හෘද රෝග සහ පිළිකා ඇති කරවිය හැකි, මිනිස් පරිභෝජනයට නුසුදුසු පාම් තෙල් අඩංගු බහාලූම් 24 ක් නිකුත් නොකර රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රේගුව ගත් තීරණය නිවරුදි යයි තීරණය කළ අභියාචනාධිකරණය එම බහාලූම් නිදහස් කරන ලෙස ඉල්ලා එම ආනයනකරු ගොනු කර තිබූ රිට් පෙත්සමක් ගාස්තුවට යටත් කොට නිෂ්ප්‍රභ කළේය.
එම බහාලූම් වල ‘‘ කෲඞ් පාම් ෆැට් ඇසිඞ් ’’ ඇති බවට ආනයනකරු ප්‍රකාශ කර තිබුණද ඒවායේ ආනයනික පාම් තෙල් අඩංගු බවටද , ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු වන පරිදි අපමිශ්‍රණය කර ඇති බවට සාක්ෂි ඇති බැවින් ,එම බහාලූම් සම්බන්ධ රේගු විමර්ශන අත්හිටුවීමට අධිකරණය නියෝග නිකුත් කරන බවට සඳහන් කරමින් අභියාචනාධිකරණය පෙත්සම ඉවත දමන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයියෝ ගැන කතාකරන රන්ජිත් ඉන්නේ ලංකාවෙද? (නි)
රන්ජිත් මහතාණෙනි, බයියන් ඉවත් කරන්න අපිත් හවුල්. හැබැයි එහෙම කියල රේගුවේ කෙරෙන දේවල් ගැන නොදකින්න තරම් ඇස් අන්ධ වෙලාවත් නොඇසෙන්න තරම් කන් බිහිරි වෙලාවත් නම් නැහැ. (නි)
මේ වගේ අපරාධ කරුවන්ට මරණ දඩුවම නියම කළ යුතුයි. මේ අපරාධකරුවන් නිදහස් කර ගැනීමට ඉදිරිපත් වන නීතිවේදින්ට මහජනතාව දඩුවම් කළ යුතුය.(අ)
ඇත්ත. ඒ කාලේ බයියෝ හිටියට දැන් ඉන්නේ ගොවියෝනේ. බයියෝ එළවලා ගොවියෝ ගත්තේ නිවැරදි මාවතේ යන්න නම් තියන නීති හොඳින්ම ක්‍රියාත්මක වියයුතුමයි. (නි)
ලංකාවේ මිනිස්සු පොල්තෙල් බාවිතා කළා. පොල්තෙල් වලින් කොලෙස්ටරෝල් හැදෙනවා කියලා මිනිස්සු බයකළේ මේ ජරාවල් විකුණාගන්නයි. මේවා ලාබනිසා හෝටල් වල භාවිතා කරනවා. තෙල් වලින් බැදපු කෑම කඩ වලින් ගන්න එපා. දරුවන්ට නම් කොහොමවත් අරන් දෙන්න එපා. (නි)
මිනිස්සුන්ට වස කවන ඔය කොලඔ ව්‍යාපාරිකයෝ ඔක්කොම හිරේ යවන්න ඕනේ! (අ)
මේ සමහරුන්ට ඕනෑ මහජනතාවට විෂ කවලා මරන්නයි. ඔවුන්ගේ මල්ල තරවෙනවා නම් මොකද කියලා ඒකට අධිකරණයටත් යනවා. විෂ කවන්න අධිකරණයෙන් සහනයක් ලබන්න. මේ වෙනකොට ඔවුන් ගෙන්නපු විෂ කාලා කොපමණ ගණනක් එලොව ගිහින් ඇද්ද. මේ ගැන විශේෂයෙන් සොයාබලා ඒවා ගෙන්වන අයට නීති මඟින් කටයුතු කර තදබල දඩුවම් දියයුතුයි. (නි)
මේ මනුස්සයට දඬුවමක් නැද්ද මිනිසුන්ට ලෙඩ හැදෙන දේවල් ආනයනය කළාට. (නි)
බයවෙන්න එපා මුදලාලි, තීන්දුව වැරදිලා ගියාට මොකද, ‘බඩුටික මුදා හරිනු‘ කියල නියෝගයක් ගන්න එක ඔහෙලට කජ්ජක්ද? (නි)
ආදරණීය මහී, ඔයා තාම හිතන්නේ බයියෝ රට කරනවා කියලා නේද. එ් කාලේ ඉවර කළා අපි. මේක දැනෙන්නේ යහපත් අයට විතරයි. (නි)