IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


අම්මාටත් දරුවන් එපා වේ

මවත් පියාත් යළි විවාහ වීම නිසා යන එන මගක් නැතිව අසරණ වූ දරුවන් තිදෙනෙකු ගැන දඹුල්ල අසල ගමකින් වාර්තා වේ.

වයස අවුරුදු 14ක් වන පාසල් ශිෂ්‍යයෙක් ද, වයස අවුරුදු 20ක් සහ 17ක් වන දියණියන් දෙදෙනක් ද, එසේ අසරණව සිටිති.

මව වෙනත් විවාහක් කරගෙන තමා ද, තම සහෝදරිය හා සහෝදරයා ද නිවසෙන් එළවූ බව අවුරුදු 20ක් වන වැඩිමහල් දියණිය කියන්නීය.

දුම්රියට පැන දිවි නසා ගැනීමට යද්දී අසල්වාසීන් එක්වා අවවාද කර කරුණු වටහා දී බේරා ගත් බව කියන මේ තිදෙනා දැන් ඥාති නිවසක සිටිති.

වැඩිමහල් දියණිය කුලී වැඩ කරමින් ගුරුවරුන්ගේ ද, උදව්වෙන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති අතර, කරදර හා බාධක මධ්‍යයේ දෙවැනි දියණිය අධ්‍යාපන කටයුතු අතර මග නතර කර ඇත. අවයස අවුරුදු 14ක් වූ පිරිමි දරුවා දැනට අධ්‍යාපනය ලබයි.

වැඩිමහල් දියණිය කියනුයේ තමන් පදිංචිව සිටි නිවෙස කටා වැටුණු පසු මහින්ද රාජපක්ෂ ජනපතිට ලිපියකින් දැනුම් දුන් බවයි. ඒ අනුව නිවෙස හදා ගැනීමට රුපියල් ලක්ෂයක ආධාර මුදලක් ලබාදීමට යද්දී මව එය මුදල් ගැනීමට කළ උත්සාහ කළ නිසා එම ආධාරය අවලංගු කළ බව ද ඇය කියන්නීය.

තම බාල සොයුරාට හොදින් ඉගැන්වීම සඳහාත්, ජීවත්වීමට මුදල් උපයා ගැනීම සඳහාත් තමා ඇඟළුම් කම්හලක රැකියාවකට යන්නට තීරණය කළ බවත්, බොහෝ දිනවල බඩිගින්නේ සිටි බවත්, සහෝදරයා සහ සහෝදරිය සමග ජීවත් වීමට නිවසක් තනා ගැනීමට අවශ්‍ය බවත් වැඩිමහල් දියණිය ඇඩූ කදුලින් පැවසුවාය.

‘මම මාධ්‍ය මගින් ඉල්ලීමක් කරනවා දරුවන්ට මෙහෙම දුක් විදින්න දෙන්න එපා කියලා දෙමව්පියන් දැනුවත් කරන්න කියා. මටත් නංගිටත් රැකියාවක් සහ ඉන්න නිවසක් තිබුණොත් මල්ලිට හොඳට උගන්වලා අපිට හොදින් ජීවත් වෙන්න පුළුවන්‘

071 74 46 372 දුරකතන අංකයෙන් වැඩිමල් දියණිය සම්බන්ධ කර ගත හැකිය.



අදහස් (0)

අම්මාටත් දරුවන් එපා වේ

අනුර Saturday, 09 March 2013 11:18 AM

බලන්න අම්මටයි තාත්තාටයි දෙන්නාටම දඩුවම් කරන්න ඕනේ (දී)

:       0       0

අරුසිස් Friday, 08 March 2013 08:10 PM

මේවට කතාකරන්න කවුරුවත් නැහැ. (නි)

:       0       0

වන්නි Saturday, 09 March 2013 11:23 AM

මෙහෙම කරන්න එපා, පවු , දරුවන් අසරණ කරන්න එපා (දී)

