බූදල් නඩුවකින් තමන්ට හිමිවන විශාල මුදලක් විහාරස්ථානවලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවන බව පවසමින් මුදල් ගැරූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
පේරාදෙණියේ පදිංචි මේ කාන්තාව විහාරස්ථානවලට ගොස් තම බූදල් නඩුවට නීතීඥ ගාස්තු ගෙවීමට බව කියමින් රුපියල් 7000-1000 වැනි මුදලක් ලබාගෙන ඇතැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගනු ලැබීය. වාහනයක් කුලියට ගෙන දානපති කාන්තාවක ලෙස පෙනී සිටිමින් විහාරස්ථානවලට යන මේ කාන්තාවගේ බූදලයෙන් විහාරස්ථානයට ලැබෙන්නට යන මුදල ගැන සිතා හිමිවරුන් ඇයට මුදල් දී ඇතැයි ද පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ මේ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරණ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ බුදු දහමට නිගාකරලා හාමුදුරුවරු රවටන්නේ ඇයි? (නි)
මනුස්සකම පිරිහෙන්නෙ මුදල් නිසා.. (නි)
මගෙත් මේ නඩුවකට නිතිඥ ගාස්තු ගෙවන්න විදියක් නැතුව හිටියේ. මාත් අදම සම්මාදන් පත්‍තරයක් ගහලා නෝනව යවන්න ඕනෑ එකතු කරන්න. අපේ රටේ අය සල්ලි දෙනවනේ ඒවටත් මේ කියන විදියට. (නි)
අයිතිකරගන්න බලාගෙන ඉන්න බූදලයට වඩා මේ වෙනකොට නඩු ගාස්තු ගෙවලා ඇති. තණ්හාවෙ තරම කියන්නේ සම්මාදන් එකතු කරලත් තව නඩු කියන්න යනවා. (නි)
තණ්හාය ජායතී ශෝකෝ කියා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබුනත් අද ඉන්න කී දෙනාද නියම බුදු බණ අනුව ශාසනය රැකගන්නේ? මේවා හැමෝටම හොඳ පාඩම්. (නි)
බුදල් නඩු වලට සම්මාදම්.... නරකම නැහැ ටිකිරි මොළේ.... (නි)
මේ වගේ ගැහැණු නිසා තමයි රට වැනසෙන්නේ. (නි)
මිනිස්සු රවටලා සල්ලි ගත්තා නම් ඒක ලොකු පවක් නෙමෙයි. ස්වාමින් වහන්සේලා මුලාකර ගත්තා නම් ලොකු පවක් (නි)
ඒ ගැහැණුකෙනා වැරදිකාරියක් තමයි. ඒ වගේම ඒ වගේ පුද්ගලයින්ට හොයන්නේ බලන්නේ නැතුව මුදල් දෙන අයත් අත්අඩංගුවට ගත්තේ නැත්නම් මේවා නැතිකරන්න ලැබෙන්නේ නැහැ. අල්ලස් දීම සහ ගැනීම යන දෙකම වැරදියි වගේ මේවත් ගැනීම සහ දීම කියන දෙකම වැරදියි. (නි)
එයා වැරදියි තමයි. නමුත් හාමුදුරුවරුත් සල්ලි දීලා තියෙන්නේ පස්සෙ ලැබෙන ලොකු මුදලකට තණ්හාවෙන් (නි)
රුවනිට වැරදිලා.ශාසනය විකුණාගෙන කන්නේ මේ ඇත්තියෝ නොවෙයි. එයාට සම්මාදන් දුන් අය. (නි)
රුපියල් දහදාහක් පමණ වංචාකර හම්බ කරන්න උත්සාහ කළ ඇය අත්අඩංගුවේ.කෝටිගණන් වංචා කළ අය.....? (නි)
ගැහැණියෙක් ඇවිල්ලා මිනියක් මරන්න සල්ලි ඉල්ලුවත් දෙන්න අය ඕනෑතරම් ඉන්නවා. ගැහැණුකම, කිඹුල් කඳුළු වලට පුදුම වෙළඳ පොළක්නේ ලංකාවේ තියෙන්නේ. (නි)
මෙහෙම ගියොත් අපිට රටක් ජාතියක් ආගමක් නැතිවෙයි (නි)
මෙහෙම ගැහැණුන්ට රැවටෙන හිමිවරු ! (නි)
වෙසක් කාලයේත් තමන්ගේම ආගම ධර්මය වංචාවට හරවා ජීවත්වන නරුමයන් (නි)
අනේ! අද වෙසක් දවසේ අහන්න ලැබෙන දේවල්. (නි)
හැමදේම යහපත් විදියට බලන්න පුරුදුවෙමු (නි)
කෙළෙස් නැසුවන් ඇයි මේ කෑදරකම නිසා අමාරුවේ වැටෙන්නේ? (නි)
අනේ අපේ ධර්මද්වීපයකට ගිය කල! (නි)
උඩදුම්බර පැත්තේ පන්සලකින් ලක්ෂ 10 ක් විතර අරගෙන කියලා කතාවකුත් පසුගිය කාලයේ තිබුණා (නි)
දැන් සමහර කාන්තාවන්ට තමන් කාන්තාවක් කියලාත් අමතකයි. (නි)
මෙහෙම ගැහැණු අද රටේ වැහිවැහැලා. ගැහැණුකම උගසට තියලා කරන්න ගිය වැඩේ පේනවනේ. මෙවැනි අය ගැහැණුකමටත් නින්දාවක්. මේ නිසා තමයි කාන්තාවන්ට සමාජයේ ඇති ගෞරවය ගිලිහිලා තියෙන්නේ. (නි)
මේ වගේ අයත් ඉන්නවද පන්සල් වල, නීතිඥ ගාස්තු ගෙවන්න සල්ලි සම්මාදමේ එන අයටත් 10000 ඒවා ගෙවන්න. (නි)
අද රටේ එක එක වේෂයෙන් ප්‍රෝඩාකාරි වැඩ කරන අය වැහිවැහැලා. සමහර ගැහැණුත් සම තැන ඉල්ලාගෙන ඇවිත් මේ වගේ පහත් වැඩ තමා කරන්නේ. (නි)
වෙසක් සමය නිසා එච්චර සොයලා බලන්නේ නැතුව දන් දෙන නිසා මෙයා අමුතුම තාලේ එකක් කරන්න ගිහින් තියෙන්නේ. අනේ මෙහෙමත් ගැහැණු? (නි)
තණ්හාය ජායති ශෝකෝ..... (නි)
මුදල් ගරන කාන්තාවන් රට හැමතැනම. ගැහැණු නිසා අපේ අම්මලා තරුණ අය සැකනොකරනවා විය හැකියි. නමුත් මෙය භයානක තත්වයක්. (නි)
දානපති කාන්තාවකට මුදල් දන් දෙන්නේ මොකටද? (නි)
දැන් නඩු කියන්නත් සම්මාදන් සල්ලි එකතු කරනවද? අබුද්දස්ස කාලේ කිව්වලු. (නි)
මම දැක්කා පුවත්පතක එක් කාන්තාවක් තව පිරිසක් සමග එකතුවී තම නැන්දනියගේ ගේ බිඳින්න ගිහින් අහුවෙලා පොලිසියට අරන් ගියා කියලත්.කාන්තාවන් ගැහැණුකම අමතක කර පිරිමි වගේ ක්‍රියා කරන්නට යාමත් දික්කසාද වැඩි වෙන්නත් ප්‍රභල හේතුවක්. (නි)
අසරණකමට අනුකම්පා කළාට කපටිකමට වංචාවට නම් අනුකම්පා කරන්න හොඳ නැහැ. එහෙම වුණාම තමයි මේ වගේ දේවල් රටේ වැහි වැහැලා අනාගත පරපුරත් මේවා ආදර්ශයට අරගෙන රට නැතිවෙන්නේ. (නි)
කපටි ගැහැණුන්ගෙ වැඩ. වෙසක් දවසෙ කරලා තියෙන ප්‍රෝඩාව බලන්නකෝ මෙයා. (නි)
ඇයි මේ මුහුණ වහන්නේ? (නි)
මේ වාගේ දේවල් වලට අසරණකම කියලා අර්ථකතන දෙන්න බැහැ. මේ ක්‍රමය හරි ගියේ නැත්නම් අහුවුණේ නැත්නම් තවත් ක්‍රමයක් සොයාගෙන වංචා කරාවි. (නි)
