සෑම වසරකම සැප්තැම්බරයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුව පැවැත්වෙන දිනයන් එන තෙක් අප රටේ නායකයින් සිටින්නේ ඇඟිලි ගණන් කරමින්ය. ඒ ඔවුන්ට ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන්හි යෙදීමටත්,ඇමරිකාවේදී ඇතිපදම් මුදල් වියදම් කිරීමටත් අවස්ථාව ලැබෙන නිසාය.
වියදම ගැන කිසිම වගතුවක් ඔවුනට නැත. තරු පහේ හෝටල වල ලැගුම් ගැනීමේ සිට, අසීමාන්තිකව දුරකථන ඇමතුම් ලබාගැනීම, තමන්ට කැමති ආහාර නවාතැන් ගෙන සිටින කාමරයටම ගෙන්වා ගැනීම, විනෝදාස්වාදය ලබාගැනීමට තිබෙන සෑම අවස්ථාවක්ම භුක්ති විදීම, හොඳට කනබොන හෙයින්ම කාමරයේ තිබෙන ශීත පෙට්ටියේ තිබෙන ආහාර සියල්ලටම වගකීම, දක්වාම සියලූම ආකාරයේ පහසුකම් ඔවුහු භුක්ති විඳිති.
2006 වසරේදී මෙලෙස නිව්යෝර්ක් නුවර බලා ගිය අප රට නියෝජිතයින් කණ්ඩායමක් ඩොලර් 444498 ක් එනම් ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් ලක්ෂ 473 කට අධික මුදල් ප‍්‍රමාණයක් තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් පමණක් වියදම් කර තිබෙන ආකාරය හෙළිවිය. මේ මුදල් සියල්ල රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්ය.
මෙම නියෝජිතයින් කණ්ඩායම ලැගුම් ගෙන සිටි යූ.එන් මිලේනියම් ප්ලාසා හෝටලයේ තවත් බිල්පත් 31 කට අනුව ඔවුන් මුදල් වියදම් කර තිබෙන ආකාරය ගැන වඩා හොඳ පැහැදිලි කිරීමක් දැන් සිදුකළ හැක.මේ නියෝජිතයින් අතරින් එක් අයකු කාම චිත‍්‍රපට ලෝලියකු බව නම් ස්ථීරය.එවන් චිත‍්‍රපට 11 ක් ලබාගෙන ඇති හෙතෙම ඒ එක් චිත‍්‍රපටයකට වැයකර ඇති මුදල් ඩොලර් 18.37 කි.එනම් ශී‍්‍ර ලංකා රුපියල් වලින් රුපියල් 2478.11 කි.
හෝටලයේ 3520 කාමරයේ නවාතැන් ගෙන සිට ඇති මේ පුද්ගලයා සුළු පක්ෂයකින් පැමිණ පසුගිය රජයේ අමාත්‍යධූරයක් ලබාගත් පුද්ගලයෙකි.හෝටල බිල්පත් අනුව චිත‍්‍රපට සදහා මුදල් වියදම් කර ඇත්තේ මොහු පමණක් නොවේ.නියෝජිත පිරිසේ සිටි මෙරට වැදගත් තනතුරක් හොබවන කාන්තාවක් චිත‍්‍රපට 8 ක්ද,හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙක් චිත‍්‍රපට 6 ක් ද ලබාගෙන ඇත.
විදෙස් රටවලට ගත් ඇමතුම් වලට හා අන්තර්ජාල පහසුකම් සදහා වියදම්වී ඇති මුදල ඩොලර් 11645 කි. ශී‍්‍ර ලංකා රුපියල් වලින් එම මුදල 1,5,70910 ක් පමණ වේ. නියෝජිතයින් සියලූ දෙනා අත තම තමන්ගේ ජංගම දුරකථන තිබිණි. නමුත් ඔවුන් ඒවායින් ඇමතුම් ලබාගෙන ඇති බවක් පෙනෙන්නට නැත.හෝටලයෙන් ලබාගන්නා ඇමතුමකට යන වියදම ජංගම දුරකථනයෙන් ලබාගන්නා ඇමතුමකට යන වියදමට වඩා 300 ගුණයකින් පමණ ඉහළය.ඒ අනුව කෙතරම් මුදල් නාස්තියක් සිදුව ඇත්දැයි පැහැදිලිය.
