(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා අභියාචනාධිකචරණ විනිසුරු නවාස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව විභාග කිරීම ශ්‍රේෂ්ථාධිකරණය අත් හිටුවන ලදී.
මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති අභියාචනය විභාග කොට අවසන් වන තුරු මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් අදාළ නියෝගය ලබා දුන්නේය.
ඊවා වනසුන්දර, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට තමන්ගේ මතය කියලා වැරදි දේ කරන්න පුලුවන්ද?