බුදල් නඩු වලට සම්මාදම් දෙන්න තරම් අපේ රටේ ගිහි පැවිදි දෙපාර්ශවයම රැවටිලාද? මේ වගේ උපාසක ඇත්තියන් දවසක ශාසනෙත් විකුණාගෙන කාවි. (නි)
ඔලුවේ ඉඳන් වහගෙන ගෙනියන්නේ මොකද? මේ වගේ අයගේ මුහුණු ප්‍රසිද්ධ කරන්න ඕනෑ. එතකොට රට වටේ ගිහින් කළ තව හොර මැරකම් එළිවෙන්න ඉඩතිබෙනවා. කවුද දන්නේ තව කී දෙනෙකුට වංචා කරලද කියලා. (නි)
අනේ මන්දා! අපේ රටේ සමහර අයට කවුරුහරි ඇවිල්ලා වාහනයකින් බැස්සොත් ඔන්න ඒ කෙනා හරිම වැදගත්. උපාසක අම්මලා එහෙම අත දිග ඇරලා පන්සලට දෙන්න තිබුනදේත් මේ බවලතාට පුදන්න ඇති. (නි)
අද කාලේ කාන්තාවෝ බහුතරයට රූපලාවන්‍යාගාර වලට යන්න, හම සුදු කරගන්න, ඇඳුම් වලට සෑහෙන වියදම් තමයි. පාරට බැස්සහම වැඩිපුරම දකින්න ලැබෙන්නේ කලිසම් අැඳගෙන මේකප් දාලා අව් කණ්ණාඩි දාලා එහෙ මෙහෙ දුවන තරුණ මැදිවියේ කාන්තාවෝ තමා. (නි)
පන්සල් සම්බන්ධ මෙහෙම වංචාවකට අපිත් අහුවුණා. ලංකාවේ ඈත දුෂ්කර පන්සලක සාමනේර හිමිවරුන්ට සහ දහම් පාසලේ දුප්පත් දරුවන්ට අපි එවපු පොත්පත් ඇතුළු තෑගී ලංකාවේ ඉන්න කෙනෙක් කාගෝ එකෙන් භාර අරගෙන ඒවා ඒ නියමිත තැනට යවා තිබුනේ සියට දහයටත් අඩු ප්‍රමාණයක්. වැඩේ අහුවුණේ එයාගේ ළමයින් අපි දහම් පාසලේ ළමයින්ට යවපු පොත් බෑග් පාවිච්චි කරනවා අපි නිවාඩුවකට ලංකාවට ආවම දැක්කම. සමහර දේවල් කඩවලට විකුණලා තිබුනා. ඒ පාර්ශවය සමඟ දැන් අපේ වැඩි සබඳතාවයක් නැහැ . (නි)
තරහ වෙන්න එපා.අපි නම් අහලා තිබෙනවා උඩරට පැත්තේ බවලතුන් හරියට බොරු කියනවා කියලා. මගේ යාලුවෙකුගේ ගෙදර, තමන්ගේ මහගෙදර කියලා පෙන්නාගෙන පවුලේ මඟුල් 4 ක් තීන්දු කරගත්ත කට්ටියක් ඉන්නවා. ඒ යාලුවා පිටරට ඉන්නේ.සිද්ධවුණ දේවල් දන්නවා. එහෙත් ඉතින් මනුස්සකමට මොනවත් කියන්නේ නැහැ. ඔය පළාතේ කාන්තාවන් ඇඟට පතට නොදැනී බොරු කියන්න හරිම දක්ෂයි. (නි)
ගැහැණු අපිටත් ලැජ්ජයි මේවා දකිනකොට. වෙසක් දවසෙත් කරන්නේ වංචාව. (නි)
බුදල් නඩු වලට සම්මාදම් ගන්න ගැහැණු! අනේ මගේ කට. (නි)
සමහර පන්සල වල දායකයන් වර්ග කරගෙන ඉන්නේ. දුප්පත් පොහොසත් ආදී වශයෙන්. වාහනයකින් ඇවිල්ලා බහින දායකයාට වැඩි සැළකිල්ලකුත්, පයින් පන්සලට එන දායකයට අඩු සැළකීමකුත් දෙන තැන් තිබෙනවා. සමහර නගරයේ පන්සල් මේ වගේ. මේක තමයි තිත්ත ඇත්ත! ඉතින් මේ කාන්තාවත් වාහනයකින් ඇවිල්ලා බැස්සහම කොසොල් නුවර මල්ලිකා දේවිය ගොඩබැහැලා කියලා පෙනෙන්න ඇති. (නි)
නුවර පැත්තේ බවලතුන් ටිකක් බොරු කියන්න ප්‍රසිද්ධයි තමයි. (නි)
