
(යොහාන් භාසුර)
කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂ වෛදවරුන්ගේ සායනයෙන් නිර්දේශ කළ බෙහෙත් එම රෝහලේ බෙහෙත් කවුළුවෙන් වැරදියට නිකුත් කිරීමෙන් පසුව පාවිච්චි කළ සිය 17 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා දැඩිව රෝගී වී රෝහල්ගත කර ඇති බව මාතර, රොටුඹ ප්‍රදේශයේ මව්පිය දෙපළක් කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව පැමිණිළි කර තිබේ.
එම දරුවා උපතින්ම අපස්මාර රෝගයෙන් පළීම හේතුවෙන් 2006 වසරේ සිට කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂ වෛදවරුන්ගේ සායනයෙන් අඛණ්ඩව බෙහෙත් ගන්නා බවත් පසුගිය ජනවාරි මස 3 වැනිදා අවසන් වරට බෙහෙත් ගත් බවත් එම ලිපියේ සඳහන් වේ.
අවසන් වරට ගත් බෙහෙත් පාවිච්චියෙන් පසුව ජනවාරි මස 29 වැනිදා දරුවා දැඩි රෝගී තත්වයට පත්ව මාරවල ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝගී තත්වය උත්සන්න වීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවත් එම ලිපියෙන් කියයි.
ඉන් පසුව දරුවාගේ රුධිරයේ ‘හිමෝග්ලෝබීන්’ ප්‍රමාණය අඩුවන්නේ යැයි හදුනාගත් වෛද්‍යවරු ‘අපස්මාර’ රෝගයට නිකුත් කර ඇති බෙහෙත් පරීක්‍ෂා කිරීමේදී රුධිර කැටි ගැසීම වළක්වන බෙහෙතක් නිකුත් කර ඇතැයි හදුනාගත් බවත් වැරදියට නිකුත් කර ඇති බෙහෙත සාමාන්‍යයෙන් දිනකට එක පෙත්තක් පමණක් නිර්දේශ කරන බෙහෙතක් වුවද සිය දරුවාට දිනකට දෙවරක් පෙති 4 ක් ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවත් මව්පියෝ පවසති.
මෙම තත්වය හේතුවෙන් දරුවාගේ ජීවිතය දැඩි අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවත් මෙවැනි සෞඛ්‍ය සේවකයන්ට එරෙහිව කටයුතු කර සාධාරණය ඉටුකරන ලෙස ද මව්පියෝ කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයාගෙන් ඉල්ලා සිටිති.
මෙම සිද්ධිය පිළිබඳව දැනගැනීමට කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයා දුරකථනයෙන් සම්බන්ධ කරුගැනීමට උත්සහ කළ ද අධ්‍යක්‍ෂවරයා රැස්වීමක සිටින නිසා සම්බන්ධ කළ නොහැකි යැයි පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියක් නැත්නම් නීතියක් හදන්න ඕනේ... දොස්තර වුනත්, නර්ස් වුණත් වැරැදි බෙහෙත් දීපු කෙනාටම එම බෙහෙත පොවන විදිහට... එතකොටවත් මෙවැනි දේවල් නතර වෙයි...
ශුවර් එකටම මම ගෙන්නපු බෙහෙතක් වෙන්න බැහැ. මොකද මගේ කාලේ ගෙන්නුවේ වතුරනේ...!!
දැන් ඉස්පිරිතාලේ ඔක්කෝම වෛද්‍යවරු. වෛද්‍ය උපාධිය නැතත් වෛද්‍ය දීමනාව ලෙඩ්ඩු ඇපයට තියලා ගත්තානේ...!
මෙම වැකිය හොදින් කියවා බලා අදහස් ප්‍රකාශ කරා නම් හොදයි. මේක විශේෂ වෛද්‍යවරයාගේ වරදක් නොමැත . කවුන්ටරයෙන් වැරදි බෙහෙතක් නිකුත් කර ඇත. නුපුහුනු කම්කරැවන් බෙහෙත් දෙන්න ගිය විට මේ වගේ වැරදි ම් වෙනවා. වෛද්‍ය වරුන්ගේ බෙහෙත් වට්ටෝරැව කියවන්න ඉංග්‍රිසි දැනුමක් නොමැති කම. මේගොල්ලො නේ 35000/ ඉල්ලිම් කරන්නෙ.