඉතා හොඳින් සබඳතා පැවැත්වූ, රටට ගෞරවයක් දෙන ලෙසට හැසිරුණු කාන්තාවක් (නි)
ඇත්ත. ඇයට පාඩුවේ ඉන්න දෙන්න. (නි)
පුද්ගලයන්ගේ තරාතිරම බලා නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද? නිවැරදි නම් නීතියෙන් ඇයට සාධාරණයක් ඉටුවේවි. (නි)
නාමල් මහතාට තමන්ගේ අම්මාට අවනඩුවක් වුනාම තමයි දෙලොව රත් වෙන්නේ. (හේ)
නීතිය හැමදෙනාටම එක සමාන විය යුතුය. ලොකු සමාජ තත්වයක් තිබෙන කට්ටිය අතින් කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. එදා වේල කන්න නැති උදවිය තමයි වැරදි කරන්නේ කියන මතයේ ඉඳලා නීතිය ක්‍රියාත්මක කරන්න බැහැනේ. නිවරදිකරුවාව නීතියෙන් ආරක්ෂා කරාවි. (හේ)
ඇයගේ ලිපි ශීර්ෂයක් මෑතකදී සමාජ අඩවිවල පලවී තිබුනා. ඒ අනුව ඇය හිටපු රජයේ තනතුරක් දරුපු නිසා පොලිසියට ගොස් කටඋත්තර දීම පලිගැනීමක් නොවේ.(හේ)
අපි දන්නා තරමින් ලංකාවේ කවුරුවත් තවම මාර්ගපල ලබල නැති නිසා සියලු දෙනාම උපාසක අප්පුල යනුවෙන් අනුමාන කර නීති පද්ධතිය ක්‍රියාත්මක කරන්න බැහැ. කලකට පෙර අපේ අම්මවත් නිරපරාදේ පොලිසියට ගෙන්වූවා ඉඩම් කෑල්ලකට ඔට්ටු වුන නෑදෑයෙක් . ඒ නිසා මට නාමල් මහතාගේ හිතේ අමාරුව තේරෙනවා.. (බ)
නීතිය ක්‍රියාත්මක වෙන විදියේ වරදක් තියෙනවා. පොලිසිය දේශපාලනීකරණය වෙලා. අත්අඩංගුවට ගන්නේ මොන පුද්ගලයවද යන්න තීරණය කරන්නේ රනිල් මහත්තය. එම තීරණය මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කරනවා. (බ)
ශිරාණි බණ්ඩාරනායකට කළේ පළිගැනීමක් නේද. ඇය මොන වැරැද්දක් කළාටද එහෙම කළේ. තමන්ට වුනාමද ඇඟට දැනෙන්නේ. (බ)
ජයන්ත"ඇය මහින්ද මහතා බලයේ සිටි කාලයේ ජාත්‍යන්තරය සමඟ ඉතා හොඳින් සබඳතා පැවැත්වූ, රටට ගෞරවයක් දෙන ලෙසට හැසිරුණු කාන්තාවක්" (බ)
ඉස්සර බලයෙන් මත වෙලා ඉන්න කාලේදී අස්පයෝ පුරුදු වෙන්න අසාවක් හිතිලා නුගේගොඩට එනවා.මුළු ප්‍රදේශයම වහල වාහන ගාල් කරලා තියෙනවා.අපි පැය ගණන් චාටර් වේවි බලන් ඉන්නවා. (බ)
කලබල නොවී ඉන්න සත්‍ය එළිවෙයි කවදා හෝ (බ)
දැන් කාලේ පරාජිතයන්ගේ නවතම වේදිකාව ෆේස්බුක්, ඔක්කොටම කලින් කෑගහනවා (බ)
වෙබ් අඩවි වල පළවුණු විමල් වීරවංස ඇමතිවරයාට යාලුවෙකුට ගෙයක් ලබා දෙන්න කියල ඉල්ලා ලියුමක් ගහල තිබුනේ ඔයාගේ අම්ම නේද නාමල් ? (බ)
මොනවා වුනත් ඉතින් තමන්ගේ අම්ම නේ . ඒ නිසා හිත කලබල වෙනවා තමයි. ඒ වුනාට ඉතින් පුතා විදියට මේ වෙලාවේ ඇයට මානසික සවියක් වෙන එක වටිනවා හතර අතේ දෙස් දෙවොල් තිය තිය විලාප නගනවාට වැඩිය. (බ)
එතකොට සුරන්, සුභ අනාගතයක් කාලේ නීතිය නිවැරදිවම ක්‍රියාත්මක වුණාද ..?.(ම)
මෙහෙම පලිගැනීම් කරලා ආණ්ඩුව පැරදුනොත් වෙනදේවලුත් ඉතා අමිහිරි වේවි. පරණ කියමනක් තියනවනේ නයාට ගහලා පොල්ල වරද්දගන්න එපා කියලා. මේ කරන්නේ උපක්‍රමයක්. ජනතාව කොහොමහරි පාරට බස්සගන්නට මේ බලන්නේ.එමගින් තරුපහේ මාර්ෂල් අයියා මගින් හමුදාව කැදවා මැතිවරණයකට නොයා බලයේ ඉන්නට හදන උපක්‍රමයක් බව පැහැදිලියි. දිනෙන් දින කඩාවැටෙන රජය පවත්වාගෙන යන්නට හැකි එකම තුරුම්පුව ගහන්නට යහපාලන මාෆියාව උත්සාහ කරන බව පැහැදිලිය. (බ)
මට තේරෙන්නේ නැහැ දේශපාලනයට සම්බන්ධ කෙනෙක්ගෙන් කට උත්තර ගන්න ගියාම හැමවිටම ඒක දේශපාලන පලිගැනීමක් කියලා අර්ථදක්වන්නේ මොකද කියලා. (බ)
තමන්ගේ අම්මා වුණත් වැරැද්දක් කළා නම් ඒක වැරැද්දක්නේ. වැරැද්දක් තමන් අතින් සිදුවි නොමැති නම් ඒ බව ඔප්පු කරලා පෙන්වනු විනා, කළ වැරැද්ද වසා ගැනීමට උපක්‍රම යෙදීම සදාචාරසම්පන්න නැහැ. රටක පවතින නීතිය කාටත් පොදුවිය යුතුයි. (නි)
ඇත්ත, ඔහුගේ වේදනාව සාධාරණයි (නි)
මේක නම් දේශපාලන පළිගැනීමක් වගේ කියලයි මට නම් හිතෙන්නේ. මේ අයගේ වැරදි හොයන්න වෙනත් කට්ටියක් බලයට ගෙනෙන්න වේවි. (නි)