උසස්ම නිළධරින් හා රාජ්‍ය තාන්ති‍්‍රකයින් සදහා වෙන්වන ප‍්‍රසිඩන්ෂල් සුවීට් කාමර සංකීර්ණයේ ජනපතිවරයා,හිටපු රජයේ ඇමතිවරු දෙදෙනෙක් හා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙක් ලැගුම්ගෙන සිට ඇත.එම කාමර සංකීර්ණයේ එක් රැයක් ගතකිරීමට වැයවන මුදල ඩොලර් 2300 කි.රුපියල් වලින් ලක්ෂ 3 කට ආසන්න මුදලකි.නමුත් පිරිසගේ වියදම් එතැනින්ද නැවතී නැත. ලංකාවෙන් පිටවන විට ඉහින් බහින රෝගයක් නොතිබුණද ඇමරිකාවේ සිටියදී තම තමන්ගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරගැනීමට ඔවුන් නොයෙක් ආකාරයේ සෞඛ්‍යය සේවාවන් ලබාගෙන ඇත.නමුත් මේ පිරිස වැයකර තිබෙන මුදල චිත‍්‍රපටි බලමින්, දුරකථන ඇමතුම් ලබාගනිමින් විනෝදයෙන් කල්ගෙවූ පිරිසට වඩා අඩුමුදලක් බව නම් සදහන් කළ යුතුය.
දින 10 - 14 ක කාලයක් නිව්යෝරක්හි රැඳී සිටි අප නියෝජිත පිරිස මුදල් වියදම් කර ඇත්තේ මේ අයුරින්ය.කුලී පදනම මත ලබාගත් වාහන,ආහාරපාන,ඡුායාරූප ගැනීම් ආදියටද වියදම්ව ඇති මුදල් සියල්ල සැළකූ විට එකතුව ඩොලර් 436498 කි.එනම් රුපියල් ලක්ෂ 437 ක් තරම් අතිවිශාල මුදල් සම්භාරයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ගම දමන්න හංගන්න එපා .. (අ)
අපේ රටේ තරම් මෝඩ තකතීරු ජනතාවක් ලෝකේ කොහෙවත් නැහැ. පක්ෂ දෙකකට පමණක් ඡන්දය දිදී කාලෙකට කට්ටියකට බනිනවා කාලෙකට තවත් කට්ටියකට බනිනවා. තුන්වන පක්ෂයකට බලය දෙනවා තියා සැළකියයුතු තරමේ පාර්ලිමේන්තුවේ ආසනවත් දෙන්නේ නැහැ. මට දැනෙන විදිහට ලංකාවේ ඉන්න බහුතර මිනිස්සු හොරකමටයි වණ්ඩින්ටයි කැමතියි. (නි)
වග කිව යුතු ආයතනයක් ලෙස ඔබටත් බදු ගෙවන්නන් ලෙස මහජනයාටත් මේ වියදම් කල අයගේ නම් සඳහන් කරන්න කියා ඉල්ලන්ට අයිතියක් තියෙනවා. ඒ නිසා කරුණාකරලා ඒ නම් සඳහන් කරලා මහජනයා දැනුවත් කිරීමෙන් ඔබේ වගකීම ඉටු කරන්න.එය වරදක් නොවෙයි (නදී)
උදේ හවසට පන්සිල් ගන්න දවස පුර පිරිත් නුල් ගැටගහගෙන ඉන්න හොරු රටේ ජාතික දනය හිරිකිත නැතිව කාල තියෙන හැටි පේනවා නේද? මුන්ට තමයි සිංගප්පුරුවේ වගේ මඩු වලිගෙන් ගහන්න ඕන ප්‍රසිද්දියේ (නදී)
මේවා සහගාන අපරාධ!!! කවුරු රජයේ හිටියත් මේවට වගකියන්න ඕන. (අ)
කවුරු මොනවා කිව්වත් අඩු වැඩි වශයෙන් හැමෝම ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරනවා. ඔය අදහස් දාපු සමහර අයත් තමන්ගේ තමන් යටතේ තියෙන ආයතනවල සම්පත් හිතේ හැටියට භුක්ති විඳිනවා ඇති. පහුගිය යු.එන්.පී. ආණ්ඩුවල වෙච්චි දුෂණ සහ නාස්තිය මේ ආණ්ඩුව යටතේ අවම වෙයි කියලා හුදෙක් අපි බලාපොරොත්තු වෙනවා. (නි)
අනේ ඔයගොල්ලෝ කඳුළු සලනවා අපේ රටේ විතරක් තමයි මේවා සිදුවෙන්නේ කියලා. එංගලන්තේ ඊට හපන්. හැබැයි කීප දෙනෙක් හිරේ ගියා එළිවුණාට පසුව. (නි)