ආගමික වැඩ නෙමෙයි.අපි නම් මඟුල් තුලාවකදිත් නුවර බවලතුන්ට අහුවෙන්න ගිහින් අනුනමයෙන් බේරුනා. අපේ අයියාට නුවරින් පැමිණි විවාහ යෝජනාවකදී මනමාලිය ගැන ඇගේ අක්කලා අම්මලා කියපු පොළව පැළෙන බොරු, සොයා බලද්දී අහුවුණා. අපෝ අපි නම් නුවර කාන්තාවන් කියන දේවල් එකපාරට විශ්වාස කිරීම අතහැරලා ගොඩක් කල්. (නි)
අම්මපා මෙහෙමත් අම්මණ්ඩිලා! (නි)
අපේ හාමුදුරුවරු ලාබයක් ලැබෙන ආයෝජනයක් කියලා හිතාගෙන සල්ලි දෙන්න ඇති (නි)
මම ඉන්නෙ කොළඹට කිට්ටුව. අපේ පැත්තතෙත් ඉන්නවා මෙයාට දෙවැනි නැති කාන්තාවක්. තොල් නිය පාට කරගෙන එහෙම හරිම ලොකුකමට ඉන්නවා වගේ පෙන්වනවා. අරකටයි මේකටයි පොදු වැඩයි කිය කියා හැම මාසෙම වගේ ආධාර පත්‍රිකාවක් නම් එකතු කරනවාමයි. (නි)
මහා උපාසිකාවක් වාහනයකින් ඇවිල්ලා නඩු කියන්න සල්ලි සම්මාදම් කරගෙන යන්න. (නි)
වැරැද්දක් තමයි.ඒත් අපි හැම පැත්තෙන්ම බලන්න ඕනෑ (නි)
ගැහැණුකමයි, ආගමයි කියන්නේ සංවේදි, මාකට් කරන්න පුළුවන් දෙකක්නේ. මෙයා ඒ දෙකෙන්ම වැඩගන්න ගිහින් වගේ. පන්සල් වලිනුත් කරන්න ඕනෑ නඩු කියන්න සම්මාදමට සල්ලි දෙන එකද, නඩු කීමේ ආදිනව පෙන්වා සමාදානෙන් ජීවත්වෙන්න කියලාදෙන එකද? (නි)
පොලිසියේ නෝනටත් හිනා නේද.හිතෙනවා ඇති මෙහෙමත් ගැහැණු කියලා. (නි)
අතේ සල්ලිත් නැතුව සම්මාදම් එකතු කර කර නඩු කියන්නේ විහාරස්ථාන වලට පරිත්‍යාග කරලා නිවන් යන්න වෙන්න ඇති මගෙ හිතේ. (නි)
විහාරස්ථානයට ලැබෙන්නට යන මුදල ගැන සිතා හිමිවරුන් ඇයට මුදල් දී තිබීමෙන් පෙනෙන්නේ හිමිවරුන් තණ්හාවෙන් කටයුතු කළ බවකුයි. නැත්නම් මේ වගේ හොරුන්ට අහුවෙයිද? (නි)
අපිට තණ්හාව නිසා සසර ගමන කෙළවරක් දකින්න බැහැ කියලා බණ කියමින්, එයින් මිදෙන මඟට අවතීර්ණ වී සිටින සමහර කසාවත් දැරූවන් තරම් තණ්හාවෙන් මත්වුවන් පොදු සමාජයේ නැහැ. ඒ ගැන දන්නා ගැහැණිය ඇණය ගැසිය යුතු තැනට ගහලා තිබෙනවා. මට නම් කියන්න තිබෙන්නේ එච්චරයි. (නි)
අපේ බවලත්තු සම තැන ඉක්මවා යන හැඩයි පෙනෙන්නේ. අශිලාචාර ගැහැණු කොහොම තමන්ගේ දරුවන්ට ආදර්ශයක් දෙනවද කියලා හිතාගන්න බැහැ. (නි)
පාරේ හිඟාකනවා මීට නම්බුයි. වෙසක් පෝය දවසෙ පන්සල් වලට ගිහින් අහිංසක උපාසක අම්මලා රවට්ටන කපටි අම්මණ්ඩිලා. (නි)
ඔය පොඩිදේට අත්අඩංගුවට ගන්නවා නම්,රට හුරාගෙන කාපු ටික තාම එළියේ (නි)
සංසාරය දිගයි භයංකරයි. බුදුවරු කීයක් නම් පහළ වුණාද? තාමත් මේ සසරේ අතරමංවෙලා අපි. මේ වගේ ගැහැණුන් කොහේ නම් යන්නද අවීචියට මිස.... (නි)