ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු පිට දග පන්දු යවන්නකු වන අබු ෆුවාඞ් මහතා අද (28) පස්රුවේ කොළඹදී අභාවප‍්‍රාප්ත විය. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය. අබු ෆුවාඞ් මහතා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නිල නොවන ටෙස්ට් තරග රැුසකටම සහභාගි වී ඇති අතර 1964 අහ්මදාබාද්හිදී පැවැති නිල නොවන ටෙස්ට් තරගයකදී ශ‍්‍රී ලංකාව පළමු වරට ඉන්දියාව පරාජය කළ අවස්ථාවේදී අබු ෆුවාඞ් මහතා කැපී පෙනෙන දස්කම් දැක්වීය. මුවර්ස් සහ සී.සී.සී යන කණ්ඩායම් නියෝජනය කළ අබු ෆුවාඞ් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස ද කටයුතු කර තිබේ. ඒ මහතා කලක් ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරය ද දැරීය. දේහය භූමදානය හෙට (29 වැනිදා) පෙරවරු 9.00 ට කුප්පියාවත්ත, මුස්ලිම් සුසාන භූමියේදී සිදුකෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටු දායකයි (දී)
අඩුම ගණනේ ඡායාරෑපයක්වත් පළ කරන්න.. දැකලා නැති අයට බලාගන්න...!! (නු)
මගෙත් කණගාටුව...
කණගාටුයි .......... (දී)