මේ කාරණාවල් සියලු දේ සත්‍යවේ. කරුණාකර මේ නම් ප්‍රසිද්ධ කරන්න. එය මේ රටට කරන විශාල සේවයකි. නම් හෙළි නොකිරීමෙන් සිදු වන්නේ හොරු ආරක්ෂා කිරීමකි (නදී)
මේ අයට යන්න අපාවයවල් හදන්න ඔනේ (අ)
කොයි කවුරුත් එකයි බලනකොට (නි)
රජයේ හැම ටෙන්ඩර් එකක්ම ගනුදෙනුවක්ම වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රචාරය කළයුතුයි. (නි)
දුෂණය වංචාව අඩුකිරීමේදී මහජනතාවටද විශේෂ කාර්යභාරයක් සිදුකළ හැකිය. කිසියම් දේශපාලකයෙකුගේ වංචාවක් දුෂණයක් පිළිබඳව තොරතුරු ලැබුනත් හෝ කිසියම් දේශපාලකයෙක් පගාවක් ඉල්ලුවොත් ඉතා කුඩා කැමරාවක් භාවිතා කර එය පටිගතකර අන්තර්ජාලයට මුදාහරින්න. මම තව දෙයක් ඉල්ලනවා. රටක් නිවැරදිවීමට නම් දේශපාලකයා නිවැරදි විය යුතුමයි. ඒ නිසා එක දෙයකදී පමණක් ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. ඒ දේශපාලකයෙක් සොරකම් කර අසු වූ විට. (නි)
අපේ රටේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා ඔවා ගෙවන්න. බොරුද කියන්නේ බලන්නකෝ හෙට. බොරුනම් මම කන කපාගන්නවා. (අ)
මේවා මොනතරම් අපරාධද? (නි)
මහා ජාතික අපරාධයක්.(නදී)
මෙවැනි අපරාද වලට වගකියන්න ඕනේ පසුගිය රජය.(නදී)
තුන්මුල්ලේ එක්කෙනා මේවට මොනවද දන්නෑ කියන්නේ (නදී)
අපේ බදු මුදල් නාස්ති කරන අය ගැන දැන ගැනීමේ අයිතියක් අපට ඇත. මෙම තොරතුරු වාර්තා කිරීම ගැන සතුටු වෙන අතර, මෙම පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ද කිරීමද මාධ්‍යයේ වග කීමකි. කරුණාකර එම වගකීමත් ඉටු කරන්න. (නදී)
එහෙනම් යහපාලන කට්ටිය කොහොම කියයිද (අ)
අනේ අනිච්චං! (නි)
මේවා කවුද ඉතින් පුරුදු කලේ කියල දන්නවනේ. (නදී)
ඒ සැප මතක් වෙලා තමයි කොච්චර පැරදුනත් නැවත බලයට එන්න උපරිම උත්සාහ කරන්නේ. (නදී)
අපේ රට කවමදාකවත් දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ සහගහන අපරාධ කරන දේශපාලුවන් හින්දා. ඇත්තටම මේවා බලනකොට දැනෙන්නේ කළකිරීමක් සමඟ ආත්මානුකම්පාවක්. පුංචි අපි මොනවා කරන්නද? දුක් වෙනවා ඇරෙන්න. (නි)
ලක්ෂ 437 වුණත් මිලියන 600 වුණත් දෙකම එකයි. ජනතාවගේ මුදල් නාස්තිය වගේම හොරකමත් අපරාධයක්. දැන් ඔය දෙකෙන් මොන හොරකමටද ඉස්ස වෙලා දඬුවම් දෙන්නෙ? ඔය කවුරු කවුරුත් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. මේවා තව තවත් කියන්නේ ළඟදී තවත් ඡන්දයක්වද්ද? (නි)
මේකත් පොදුරාජ්‍ය මණ්ඩලේ කෑම බිල වගේ එකක්ද දන්නේ නැ (අ)
මේවා දකිනකොට විශාල කනගාටුවක් ඇතිවෙනවා, හෙට බලන්නකෝ මේ නාස්තිකාර කාම චිත්‍රපටි ලෝලීන් ආයෙත් පාර්ලිමේන්තුවේ ඇති. (අ)
එතකොට ඔක්කොම එකට කරලා පස්සේදී හොරා හොරා කියනවා. රාජිත ඇමති තුමාගේ පිට්-පොකට් කතාව වගේ (නදී)
බලමුකෝ අලුත් කට්ටියත් ඇවිත් කොච්චර ඉතුරු කරයිද කියලා දැන් (නදී)
රජකම ලබනතුරු හැමෝම සාධාරණයි. පුටුවේ රශ්නය වැදුනම එක රැකගන්න සියලු දේ කරනවා. ඔහොම තමයි පෘතග්ජන පුද්ගලයෝනේ!(නදී)