තවත් පැය කිහිපයක් විදුලිය පමා වූයේ නම් අම්පාර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සියලු දරුවන් මෙලෝව හැර යන්නට ඉඩ තිබිනැයි රෝහල් අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ මහතා පවසයි. පැය 46කට පමණ පසු අද අළුයම විදුලිය ලැබීම නිසා ඒ තත්ත්වය මග හැරී ගිය බවත්, ඒ වෙනුවෙන් මාධ්‍ය දක්වූ සහයෝගය බෙහෙවින් අගය කරන බවත් ඔහු පවසයි. විදුලිය විසන්ධිවීමත් සමග රෝහලේ විදුලි ජනනයට දරුවන්ගේ ජීවිත භාරවූ අතර එය කිහිපවරක්ම නතර වූ නමුත් සේවයට කැපවූ විදුලි කාර්මිකයන්ගේ නිරන්තර සෝදිසිය නිසා මහා ව්‍යසනයක් වැළකී ගිය බවද දොස්තර ජයසිංහ පවසයි. විදුලිය වහා දෙන්නැයි ඉල්ලමින් අම්පාර විදුලි ඉංජිනේරු කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ පිරිස සමග රෝහල් අධ්‍යක්ෂ දොස්තර ජයසිංහ ඇතුළු කාර්ය මණ්ඩල පිරිසද එක්වී සිටියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසිංහ මහතාණෙනි, මෙය උතුම් වැඩකි. (නි)
හරිම ආඩම්බරයි ..ඩොක්ටර් ජයසිංහ අහිංසක දරුවන් වෙනුවෙන් පාරට බැස්ස එකට....මුදල් මත වැජඹෙන දොස්තරලාට මේක හොඳ ආදර්ශයක්...(ස)
කොහොම වුණත් ජීවිත ටික බේරා ගත්තට හුගක් පින්. (නි)
ඔබතුමාට ගොඩාක් පින් දරුවව බේරාගත්තාට . අනේ මගේ දරුවත් නොමේරූ ළඳරු ඒකකයේ හිටියා..(ස)
බොරුවට නාස්ති කරන මහජන මුදල් වලින් මේ වගේ තැනකට උදව්වක් කරන්න හිතෙන්නේ නැද්ද වගකිව යුත්තන්ට...(ස)
අපිට ඕන මෙන්න මේ මහත්මයා වගේ මිනිස්සු තමයි... මේ වගේ අය තවම රටේ ඉන්නව කියලා අහන්නත් සතුටුයි..(ස)
එජාප ආණ්ඩුවක් තිබුණානම් මේවා කරයිද මේ මිනිස්සු.. ?(නු)
උතුම් ක්‍රියාවක්. අපි ඔබේ මේ ක්‍රියාව අගයකරනවා..(ස)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත..(ස)
මුදල් වලට වඩා මානව දයාව මතු වූ මොහොතක්..(ස)
මේ දරුවන්ගේ අවාසනාවට මේවගේ රටක උපදින්න වෙලා තියෙන්නේ. අපේ අවාසනාවට මේවගේ රටක ඉපදී මෙවැනි දේ අහන්න ලැබිල තියෙන්නේ.(ස)
විදුලිය කට්ටිය පලි ගන්නේ නොදරුවන්ගෙන්ද ? ජයසිංහ මහත්තයෝ නුඹ නියම දෙවියෙක්..(ස)
ඔබතුමා සිදුකළ මෙම උතුම් ක්‍රියාව මුලු ලෝකයම අගය කළ යුතුයි. (නි)
දෙවියෙක් වැනි මිනිස්කම ලත් ඔබට මගේ උත්තමාචාරය...(ස)
විදුලිය සේවකයන්ගේ නෙමෙයි ප්‍රශ්නය.. බාල නොරොච්චෝලෙ කැඩිලා.. අපි නැවතත් මේ කට්ටියම පත් කර ගනිමු (ස)
