හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයේදී රජය සමග ඡන්දය දුන් පරිසර නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට එරෙහිව ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණය අද (4) අතුරු වාරණයක් නිකුත් කළේය.
ඉෂඩ් ඒ රසීඩ් හා රෝහිනී වල්ගම විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම විභාග විය.
එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ අබ්දුල් කාදර් මහතා පසුව රජයට එක් විය.
දෝෂාභියෝගයේදී පක්ෂයේ ස්ථාවරයට පටහැණිව ඡන්දය නොදෙන්නැයි සියලු මන්ත්‍රීන්ට දැනුම් දී තිබිණි. පක්ෂයේ එම තීරණය කඩ කළැයි ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට එජාපය තීරණය කළේය.
විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.
විභාගය ලබන 18 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
දැන් ලංකාව තුල නීතියක් කියල දෙයක් නැද්ද?(නදී)
ඕකනේ කියනේ උරාගෙ මාළු උරාගෙ පිටේම තයල කපනවා කියලා.(නදී)