:       0       0

සාලිය Friday, 08 March 2013 08:08 PM

කරුණාකරලා මේ අම්මගේ සහ තාත්තා‍ගේ මුහුණු පෙන්වන්න. (නි)

:       0       0

උමාරා Saturday, 09 March 2013 06:26 PM

මේ වගේ අයට උදවු කිරීම ජාතියේ අවශ්‍යතාවයක්. (නි)

:       0       0

අනුරාධ Friday, 08 March 2013 08:10 PM

දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද වන සිවුපාවුන් වැනි මිනිසුන්ද ඇති බව අමතක නොකරන්න. (නි)

:       0       0

නිත්‍යා Saturday, 09 March 2013 11:46 AM

අභියෝග ජයගෙන ඉදිරියට යාමට අතහිත ලැබේවා (ස)

:       0       0

තාරක Friday, 08 March 2013 08:31 PM

අනේ දරුවෝ, පරිස්සමෙන් ලංකාවේ ඉන්න. දැන් මනුස්සයෝ නෙමෙයි සත්තුයි ඉන්නේ. (නි)

:       0       0

නුවන් Saturday, 09 March 2013 11:58 AM

දරුවන් නැතුව කොච්චර පිරිසක් ඉන්නවාද (දී)

:       0       0

සතිෂ් Friday, 08 March 2013 08:58 PM

රීටා, වහාම අයින් වෙන්න ඔතනින්. ඔන්න වෙනත් සේනාවක් ඔයාගේ පිටිපස්සේ. (නි)

:       0       0

සමීර Saturday, 09 March 2013 12:07 PM

ඇයි සමහරු බොදුබල සේනාව එනකන් බලන් ඉන්නේ. මේ ඔයාලගේ රට නෙමෙයිද.යමක් කරන්න හදන මිනිස්සුන්ටම ගරහන්නේ නැතිව තමනුත් කිසියම් දෙයක් කරන එක නේද යුතුකම. (ස)

:       0       0

බණ්ඩා Saturday, 09 March 2013 07:51 PM

ලංකාවේ ඉන්නේ සතුන් වගේ මිනිසුන් පිරිසක් නිසා බැංකු ගිණුම් අංකය පමණක් පළකරන්න. (නි)

:       0       0

රීටා Saturday, 09 March 2013 12:14 PM

කාන්තා පරපුරටම නින්දාවක් ඔබ (දී)

:       0       0

කන්සි Friday, 08 March 2013 09:11 PM

හොද මිනිසුන් කොච්චර උදවු කළත් එක නරක මිනිහෙක් හිටියොත් ඔක්කොම ඉවරයි. (නි)

:       0       0

රොහාන් Saturday, 09 March 2013 12:17 PM

තව මොනවා හොයනවද ? ඔය තියෙන්නේ එලිපිටම (ස)

:       0       0

චන්ද්‍රා Friday, 08 March 2013 09:27 PM

ළමයින‍්ගේ නෙමෙයි, අම්මගේ සහ තාත්ත‍ගෙ නොම්මරයි පළකරන්න තියෙන්නේ. (නි)

:       0       0

කසුන් Friday, 08 March 2013 09:55 PM

බොදු බලු සේනාව කෝ ? සිංහල බෞද්ධ දරුවෝ වෙනුවෙන් ඉන්නේ නැද්ද? (නදී)

:       0       0

කසුන් Friday, 08 March 2013 09:50 PM

බොදු බල සේනාව කෝ? සිංහල බෞද්ධ දරුවෝ වෙනුවෙන් ඉන්නේ නැද්ද?(නදී)

:       0       0

හැරල්ඩ් Friday, 08 March 2013 09:53 PM

දීපාල් මේක දේශපාලන ප්‍රශ්ණයක් නෙමෙයි.(නදී)

:       0       0

තාරක Saturday, 09 March 2013 12:56 PM

එහෙනම් මොකටද දරුවන් හැදුවේ (දී)