හරි උනත් වැරදි උනත් කට්ටියගේ ආත්මාර්ථකාමී ක්‍රියා කලාපයට විරෝදය මෙම වර්ජනයෙන් දිස්වේ. ජීවිත අනතුරට හෙලීමද වැරදිය. දෙකම බේරා ගත යුතුය .සමහරුන්ට මෙය උරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට ගජ වාසි වගේ වනු ඇත. (ස)
අනේ හොදයි
ජයසිංහ මහතා ඇතුළු කාර්යය මණ්ඩලයට මගේ ආචාරය.ඔබලා වැනි මිනිසුන් තමයි අපේ රටට ඕන. (ස)
වෛද්‍යතුමාට වගේම ඒ අසරණ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට කැපවීමෙන් වැඩකළ රෝහලේ විදුලි කාර්මික මහත්වරුන්ටත් අපගේ උපහාරය.(ස)
ලංකාතිලක මහතාණනි, ඔබ ගැන ආදී මහින්දීයයෙක් හැටියට ආඩම්බරයි. ඔබ විදුහලේ ඉන්න කාලෙත් අපේ විදුහලට කීර්තියක් වුනා. ප්‍රධාන ශිෂ්‍ය නායක හැටියට එදා ඔබට අප දැක්වූවේ අසීමිත ගෞරවයකි. අද අපි රටවැසියන් ලෙස ඔබ ගැන ආඩම්බර වෙනවා. (ස)
උසස් කාර්යයක්. සියල්ලන්ටම ස්තූතියි. (නි)
මේක කියෙව්වම ඇත්තටම ඇස් වලට කදුළු ආවා. අපිටත් මේ වගේ පොඩි අය ඉන්න හින්දා. ඔබ ඇත්තටම ශ්‍රේෂ්ට මහතෙක් (ස)
දොස්තරලා වැඩවරද්දි ළමයින්ගෙ ලෙඩවල් ගැන මතක් වෙන්නෙ නැද්ද?(නු)
මොකක්ද මේ මිනිස්සු කරන්නේ .මෙයාලා රටට පාඩම් උගන්නන්නේ මෙයාලට පාඩමක් උගන්වන්න රටේ අයට බැරිද ?? (ස)
ජයසිංහ මහත්තයට ජය වේවා! (නි)
නියම දොස්තර කෙනෙක්. (ස)
වෙන වෙලාවක නම් පොඩි අතපසුවීමකින් හරි ළමයෙක් මිය ගියා නම් දොස්තර මහත්තයාට බලාගන්න තිබුණා කට්ටියගේ අදහස් ටික.. එහෙනම් දොස්තර මහත්තයාගේ මිනියටත් කට්ටිය පිං දෙනවා අනිවාර්යයෙන්ම..!!(නු)
ඔබට ගොඩක් පිං මහත්තයෝ! (නි)
ප්‍රවීන් මැනිලා, ඔබ සමග එකඟයි. අපේ කට්ටිය සමහර අවස්ථාවල අනෙක් වෘත්තිකයින්ට එදිරිව අදහස් දැක්වීමේදී අන්තවාදී වෙනවා වැඩියි තමයි. විශේෂයෙන්ම තරමක් වරප්‍රසාදලාභීන් ලෙස 'ඔවුන්ට පෙනී යන' වෘත්තීන් සමග අපේ අයට ඇත්තේ තේරුම් ගත නොහැකි කේන්තියක්. අහම්බෙන් එක සිද්ධියක් වුණහම ඔවුන්ගේ හිත්වල ගොඩගැසී පවතින ආවේග එතනින් වාන් දමන්නේ ඇරියස් එකටත් එක්ක. හරියට වෘත්තිකයින් හිතාමතාම වරද්දනවා වගේ. අර පත්තෑයාගේ සිදුවීමේදීත් සමහරු ඉංජිනේරුවාට බැන්නා නේ. (නි)
විවිධ රටවල නොවටිනා පුද්ගලයින් වෙනුවෙන් දස දහස් ගණනින් මුදල් වියදම් කරද්දී ඇයි මේ වගේ අසරණ දරුවන් වෙනුවෙන් යම් මුදලක් වෙන් කරන්න බැරි? (නි)
ලොකු දෙයක්. (නි)