පසුගිය රජයේ ප‍්‍රධාන පෙළේ දේශපාලකයෙකුට අයත් යැයි කියන අම්බලන්ගොඩ තෙල් පිරවුම්හලකින් තෙල් සංස්ථාවට අය විය යුතු රුපියල් කෝටි 17 ක් නොගෙවීම නිසා එම පිරවුම්හල ජනවාරි 6 වැනිදා සිට වසා දමා ඇත.
මේ තරම් මුදලක් එක් වන තුරු තෙල් ණයම දී ඇත්තේ දේශපාලන බලපුළුවන්කාරකම නිසා යැයි තෙල් සංස්ථා ආරංචි කියයි.
වීඩියෝ - දීපාල් ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම තියෙද්දී තමයි අපේ බයිසිකලයට ගහන තෙල්වල මිල වැඩි කලේ. කෝටි ගානක් වෙනකන් කවුරුත් දන්නෑ වගේ ඉන්න ඇති. (ර)
අපි බලාගෙන ඉන්නවා මේවට අලුත් ආණ්ඩුව මොකද කරන්නේ කියල. අපි විශ්වාස කරනවා මේවට දඩුවම් ලැබේවි කියල. (බ)
රට පුරාම පහුගිය කාලේ සිදු උනේ හොරකම සහ දුෂණය (බ)
ඔය හාල් මැස්සෙක් විතරයි. තව තෝරු මෝරු ඉන්නවා (දිල්)
ඇයි මේ අයගේ නම් හෙළිදරව් නොකරන්නේ. (අ)
අම්බලන්ගොඩ නම් අර තානාපති වරුන්ගේ කන පලපු මන්ත්‍රීවරයාට අයිති එකක් වෙන්න ඕනා (අ)
මහින්ද චින්තනේ ලොව දිනන මග කිව්වේ ඕකට තමා. (අ)
මෙච්චර ගාණක්? හිතාගන්නත් අමාරුයි (නි)
තව 8ක් ඉන්න දුන්නා නම් ඔඋකත් කොටි 1000 කටත් වැඩ ගිහිල්ලි නතර වෙන්නේ. තව කොච්චර ඇද්ද. (අ)
මහජන මුදල් සහ රාජ්‍ය දේපල දේශපාලුවන්ට කොල්ලකෑමට ඉඩදී බලාසිටියේ නිවට කමටද? කාලගුණ සැලකීමටද? (දිල්)
හම්බන්තොට රජවරු කාපු විදිය ඉදිරියේදී බලාගන්න පුළුවනි. මලු අරගෙන කඩේ යන අයටත් පාඩමක් (නදී)
මේ නිසා තමයි ඛනිජතෙල් සංස්ථාව කෝටි ගණන් පාඩු ලබන්නේ. අවසානයේ, අපේ පඩි පතෙන් තමඊ මේ අලාබ වලට වන්දි ගෙවෙන්න වෙන්නේ. ජනතාව මේවා ගැන හොඳට සොයා බලා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ යුතුයි (බ)
දැන් ඉතින් මේවට නීතිමය කටයුතු කරද්දී කියන්නෙපා දේශපාලන පළිගැනීම් කියල. (බ)
කෝටි 17ක තෙල් දෙන්න හිටපු ඇමති බුරුවෙක්ද ? (බ)
මේක සජින් වාස්ගේ පෙට්රෝල් ෂෙඩ් එක..(බ)
දේපල විකුණලා ඒ මුදල පොලියත් සමග අයකළ යුතුයි. (අ)
සජින් වාස් ඔය වගේ මිහින් එයාර් එකටත් බිලියන් ගණන් පොලු තියල තියෙන්නේ (අ)
දුප්පත් අපේ ඡන්දෙ අරන් බලපුලුවන් කාරකමෙන් මේවගෙ වැඩ කරනුන්ට උපරිම දඩුවම් දිය යුතුයි. (බ)
දුප්පත් අපේ ඡන්දෙ අරන් බලපුලුවන් කාරකමෙන් මේවගේ වැඩ කරනුන්ට උපරිම දඬුවම් දිය යුතුයි.මුන් කරන වංචා වලට හවුල් උන උන්ටත් දඩුවම් දිය යුතුයි.(බ)
තව ලැජ්ජා නැතුව නව රජයටත් එක්වෙන්න නේද හැදුවේ? (නි)
සචින් වාස් මෙහෙම නම් අනිත් අයගේ බිල් කොහම ඇතිද (අ)
වරෙල්ලකෝ බලන්න. අපි තමයි යුද්දේ දින්නේ, කළගුණ සලකන්න, රට බෙදනවා, කුමන්ත්‍රණ කරනවා කියලා බයිලා ගහගෙන ආයෙත් පාරක් අපිව රවට්ටන්න. අපි හොඳට කළගුණ සලකන්නම් හොරුන්ටයි, හොරකම් කරන්න ඇරලා ෆයිල් තියන් හිටපු මහ හොරාටයි. මේ අය හොරකම් කරපුවට අපි කොච්චර සල්ලි ගෙවල ඇතිද අර බදු මේ බදු කියල. (අ)
මේක වෙන කාගෙවත් නෙමේ සජින් ද වාස් ගුණවර්ධන ගේ.(අ)
ජය වේවා (නදී)