:       0       0

ඩයස් Friday, 08 March 2013 09:59 PM

මේවට පාලකයන්ටවත් ,රටවත් මෝඩකම ප්‍රදර්ශනය කරන්න බෑනලා වෑඩක්නෑ.මේවගේ කරදඩු උස්මහත් වෙච්ච දරුවන් සිටින ඒ අසමජ්ජාති දෙමව්පියටයි බෑනිය යුත්තේ. දුවේ ඔයාගේ දුරකතනයට එන හෑම ඈමතුමක්ම ලියා තබාගන්න . මාධ්‍යට එය දෙන්න ඒ අය ඔයාට සුදුසු දෙයක් සොයාදෙයි. මාධ්‍යවේදිනියන්ගෙන් උදව් ගන්න බලන්න.(නදී)

:       0       0

සුනිල් Saturday, 09 March 2013 12:52 PM

අම්මා කියන නමටත් ජජ්ජාවක් මෙවන් අය (දී)

:       0       0

ශෙහාන් Friday, 08 March 2013 10:04 PM

රීටා, ඔයාගේ සේනාව ඔයාව හොඳට බලාගන්නවා වගේ.(නදී)

:       0       0

හැරල්ඩි Friday, 08 March 2013 10:25 PM

ශරියා නීතිය මතක්වෙන්නේ මේ වෙලාවට තමයි.(නදී)

:       0       0

මල්ලිකා Friday, 08 March 2013 10:36 PM

මොළේ තියෙනවනම් කරුණාකරලා මේ ළමයාගේ දුරකතන අංකය අයින් කරන්න. වෙනත් ක්‍රමයකින් උපකාර කරන්න. නැතිනම් මේ ළමයට කරදරයක් වේවි.(නදී)

:       0       0

මහේෂ් Friday, 08 March 2013 10:36 PM

බොදු බල සේනාවටම හැමදේම කරන්න බැහැ. (නි)

:       0       0

කසර Saturday, 09 March 2013 01:24 PM

අපහාස නොකරන්න. (ස)

:       0       0

පූරි Friday, 08 March 2013 11:17 PM

කට්ටියම කියවනවා විතරනේ. මොකක්හරි උදවුවක් කරන්න බලන්නකෝ. (නි)

:       0       0

සෝම ස්වාමින් වහන්සේ Saturday, 09 March 2013 01:39 PM

මුස්ලිම් සමාජයේ මහත්වරුන් කීප දෙනෙකුම මෙම දරුවන්ට උදවු කිරීමට ඉදිරිපත්ව සිටිනවා. කවුරුන් හෝ අසරණ වු විට උදවු කිරීමත් උදවු ලබාගැනීමත් මානුෂික උතුම් ගුණාංගයකි. එයට ජාති භේද, ආගම් භේද, වර්ණ භේද නොපවතින්නේය. (නි)

:       0       0

ජීවන් Saturday, 09 March 2013 12:09 AM

හැරල්ඩ් ඩයස්, මේකට දේශපාලකයන්ට බනින්නේ නැතුව කොහොමද? චන්ද වලට වැඩ කරන හෙංචයියලට ජොබ් දෙනවා. මේ වගේ අයට නැහැ.(නදී)

:       0       0

සේනානායක Saturday, 09 March 2013 12:17 AM

පරිස්සමින් දුවේ ඔබලාගේ ලිපිනයක් දමන්න. හැකි අයුරින් සහයෝගය දෙන්නම්.(නදී)

:       0       0

ඩයස් Saturday, 09 March 2013 11:05 PM

ලොකු දුව, ඔබ දිරියෙන් නැගිට ජීවිතට ජයගන්න. (නි)

:       0       0

විජය තෙර Friday, 15 March 2013 07:43 PM

කර්මය විසින් සත්ත්වයා වෙන් කරයි. (නි)

:       0       0

කසුන් Saturday, 09 March 2013 02:09 AM

රීටා කට පියාගන්න. සේනාව කියන්නේ රටට අවශ්‍ය සම්පතක්. (නි)

