මසට මැරීම සඳහා හින්දුම සිට රත්ගමට ලොරියකින් හොරෙන් රැගෙන ආ ගවයන් තිදෙනකු පොලිසියෙන් බේරා ලොරියෙන් එලියට ගත් පසු ගවයකු පොලිස් ස්ථානාධිපති රංජිත් ලියනගේ මහතා එම සතාට කොළ අත්තක් කැවීමට සැරසෙද්දී සතා මෙසේ ඉදිරිගාත් බිම තබාගෙන සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සත්‍යයකි (නි)
හරක් මස් කන අයට මේ සංවේදීබව දැනෙන්නේ නැහැනේ. (නි)
මෙතන අදහස් දාන අය දැන් හැමෝම මස් මාලු නොකන අයද? (නි)
කළගුණ ඇස් ඉදිරියේ සනාථ කළ " සත්වයාණෝ". (නි)
ඔබගේ කාරුණික ගුණයට ස්තූතියි (නි)
හොද උතුම් කෙනෙක් (නි)
මිනිස්සුන්ට වැඩියෙන් කෙළෙහිගුණ තියෙනවා සත්තුන්ට. (නි)
මෙවන් දේ වැඩි වැඩියෙන් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)
මෙම උතුම් ක්‍රියාවට දායක වූ සෑම දෙනාටම අපගේ ආචාරය! (නි)
මෙම ගවයින් ආපසු එම හොරුන්ටම යන අවස්ථා තිබෙනවා (නි)
ජනිත්, කැත කතා කියන්න එපා මිනිහෝ. (නි)
ඇත්තටම මේ ෆොටෝ එක දැක්කහම කඳුළු එන තරමට සංවේදීයි. අපිටත් දැන් තිරිසන් සතුන්ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තිබෙනවා. ඔබතුමන්ලාට ගොඩක් පින්. (නි)
ගුණවත් මිනිසෙක්... ඔබතුමාටත් අනෙක් නිළදාරින්ටත් බොහොම පින්. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ!! (ස)
මෙන්න මෙහෙමයි පොලිසය ඉන්න ඕන . අපිත් කැමති නෑ පොලීසියට බනිනවට.. (ස)
මස් මාලු කෑම එකපාරටම නවත්වන්න නොහැකි නම් ටිකෙන් ටික නවත්වන්න (නි)
ඔබට ස්තූතියි! (නි)
මිනිස්සුන්ට වඩා තිරිසන්නු කල ගුණ දන්නවා... (ස)
තරුෂ, ඔබ හරි. (නි)
පොලිසියෙන් ගුටි කාලා මැරුණු සැකකාරයෙක්ගේ හොල්මනක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මු මහ මෝඩ හරකෙක්. හරකෝ, අඩුම ගාණේ මේක අල්ලපු සාජන්ට වැදපන්කෝ. (නි)
තිරිසන්නු දෙපා ඇත්තන්ට ආදර්ශයක්. (ස)
ඇත්තටම මගේ ඇස් වලට කදුළු ආවා (නි)
පුදුමයි නේද
පොලිසියේ මහත්වරු කළේ හොද වැඩක්. (නි)
පොලීසියේ යහපත් අයත් ඉන්නවා . හැමදේටම පොලීසියට බනින එක වැරදියි..(ස)
මේක දැක්ක්ම මටත් හරි දුකයි. ඒ උනත් සතුටුයි ලංකාවේ මෙච්චර නිර්මාංස මිනිස්සු ඉන්නවා දැක්කම. නමුත් හරක් මස් හරි රසයි නේ. කොහොම උනත් හරක් මස් කෑම පව් නිසා අපි දැන් කනවා අඩුයි. අපි කන්නේ ඌරු මස්, එලු මස්, කුකුල් මස්, මාලු, කකුලුවො, හාල්මැස්සො, බිත්තර ආදී මස් මාලු වර්ග. මට කව්ද කිව්වා එලු මස් කෑවත් ටිකක් පව් කියලා. (ස)
පොලිසියට බණින අය මේවාට මොනවද දන්නේ නැහැ කියන්නේ? (නි)
විමුක්ති, මේක හරියට ඔස්ට්‍රලියාවට යන්න ගිහින් අහුවෙච්ච නැවක් වගේ,මේක තම ඇත්ත. අපේ පොලිකිඅ කරුණාවන්ත නම් මොනවා කරන්න බැරිද. (ස)
