වෙන්නප්පුව සිරිගම්පල දී කොළඹට ධානය වෙමින් තිබූ බඩු දුම්රියක හැපී අවුරුදු එකහමාරක දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. දුම්රිය එද්දී කෝච්චිපාර අයිනේ මවගේ අතේ එල්ලී සිටි දරුවා එකවරම දුම්රියේ හැපී ඇදී ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
වෙන්නප්පුව සිරිගම්පල දී කොළඹට ධානය වෙමින් තිබූ බඩු දුම්රියක හැපී අවුරුදු එකහමාරක දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. දුම්රිය එද්දී කෝච්චිපාර අයිනේ මවගේ අතේ එල්ලී සිටි දරුවා එකවරම දුම්රියේ හැපී ඇදී ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිල්ෂාන් ගේ අදහස් හරිම වැදගත්. (ම)
ගොඩක් ස්තුති දිල්සාන් ,නොදන්නා දෙයක් දන ගත්තට (ම)
මීට වැඩ අවදියෙන් ඉන්න ඕන අම්මම්ලා. (ර)
ළමය කෝච්චියේ පැටලෙන්න මොන අස්සක රිංගුවද ළමයත් එක්ක. මෙහෙමත් අම්මෙක්. (ස)
හනේ මෙහෙමත් අම්මලා. (නදී)
මේ නම් අම්මලා නෙමෙයි (නදී)
අපොයි දෙයියනේ! වැඩිහිටියෝ දරුවෝ ගැන විමසිල්ලෙන් සිටින හැටිද මේ?
පුදුම අම්මා කෙනෙක්. අවරුදු එක හමාරක දරුවෙක් අරගෙන මොන එහෙකට දුම්රියක් අස්සට ගියාද?කනගාටුවෙන් වුනත් කියන්න ඕන අපේ අම්මලා දරුවෝ හදනවා,එත් දරුවෝ ආදරයෙන් අවධානයෙන් බලාගන්න දන්නෙම නැහැ, (බ)
කෝච්චි පාරේ ඇවිදින්න එපා. කෝච්චිය එනවිට සුළං රික්තයක් එය අවට ඇතිවෙනවා. එයට අවට තිබෙන සියල්ලම ඇදිලා දුම්රිය වෙතට ඇදෙනවා.මෙය තේරුම් ගන්න. දුම්රියත් තමනුත් අතර ඉඩ තිබෙනවා කියා හිතුවාට තමුන් දුම්රිය වෙතට වේගයෙන් ඇදිලා යන බව. මෙය කියවන සියල්ලෝ මේ බව අනුන්ටත් කියන්න. (නි)
රේල්පාර අයිනේ ඉන්න ඔක්කොමලගේ තත්වය ඕකයි. එයාලා හිතන්නෙම කෝච්චිය යන්නේ එයාලගේ ඉඩම උඩින් කියලයි. (නදී)
මම මෙහෙම ලියන්නේ අම්මලා හැමෝටම අපහාස කරන්නවත් රිද්දන්නවත් නෙමෙයි.අපේ සමහර අම්මලා දරුවෝ එක්ක මහා පාරෙ යනවා දරුවා පාර පැත්තෙ අම්මා පාරෙන් පිටපැත්තට දාගෙන.සමහර තාත්තලත් එහෙමයි.අපේ දරුවො ගැන මීටවඩා සැළකිළිමත් වියයුතුයි. (නි)