:       0       0

සංජය Saturday, 09 March 2013 03:31 AM

මේ පොඩි ළමයි නෙමෙයි. දැන් ඉතින් දෙමවිපියන්ගෙන් වෙන් වෙලා තමන්ම වැඩක් කරන්න ඕනේ. වයස 14 ළමයා නම් පවි. 18 ට වැඩි නම් ඉතින් අමාරුයි.(නදී)

:       0       0

සමන් Saturday, 09 March 2013 02:05 PM

අනේ මන්දා මේ මොන විදියේ දෙමවුපියෝද කියලා? (නි)

:       0       0

හිල්මි Saturday, 09 March 2013 04:17 AM

මට ඕනෑනම් පුලුවන් මාසයක් ගාණේ වුණත් සල්ලි යවන්න. (නි)

:       0       0

වරුණ Friday, 08 March 2013 04:25 PM

ඔය තියෙන්නේ ආසියාවේ ආස්චර්යය එළකිරි වගේ....(ස)

:       0       0

සුමිත් Saturday, 09 March 2013 04:50 AM

මට ඔවුන්ට ටිකක් උදව්කරන්න පුළුවන්. කොහොමද එය කරන්නේ? (නි)

:       0       0

සජී Friday, 08 March 2013 04:30 PM

මේ මිනිස්සුන්ට මෙහෙම දේවල් හිතෙන්නෙම වයසට යනකොටනේ අප්පේ! (නි)

:       0       0

ආනන්ද Sunday, 10 March 2013 02:47 AM

අමා කියන උත්තම වචනයටත් නිගාවක් (දී)

:       0       0

පෙරේරා Saturday, 09 March 2013 02:31 PM

අම්ම කියන්නේ මිට වඩා උතුම් කෙනෙක්ට, මොවුන්ට අම්මා කියලා කියන්න එපා (දී)

:       0       0

ජීවන්ත Friday, 08 March 2013 04:29 PM

ඇයි මේ දරුවගෙ දුරකථන අංකය දුන්නේ? පරිස්සමින් දුවේ. මේක නපුරු සත්තු ඉන්න රටක්. වෙනයම් ආකාරයකින් උපකාර ලබාගන්න.(ස)

:       0       0

කුමාර Saturday, 09 March 2013 05:49 AM

බණ කියන රටක් බණ අහන රටක්... (නි)

:       0       0

අසාම් Saturday, 09 March 2013 06:44 AM

දුරකතන අංකය වෙනුවට එයා‍ගේ බැංකු ගිණුම් අංකය යෙදුවා නම් නේද හොද? (නි)

:       0       0

සන්ජු Friday, 08 March 2013 04:36 PM

වරුණ ඔයා ඔයාලගේ ගෙදර මොනවා හරි උනත් කියන්නේ ඔය ලියලා තියෙන දේමද? මෝඩයෙක් වගේ කියවන්න එපා.... (ස)

:       0       0

ධනුක Friday, 08 March 2013 04:36 PM

දරුවන්ගේ වටිනාකම් නොදන්නා දෙමව්පියෝ.. මුළු ජාතියටම ලැජ්ජාවක් ඔබලා...(ස)

:       0       0

ධනුක Saturday, 09 March 2013 07:12 AM

පරිස්සමින් නංගියෝ. මිනිස්සු සත්තු වගෙයි. (නි)

:       0       0

අමිල Friday, 08 March 2013 04:39 PM

මේ අම්මා නම් මහ නරක කෙනෙක් වගෙයි. (නි)

:       0       0

රජින්ද Friday, 08 March 2013 04:40 PM

රටකට ගිය කලක්... ! පිට රටවල ඉන්න උදවිය එහෙම ම ඉන්න වෙන්නේ... මව් රට දැන් අපිට අයිති නැති වෙලා ඉවරයි... !(ස)

