අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇමෙරිකා ගගනගාමීන් රැඳී සිටින කුටියේ ඇමෝනියා වායු කාන්දුවක් තිබෙන බවට ලැබුණු සංඥාවක් හේතුවෙන් නාසා ආයතනය ප්‍රමුඛ අභ්‍යාවකාශ විද්‍යාඥයෝ අද දැඩි සේ කළබල වූහ. ඇමෙරිකා ගගනගාමීන් වහාම රුසියා ගගනගාමීන්ගේ කුටියට යැවීමට ද කටයුතු කැරිණි. නමුත් පසුව දැනගන්නට ලැබී ඇත්තේ එවැනි කාන්දුවක් නොවූ බවයි. එය තහවුරුකර ගැනිමෙන් පසු ඇමෙරිකා ගගනගාමීන් යළි ඔවුන්ගේ කුටියට ඇතුළු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දක්වා අදහස් දැක්වූ අයගෙන් බුද්ධිමත් අදහසක් දක්වා තිබෙන්නේ "රෝයි" . අපේ රටේ ජනතාවගේ හැටි පෙනෙනවා. (නි)
බොරුවට බයවෙලා වගේ.(හේ)
හරියට ලංකාවේ දැන් වෙනවා වගේ (නදී)
ඇමෙරිකාවටත් රුසියන් උදවු නැතුව බැරිබව දන්නවා නම් ලොකු දෙයක් (නි)
ඒකෙන් මේකෙන් අපිට වුණේ අපිට සිටි දක්ෂ රොකට් විද්‍යාඥයෙක් ජාතියට අහිමිවීමයි. (නි)
කුටියෙන් කුටියට මාරුවෙන ඡායාරූපයක් අපිට බලන්න ඇත්නම්.... (නි)
ඇමරිකන් විද්‍යාඥවරුන්ට වැඩි උපදෙසක් අවශ්‍ය නම් අර ලංකාවේ ඉන්න ලාබාල යැයි කියාගන්නා, පරිණත, බුද්ධිමත් අභ්‍යවකාශ විද්‍යාඥයා ඉන්නා තැනකින් ගෙනවිත් උපදෙස් ගන්න. (නි)
ඇමරිකාව ලොකුවට කෑගැහුවාට යන්න වුණේ රුසියානු ගෙදරට බේරෙන්න. මේවා හොඳට මතක තියාගන්න. (නි)
මේක නම් ශ්‍රී ලංකාවෙන් කුමන්ත්‍රණයක් (නදී)
මේකත් හරියට අර " බුදුහිමියන්ටත් කලි යුගයේ දෙවියන්ගේ සරණයි "වගේ එකක් (නදී)
රොකට් රෝහිත මේවාට උපදෙස් දෙනවා ඇති. (ස)
රෙපයාර් එකට අරයව යවමු. අපිටත් ආඩම්බරයක් (නදී)
මට ඇත්තටම මේ ස්ථානය බලන්න ඇත්නම්... (නි)
අපි යවපු චීන චන්ද්‍රිකාව ගැනත් හොයල බලන්න කියන්න? (නදී)
එහෙම තමයි ඉතින්, වැරදීම් වෙනවනේ! (නි)
අර අපේ නම් කෙනෙක් ඉන්නවා, මේවා ගැන බොහොම දක්ෂකම් තිබෙන (නි)