හරකා පණ පිටින් දැක්කම පව් .නමුත් මස් ටික දැක්කම කටට කෙල උනනවා අපේ අයට. මෙහෙමයි අපේ මිනිස්සු. (ස)
ෂාන් වගේ අයගේ තමයි කකුල් දෙකම කඩන්න ඕනෑ. (නි)
නිල ඇදුමට මනාවට ගැලපෙන පින්වන්ත මහත්තයෙක් . තිරිසන්නු උනත් හිස නමන්නේ ඒ පින්වන්ත භාවයටයි... (ස)
ගවයාගේ ඉදිරි ඝාතය කැඩිලා වෙන්න බැරිද? (නි)
අනේ! මොනතරම් නම් උතුම් කාර්යයක්ද? (නි)
මේ පින්තූරේ සතියක් යනකම් ඉවත් කරන්න එපා .අපි හැමෝටම මේක හුඟක් දේ කියලා දෙනවා කියලයි මට හිතෙන්නේ (ස)
මේ වගේ දේවල් වලින් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. (නි)
මට තියෙන පුදුමේ තමයි, තිරිසන් සතුන්ගේ තියෙන හැදිච්චකම මිනිසුන් තුළ නැති එක. (නි)
අනේ හොද වැඩක්. බොහොම පින්. (නි)
මේ සතා ඉස්සර ආත්මයේ මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්න ඇති.(නි)
මේ වගේ හැම කෙනෙක්ම ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොදද? (නි)
මස්කඩකාරයොත් කියන්නේ කන්න නිසා මරනවා කියලනේ! (නි)
හරකුන්ට අභය දානය දීලා හරක් හොරුන්ව එල්ලන්න ඕනෑ. (නි)
නාසර්ලා ඉතින් කොහොමත් අර ජාතියේ කට්ටියනේ. නාසර්ට වුණත් පුලුවන් යමක් ඉගෙනගන්න තිරිසනාගෙන්. (නි)
මට නම් හිතාගන්න බැහැ.. දරුවෙක් තාත්තට වදිනවා වගේ..!!(නු)
ඔන්න පොලිසියේ හොද වැඩ. (නි)
කළගුණ නොදන්නා මිනිසුන්ට මේ සතා ආදර්ශයක් වේවා! ඒ වගේම මේ සද්කාර්යයට සහභාගි වූ නිලධාරීන්ට යහපතක්ම වේවා! (නි)
ජීවත් වෙන්න අයිතිය ඉල්ලා එම සතුන් වැද වැටෙනවා ඇති. (නි)
අපි සතුන්ගේ මස් කන එක නතර කළොත් එයාලා උන් මරන එකත් නවත්වයි. (නි)
ඇත්තටම මේ ෆොටෝ එක දැක්කම කඳුළු එන තරමට සංවේදීයි..අපිටත් දැන් තිරිසන් සතුන්ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා..ඔබතුමන්ලාට ගොඩක් පින්..(ස)
මිනිස්සුන්ට නැති ගුණයක් සත්තුන්ට තියෙනවා..(ස)
සමහර සතුන්ගේ මස් පමණක් කෑමට අවසර දෙන ආගම් වල අය මේ ගැන ලියන කොමෙන්ට්ස් කියවන්න ආසයි. (ස)
මෙම පින ඇති ඔබට නිවන් සුව අත් වේවා..(ස)
ස්ථානාධිපතිතුමනි, ඔබගේ දෑත් මෙවන් දේට තව තවත් නැඹුරු වේවා! (නි)
දැන් පොලිසියෙ ගොඩක් හොද අය ඉන්නවා මේක තමයි අපි ඉල්ලන්නේ. වරදින් නෑ සර් ඔයාට.(නු)
අනේ අපි නොදන්න ලංකාවේ අපේ පොලිසිය.... (නි)
ලංකාවෙ මහා ලොකුවට බුද්ධාගමට මුල්තැන දෙනවයැයි කිවුවට මේ සත්ත්ව ඝාතනය නවත්වන්න කිසිම මහ උපාසක ගිහියෙකුටවත්, පැවිද්දෙකුටවත් උවමනාවක් නැහැ. සාමාන්‍යය මිනිස්සුන්ට වුවමනාව තිබුණට බලයක් නැහැ. (නි)
ස්ථානාධිපති තුමනි- ඔබගේ දෑත් තවතබත් මෙවන් යහපත් දේටම යොමුවේවා...!!(නු)
ඔබට පින් (නු)
තිරිසනාගෙන් පොලිසියට උත්තමාචාර.!!(නු)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වෙන්නේ......