:       0       0

රිස් Friday, 08 March 2013 04:41 PM

මේක මුස්ලිම් කෙනෙක් කළා නම් අද හැමෝම මෙතන බනින්නේ ඉස්ලාම් ආගමට. (නි)

:       0       0

රනා Friday, 08 March 2013 04:42 PM

වරුණ ගොනා පාට් එපා.....(ස)

:       0       0

චමින්ද Saturday, 09 March 2013 07:51 AM

දුරකතන අංකය වෙනුවට බැංකු ගිනුම් අංකය නේද දාන්න ඕනේ. කරුණාකරලා බැංකු ගිනුම් අංකය දමන්න.(නදී)

:       0       0

ශාන්ති Friday, 08 March 2013 04:46 PM

කවුද ජංගම දුරකථන අංක දුන්නේ... අනේ ළමයි අමාරුවේ වැටේවි බලාගෙන දරුවනේ....(ස)

:       0       0

රූපා Monday, 11 March 2013 04:37 AM

දිරිය දැරිවියට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ජෝවි Friday, 08 March 2013 04:50 PM

දුවේ ඔයාට මගේ බිරිද යම් උපකාරයක් කරාවි.මගේ අවවාදය උපකාර කරන මුවාවෙන් එන ජරා මිනිසුන්ට අහුවෙන්න එපා.(ස)

:       0       0

නිල්මිනී Friday, 08 March 2013 04:53 PM

හරිම දුකයි මේ දරුවන්ගේ ජීවිත මොන තරම් අවදානමකද ? (ස)

:       0       0

ඉෂාර Saturday, 09 March 2013 08:20 AM

වයස අවුරුදු 20ක තරුණ ගැහැණු ළමයෙකුගේ දුරකතන අංකයක් මෙසේ ප්‍රචලිත කිරීම තරමක් දුරට අවදානම් බවයි මගේ හැගීම. (නි)

:       0       0

දිසානායක Friday, 08 March 2013 05:04 PM

දැන් මේ දරුවන්ට මීට වඩා ගැටලු වලට මුහුණ දෙන්න වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

රීටා Friday, 08 March 2013 05:07 PM

සේනාවට කීවද ? (ස)

:       0       0

මාලා Friday, 08 March 2013 05:04 PM

පාලකයිනි, මේ වගේ අයට දෙන්න රැකියා නැද්ද? (නි)

:       0       0

ශාන්ත Saturday, 09 March 2013 08:31 AM

ජනමාධ්‍යය මීට වඩා වගකීමෙන් ක්‍රියාකරන්න අවශ්‍යයි (ස)

:       0       0

සුපුන් Friday, 08 March 2013 05:06 PM

මෙන්න තවත් අපේ උතුම් බව කියාපාන සිදුවීමක්. (නි)

:       0       0

ගමගේ Sunday, 10 March 2013 04:36 AM

බොහොම කණගාටුයි. (නි)

:       0       0

අනුර Saturday, 09 March 2013 08:38 AM

රීටාගේ ආශ්චර්යවත් ආගම මොකක්ද? (නි)

:       0       0

ගජබා Friday, 08 March 2013 05:14 PM

රීටා, සේනාවෙන් වෙන්නේ බොහොම අභිමානවත් කාර්ය බාරයක්. (නි)

:       0       0

ධනුක Friday, 08 March 2013 05:15 PM

දෙමවුපියන්ගේ නම් දෙකත් ප්‍රසිද්ධ කරන්න. (නි)

:       0       0

කෙවින් Saturday, 09 March 2013 09:00 AM

නරකද වගකිවයුත්තන්ට මේක දන්වලා තැපැල් පතක් යැවුවොත්? (නි)

:       0       0

පාලිත Saturday, 09 March 2013 09:07 AM

ඒ දරුවන්ට යන කල මොකද්ද (දී)

:       0       0

ශාන් Sunday, 10 March 2013 05:55 AM

මේවට උදවු කරන්න පුලුවන්. නමුත් බයක් තියෙනවා යම් සංවිධානයක් ගැන. (නි)

