පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් ගුවන් හමුදාපතිට දුරකතන ඇමතුමක් දී ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් කෙනකු වූ දීපාල් මුණසිංහගේ ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස දැනුම්දුන් සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ හිටපු බළගණ ලූතිනන්වරයකු වූ වත්මන් අම්පාර නගර සභාපති ඉන්දික නලින් ජයවික‍්‍රම රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (19) නියෝග කළේය. ජයවික‍්‍රම අද පොලිසියට භාරවිය. වින්ග් කමාන්ඩර් දීපාල් මුණසිංහ සහ අම්පාරේ පදිංචි සජිත් සමීර ඇප මත මුදා හරිනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු නිලධාරියා නිලයටත්, හමුදාවේ ප්‍රතිරූපයටත් අගෞරවයක් කරල තියෙන්නේ. (ස)
කරන කලට පව් මිහිරිය මීසේ (දී)
අම්පරෙත් ඉන්නවනේ චන්ඩි (දී)
සිංහයා හවා වෙලා (දී)
මෙහෙම වැඩ කරලත් ඔහුට ඇප දීපු එක පුදුමයි.......(සවි)
අපේ මහත්තයගේ මෝඩ වැඩ මාත් කිව්වා එපා කියලා ..... (ස.වි)
ඒ කියන්නේ එතකොට ඔය වැඩේම ඔතන හරිනම තියෙන එක්කෙනාම කලානම් ප්‍රශ්නයක් නැද්ද ? (දී)
ඇයි දන්නේ නැහැ. මම අහවලා කියලා කතා කළේ. (ස)
කොහේහරි තැනක තානාපති කෙනෙක් කරලා යැවුවොත් නරකද? (නි)
නගරාධිපතිතුමා රංගන ශිල්ලියකු ලෙසද අගනේය යන්න මගේ අදහසයි. (නි)
මේ පවුලේ නම විකුණන්න ගියොත් නම් ඉතිං වැඩ වරදිනවා. (නි)
සුභාෂිණී, ඔයා දන්නවද එයා කරපු වැඩ? ඔන්න අපි නම් දන්නේ නැහැ. (නි)
අයියෝ, මගේ නම කිවුවා නම් අද ඔයාට ඔහොම වෙන්නෙ නෑනේ මල්ලී. (නි)
සැම රජයේ නායකයෙක්ම, රාජ්‍ය නිලධාරියෙක්ම දැනගන්න ඕනෑ දුරකථනයෙන් උපදෙස් දෙමින් අණ දෙමින් කටයුතු නොකරන්න. ඔවුන් එහෙම කරන නිසා තමයි අනිත් අයත් දුරකථනයෙන් වෙනත් අය විදියට පෙනී සිට මේ වගේ දේවල් කරන්නේ. විශේෂයෙන්ම දේශපාලකයන් මේ ගැන හිතන්න ඕනේ. මේවගේ පළමු අවස්ථාව මෙය නොවිය හැකියි. (ස)
අනේ මගේ උපන් ගමත් ඉවරයි.....
එයාට සමාව දෙමු.නගර සභාපති කමින් ඉවත් කරමු....
ඕකනේ කියන්නේ බල්ලගේ වැඩේ බූරුවට කලාම සද්දෙන් අදුනනවා කියන්නේ. ඕක නාමල්ට ම කිව්වනම් කරල දේවිනේ. (ස)
මෝඩ විහිළු වැඩ
ඒකනේ. නාමල් රාජපක්ෂගේ අංකය ගුවන් හමුදාපතිගේ ජංගම දුරකථනයේ සේව් කරලා තියෙන්නේ. ඒකවත් දන්නෙ නැද්ද මේ සභාපති. අනික නාමල් රාජපක්ෂගේ කටහඩ අදුනන්න බැරිද ?(ස)
අපේ හමුදාවටත් ගිය කලක්. අභිමානය කෝ යුද්දෙ ඉවරවුනාට පස්සේ. ඔක්කොමලා දේශපාලුවන්ගෙන් පුරුදු වෙලා සියළු දේ අවුලෙන් අවුලට යනවා. (ස)
වැඩේ කියන්නේ මේකනේ.හැමෝම දේශපාලනේට ගියාට පස්සේ හිතන්න ගන්නේ මමයි රජා කියලනේ.
මේ අය සියල්ලෝම එකම පදුරක් වටා එල්ලී සිටිති.
රණවිරුවනි, ඔබ අපේ රටට සැමදාම වීරයෝ. ඒත් හොද විනයක් තිබෙන ඔබ මෙවැනි දෙකයි පනහේ වැඩ කරලා ඔබට තිබෙන ගෞරවය නැති කර ගන්න එපා. (ස)
අපේ පරණ කොන්ත්‍රාත්තුව නේද, සභාපති බාර අරගෙන තියෙන්නේ??
එකියන්නේ ,,,ගෘප් කැප්ටන් ද ඒකට සිංහලෙන් කියන්නේ ගෘප් කපිතාන් ... එතකොට මොකක්ද මේ බළගණ ලූතිනන්?????
බළගණ ලූතිනන්වරයකු කියන්නේ කාටද ...................... බලඝන නායක හෝ පියාසර ලුතිනන්
ඉන්නෙනම් හොර පුසා වගේ .
දීපාල් මහත්තය සැපයුම් අංශයේ නේද ගොඩක් කාලයක් හිටියේ?
මාර වැඩේ නේ?
භය නැතුව මෙහෙම දෙයක් කළ එකත් පුදුමයි. පවු, අපේ අහිංසක මන්ත්‍රීතුමාගේ නමත් ගෑවිලා.