ඔබ තුමන්ලාට මේ උතුම් පින මතු ජාති ජාතිත් ලැබෙනවා .තමාගේ සෙවනැල්ල තමා පසු පස ඒන්නාක් මෙන් තමා කළ හොද නරක නිවන් දක්නා ජාති දක්වා තමා පසු පස ඒයි (ස)
හොර හරක් ජාවාරම් කරුවන්ට දැඩි දඩුවම් දිය යුතුයි..!!(නු)
සර්ට හැමදාම මේක මතක්වෙයි...(ස)
පොලීසිය කර උතුම් ක්‍රියාවක් . අගය කල යුතුයි.. (ස)
බුදු සරණයි ඔබට! (නි)
ගොඩක් පින් (ස)
ඔබතුමාට පින් සිදු වේවා.. (ස)
තිරිසනුන්ට වුවත් මරණ බය තිබෙනවා (නි)
මම ආයෙත් මස් කන්නෙ නැහැ (නි)
රත්ගම ඉන්නේ කවුද?(නු)
පොලිස් වාර්තාවක් එහෙම ඕනෑ වුණහම පොලිසියට බණින අයගේ කතා වෙනස් වෙන හැටි බලන්න එපැයි (නි)
ඉෂාණි, ඇත්තෙන්ම ඔබ නිවැරදියි (නි)
ස්ථානාධිපතිතුමනි, ඔබව මෙතරම් ගුණකරුකව සැදූ ඔබගේ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට පින්. (නි)
මිලාන්, අපි මස් කන නිසා තමයි හරක් මරන්නේ. අපි නොකා අපේ විරෝධය පළ කරන්නේ. හරක් මස් කඩයක් ළඟට ගොස් පැයක් ඉඳලා බලන්න. වැඩියෙන් මස් මිලදී ගන්නේ අපේ සිංහලයා තමයි. අපි බොරුවට කෑ ගහන එක නවත්වමු. (නි)
ඒ පොලිස් කූඩුවේ එල්ලිලා මැරුණු කෙනෙක්ද දන්නේ නැහැ. (නි)
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී... (ස)
මේක මේ විදියට සිදුවුණ එක හොදයි..!(නු)
බුදු අම්මෝ...පින්තුරේ හොල්මනකුත් ඉන්නවා. (ස)
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා.... (නි)
හිතලා බලන්න මෙහෙම අහිංසකයෝ තමයි මරලා කන්නේ.. ඔය කටවල් වලට මොනවා උනත් මදි ද?(නු)
ඇයි මිනිසුනේ මේවා දැකලත් තවත් කුණු මස් කන්නේ..!!(නු)
තිරිසනුන්ගේ මස් අනුභව කරන්නට හැකි තවත් තිරිසනෙකුට පමණි.!(නු)
නසාර් කියපු දේ ටිකක් හොද මදි නේද? (නි)
මෙම දසුන් දැකීමෙන් සැමදෙනාම මස් කෑමෙන් ඈත් වේවා (ස)
මේ වගේ ෆොටෝ ප්‍රසිද්ධ කල යුතුයි....සංවේදී හැගීම් මිනිස් සිත තුල පහල වේවා...අපරාද අඩු වේවා.(ස)