:       0       0

සිල්වා Friday, 08 March 2013 05:20 PM

ඔබට කරපු දේට දෙමාපියන් කවදා හෝ වන්දි ගෙවාවි දුවේ. (නි)

:       0       0

අජිත් Friday, 08 March 2013 05:24 PM

අම්මාගේ නොම්මරයත් දෙන්නකෝ මගෙ දුවේ පුලුවන් නම් මාධ්‍යයට. (නි)

:       0       0

පියල් Saturday, 09 March 2013 09:18 AM

දරුවන්ට වඩා වෙන කෙනෙක් ලොකු උනා (දී)

:       0       0

දීපාල් Friday, 08 March 2013 05:34 PM

මේවා මේ ළමයින්ගේ වැරදි නෙමෙයි. උගත් වැදගත් බුද්ධිමත් යැයි කියන පාලකයින්ගේ වැරදි. (නි)

:       0       0

සනත්123 Friday, 08 March 2013 05:31 PM

රීටාට සේනාවක්ම ඉන්නවා වගෙයි.එහෙම වැඩක් තමයි මේ ළමයින්ටත් වෙලා තියෙන්නෙ. (නි)

:       0       0

විවේකා Saturday, 09 March 2013 09:20 AM

දැන් ඒ දරුවන්ටත් අම්මාවයි තාත්තාව්යි එපා වෙලා ඇති (දී)

:       0       0

බුත්තල Saturday, 09 March 2013 09:23 AM

එයා අම්මා කෙනෙක් නොවෙයි, මොකද අම්මා කෙනෙක්ට කවදාවත් මෙහෙම දෙයක් කරන්න බැහැ (දී)

:       0       0

ෆාරු Friday, 08 March 2013 05:35 PM

දුරකතන අංකය දුන්න එක හරිද මන්දා? (නි)

:       0       0

බමුණා Saturday, 09 March 2013 09:29 AM

මෙහෙම අම්මලා තාත්තලට යහපතක් නම් වෙන්නේ නෑ (ස)

:       0       0

මෙත්සිරි Saturday, 09 March 2013 09:38 AM

ඒ දරුවන්ගේ මානසික තත්වය, ඉදිරි ගමන ගැන හිතුවාද (දී)

:       0       0

විජිත Friday, 08 March 2013 05:45 PM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... (නි)

:       0       0

ශෂී Saturday, 09 March 2013 09:49 AM

කොහෙවත් යන මිනිහෙක් නිසා දරුවන් එපා උනා (දී)

:       0       0

ලලිත් Saturday, 09 March 2013 09:50 AM

දරුවන් එපා වෙන අම්මලා ඉන්නවාද (දී)

:       0       0

සදුන් Saturday, 09 March 2013 09:54 AM

අම්මා කියන්නෙපා මේ අයට (දී)

:       0       0

කුමාරි Saturday, 09 March 2013 10:01 AM

අලි මදිවට කොටි කියපි.ආදීවාසිත් ජංගම දුරකතනයෙන් තමා දැන් වැඩ. අපිට හමුවෙන්නවත් බැරි දේශපාලකයෝ එහේ ඒ ඇත්තොත් එක්ක බෝල ගහන්න යනවා. දැන් තව විනාසයක් කරන්න යනවා . දුරකථන අංකය වෙනුවට බැංකු ගිණුම් අංකය නේද දාන්න ඕනේ. මීට වඩා වගකීමෙන් ක්‍රියාකරන්න අවශ්‍යයි නේද (ස)

:       0       0

කුමා Friday, 08 March 2013 06:06 PM

මේ වගේ අසරණ පවුල් මේ රටේ තව කොච්චර ඇද්ද? (නි)

:       0       0

මොහාන් Friday, 08 March 2013 06:17 PM

මොනවා වුණත් පවු අසරණයෝ. (නි)

:       0       0

නජිත් Saturday, 09 March 2013 05:30 PM

මෙහෙමත් අම්මලා, මෙහෙම අයට අම්මලා කියන්න හොද නැහැ (දී)

:       0       0

සම්පත් Saturday, 09 March 2013 10:26 AM

මේ හය හතර තේරෙන දරුවන්, අම්මා , තාත්තා කල වැඩේනම් අනුමත කල නොහැක (දී)

:       0       0

රුවිනි Friday, 15 March 2013 02:35 AM

මට කියන්න වචන නැහැ (දී)

:       0       0

සුරංග Friday, 08 March 2013 06:17 PM

උපකාර කරන්න මුවාවෙන් එන වංචාකාරයින්ට අහුවෙන්න එපා. (නි)

:       0       0

ජයනාත් Friday, 08 March 2013 06:45 PM

රීටගේ මොකක්හරි වැරැද්දක් තියෙනවා වගේ. (නි)

:       0       0

මාලක Saturday, 09 March 2013 10:36 AM

මේ ළමයි ලොකු ළමයි, දරුවනේ කල්පනාවෙන් වැඩ කරන්න, (දී)

:       0       0

ඇලෙක්සැන්ඩර් Saturday, 09 March 2013 10:37 AM

භාරකාරයෙක් මාර්ගයෙන් මේ දරුවන්ව සම්බන්ධ කරන්න බැරිද? (නි)

:       0       0

බන්දුල Friday, 08 March 2013 07:12 PM

දෙමව්පියන්ට විරුධව නීතිමගින් කටයුතු කර නඩත්තු මුදල් අය කර ගැනීමට හැකියාව ඇති බැවින් නොමිලයේ සේවය කරන නීති සංවිධානයකට යොමු කිරීම සුදුසුයි. (නි)

:       0       0

පාර්වතී Friday, 08 March 2013 07:11 PM

හරක් මස් වලට කැගහන අය මේවට කෑගහන්නෙ නැද්දෝ! (නි)

:       0       0

මුතුකුඩ Friday, 08 March 2013 07:11 PM

මෙම දරුවන්ට උදවු කිරීමට මුස්ලිම් සමාජයෙන් ඉදිරිපත් වන්නෙමු. නමුත් තිබෙන ප්‍රශ්ණය නම් සමහරුන් මොනවා කියාවිද දන්නෙ නැති වීමයි. (නි)

:       0       0

රණසිංහ Friday, 08 March 2013 07:28 PM

නංගී, ෂමිල් කියලා කෙනෙක් කතා කළොත් ආන්සර් කරන්න එපා හොදේ. (නි)

:       0       0

ශමිල් Friday, 08 March 2013 07:32 PM

අපිට හරිම දුකයි ‍මේ ගැන. (නි)

:       0       0

නලීන් Friday, 08 March 2013 07:40 PM

අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ. අපිට පුලුවන් විදිහට උදව් කරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අෂ්රෆ්’’කෞතුකාගාරයක් හදන්න මිලියන 25ක්
2024 මැයි මස 15 96 0

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේ


මියගිය කත ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී
2024 මැයි මස 15 252 0

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒක


ලක්ෂ 90ක මත් තැපෑලෙන් අල්ලයි
2024 මැයි මස 15 208 0

රුපියල් ලක්ෂ 90 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, රේගු මාධ්‍ය ප්‍


’’තව 40000ක් ඊශ්‍රායල් රැකියාවලට යවනවා’’
2024 මැයි මස 15 479 4

ශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය


කටුමැටි පැලේ අලිගැවසෙන වනය මැද නිවුන් පුතුන් තිදෙනකු බිහි කෙරුව සඳ
2024 මැයි මස 15 570 1

හබරණ පුවක්පිටිය මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක පසුගිය අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තිබියදී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරි


සා.පෙළ විද්‍යා පේපරේට නිදහස් ලකුණු 2ක්
2024 මැයි මස 15 345 1

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් පිරිනැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අනිත් ජයස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 716 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2241 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1924 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site