(විමුක්ති එස් රුද්‍රිගු)
චීනයේ කිංඩාඕ හි පසුගිය 26 සහ 27 පැවති එස්.සී.ඕ ගිම්හාන සූපවේදීන්ගේ තරඟයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා සුපවේදී කණ්ඩායමට රිදී පදක්කමක් දිනාගැනීමට හැකියාව ලැබී ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සින්නරා අවන්හලේ ප්‍රධාන සූපවේදී නිෂාද් සමරනායක සහ සහකාර සූපවේදී මනෝජ් ලියනගේ යන මහත්වරුන් තරඟයට සහභාගී වී ඇති අතර සින්නරා අවන්හල යනු බෙයිජිං නගරයේ පිහිටි එකම ශ්‍රී ලාංකික අවන්හල වේ.
මෙම තරඟයට චීනය, රුසියාව, කසකස්තානය, උස්බෙකිස්තානය, අසර්බයිජානය සහ ශ්‍රී ලංකාව යන රටවල දක්ෂ සූපවේදීන් සහභාගී වී තිබිණි.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික සහ හවුල්කාර රටවල විවිධ සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කිරීමට ගිම්හාන සුපවේදීන්ගේ තරඟය වේදිකාවක් සපයන අතර එහිදී මෙරට පොහොසත් සුපවේදී සම්ප්‍රදාය පෙන්නුම් කරමින් නිෂාද් සමරනායක සහ මනෝජ් ලියනගේ මහත්වරුන්ට රිදී පදක්කම දිනා ගැනීමට හැකියාව ලැබී ඇත.
කිරිබත් සහ පොල් රොටි ඇතුළු ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ආහාර වර්ග ඉදිරිපත් කරමින් චීන සූපවේදීන් සහ ජාත්‍යන්තර සූපශාස්ත්‍ර විශේෂඥයින් විශ්මයට පත් කිරීමට සුපවේදීන් දෙපළට හැකියාව ලැබී තිබේ. චීනයේ පැවැති ජාත්‍යන්තර සුපවේදී තරඟයකින් වසර 15 කට පසුව ජයග්‍රහණයක් ලබාගත් ප්‍රථම අවස්ථාවද මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd