ජනමාධ්‍ය මගින් තමාට අපහාසයක් වී ඇතැයි රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට හැඟෙන්නේ නම් කළයුත්තේ දිස්ත්‍රික් උසාවියක අපහාස නඩුවක් පැවැරීම යැයි තොරතුරු කොමිසමේ කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී පුංචිහේවා මහතා “ලංකාදීප” යට පැවැසීය.
කොමසාරිස්වරයා මේ බව පැවැසුවේ වැරැදි තොරතුරු ප්‍රචාරයකින් තමාට අපහාස වුවද ඊට එරෙහිව ගතහැකි පියවර තොරතුරු පනතේ නොවීමෙන් තමාට අසාධාරණයක් වී ඇති බවට සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා මාධ්‍යට කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර වශයෙනි.
තොරතුරු පනත යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යවස්ථාපිතවම බලාත්මක වී යැයි කී හෙතෙම පුද්ගල අපහාස සම්බන්ධයෙන් පියවර ගැනීම ගැන එහි සඳහනක් නැතැයි අවධාරණය කර කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපක්ෂපාතී කියා දෙයක් අද ලංකාවේ නැහැනේ (නි)
මේ රන්ජන් එකෙනුත් නාපි. ලැජ්ජයි යකෝ. (අ)
ඒ වගේම රංජන් විසින් සමහරුන්ට ප්‍රසිද්ධියේ කරන චෝදනා අසත්‍ය නම් ඒ සඳහාද එම ක්‍රියාමාර්ගයම අනුගමනය කළ හැක. (අ)
රන්ජන් සතිපතා කරන වැඩ නිසා අපිට රාජ්‍ය නිලධාරීන්, කොමිසම් වැඩ කරන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මේ මනුස්සයා නැත්නම් මෙහෙම කොමිසමක් ලංකාවේ තිබෙනවා කියලවත් දන්නේ කවුද? රන්ජන් අහපු ප්‍රශ්නෙට කොමිසමෙන් උත්තරයක් දීලා තිබෙනවා. උත්තරය තමා අධිකරණයට යන්න කියන එක (නි)
මම අහල තියෙනවා මිනිසුන්ගේ භෞතික වයස සහ මානසික වයස කියලා දෙකක් තියෙනවා කියලා. වයසක මිනිහෙකුට ළදරුවෙකුගේ මොළය තියෙන්න පුළුවන්ද? (නි)
උසාවි යාම කෙසේවෙතත් යන්නෙම ගැලරියට. (නි)
තොරතුරු දැනගැනීමට ඇති අයිතිය කියන්නේ එකක්. අපහාසයක් නිසා තමන්ට වූ අනර්ථයක් වෙනුවෙන් වන්දි ලබාගැනීම තවත් දෙයක්. හරියට නළුවා කියන්නේ එකෙක්. නැට්ටුවා කියන්නේ තව එකෙක් වගේ. එකෙයි දෙකෙයි වෙනස දන්නා කෙනෙක් පාර්ලිමේන්තුවට යවාගන්න බැරිවුණානේ අම්මපා. (නි)
අද ලංකාවේ රාජ්‍ය සේවය අල්ලසට දුෂණයට යටවෙලා , ජනතාවට සේවය කරන්න පාර්ලිමේන්තු යවපු ජනතා නියෝජිතයන්ගෙන් වැඩි දෙනෙක් කරන්නේ ජනතාවට සේවය කිරීම පසෙකලා අයතා ක්‍රම වලින් මුදල් හම්බකිරීම , එවැනි අය අතර රන්ජන් යම් තරමකින් හෝ ජනතාවට සේවයක් කරන්න උත්සහ කරනවා , ඔහුගේ ක්‍රමය සහ ක්‍රියාත්මක වන ශෛලිය නරක වෙන්න පුළුවන් නමුත් ඔහු කරන ක්‍රියාවල ප්‍රතිපල පොදු ජනතාවට සහ පරිසරයට ලැබිල තිබෙන බව පිළිගන්න ඕනේ ? ඔහු කරන වැඩ මාධ්‍ය මගින් රටේ ජනතාවට එසැනින්ම ප්‍රචාරය කරන නිසා නිලධරීන් ජාවාරම්කරුවන් බය වෙලා ඉන්නේ. (ර)
මෙයා ආත්මය රැකගත්ත එක්කෙනෙක්ද? එයාගේ කටින් කරන ශාප, එහෙම නැත්නම් අපහාස කතාවලට කවුරුවත් උසාවි යන්නේ නැත්තේ උසවියේදිවත් මුහුණට හම්බවෙන්න අකමැති නිසා වෙන්න ඕනෑ. (නි)