ශිරාණි බන්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දීම නිසා එක්සත් ජාතික පක්ෂය තමාට එරෙහිව සෙනසුරාදා (9) අරඹන්නට යන විනය පරීක්ෂණය නතර කිරීමේ නියෝගයක් කරන්නැයි නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතා කළ ඉල්ලීම කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා අද ඉවත දැමීය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරු ප්‍රධාන වගඋත්තර කරුවෝය.
ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුනට නොතීසි නිකුත් කරන ලෙස දිසා විනිසුරු නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්.අධිකරණයට ජය වේවා (ස)
විනය පරීක්ෂණ තියලා උසාවි යන එක හොඳයි (ස)
මහජනයා චන්දය දුන්නේ 1. පක්ෂයට 2. පුද්ගලයාට . පත්වුණ පුද්ගලයා මහජන කැමැත්තට පයින් ගහනවා නම්, ඔවුන් නෙරපා හැරිය යුතුයි.
අධිකරණයට මාගේ ප්‍රණාමය! (නි)
මේ කේතුමතී නම් රාජධානියයි. (ස)
ඔහොම යන් !!එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම් (ස)
හොඳ වැඩක් (ස)
පක්ෂ සාමාජිකයින් පක්ෂයේ තීන්දු වලට අභියෝග කිරීම නිවැරදිද? (නි)
ජය වේවා! අනිත් අයටත් පාඩමක් වෙන හොද තීරණයක්. (නි)
උසාවි තීනුදුව අනුව තමයි කට්ටියගේ අදහස් වෙනස් වෙන්නේ. (නි)