IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපස්මාරය දරුවාට ලේ දිය කරන බෙහෙත් දීලා

(යොහාන් භාසුර)

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂ වෛදවරුන්ගේ සායනයෙන් නිර්දේශ කළ බෙහෙත් එම රෝහලේ බෙහෙත් කවුළුවෙන් වැරදියට නිකුත් කිරීමෙන් පසුව පාවිච්චි කළ සිය 17 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා දැඩිව රෝගී වී රෝහල්ගත කර ඇති බව මාතර, රොටුඹ ප්‍රදේශයේ මව්පිය දෙපළක් කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව පැමිණිළි කර තිබේ.

එම දරුවා උපතින්ම අපස්මාර රෝගයෙන් පළීම හේතුවෙන් 2006 වසරේ සිට කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂ වෛදවරුන්ගේ සායනයෙන් අඛණ්ඩව බෙහෙත් ගන්නා බවත් පසුගිය ජනවාරි මස 3 වැනිදා අවසන් වරට බෙහෙත් ගත් බවත් එම ලිපියේ සඳහන් වේ.

අවසන් වරට ගත් බෙහෙත් පාවිච්චියෙන් පසුව ජනවාරි මස 29 වැනිදා දරුවා දැඩි රෝගී තත්වයට පත්ව මාරවල ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝගී තත්වය උත්සන්න වීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවත් එම ලිපියෙන් කියයි.

ඉන් පසුව දරුවාගේ රුධිරයේ ‘හිමෝග්ලෝබීන්’ ප්‍රමාණය අඩුවන්නේ යැයි හදුනාගත් වෛද්‍යවරු ‘අපස්මාර’ රෝගයට නිකුත් කර ඇති බෙහෙත් පරීක්‍ෂා කිරීමේදී රුධිර කැටි ගැසීම වළක්වන බෙහෙතක් නිකුත් කර ඇතැයි හදුනාගත් බවත් වැරදියට නිකුත් කර ඇති බෙහෙත සාමාන්‍යයෙන් දිනකට එක පෙත්තක් පමණක් නිර්දේශ කරන බෙහෙතක් වුවද සිය දරුවාට දිනකට දෙවරක් පෙති 4 ක් ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවත් මව්පියෝ පවසති.

මෙම තත්වය හේතුවෙන් දරුවාගේ ජීවිතය දැඩි අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවත් මෙවැනි සෞඛ්‍ය සේවකයන්ට එරෙහිව කටයුතු කර සාධාරණය ඉටුකරන ලෙස ද මව්පියෝ කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයාගෙන් ඉල්ලා සිටිති.

මෙම සිද්ධිය පිළිබඳව දැනගැනීමට කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයා දුරකථනයෙන් සම්බන්ධ කරුගැනීමට උත්සහ කළ ද අධ්‍යක්‍ෂවරයා රැස්වීමක සිටින නිසා සම්බන්ධ කළ නොහැකි යැයි පැවසීය.



අදහස් (5)

අපස්මාරය දරුවාට ලේ දිය කරන බෙහෙත් දීලා

Amal Wednesday, 07 February 2024 04:38 PM

රටේ නීතියක් නැත්නම් නීතියක් හදන්න ඕනේ... දොස්තර වුනත්, නර්ස් වුණත් වැරැදි බෙහෙත් දීපු කෙනාටම එම බෙහෙත පොවන විදිහට... එතකොටවත් මෙවැනි දේවල් නතර වෙයි...

:       3       25

කෙලවෙච්ච-ලිය Wednesday, 07 February 2024 04:44 PM

ශුවර් එකටම මම ගෙන්නපු බෙහෙතක් වෙන්න බැහැ. මොකද මගේ කාලේ ගෙන්නුවේ වතුරනේ...!!

:       2       22

siyadirus Wednesday, 07 February 2024 05:17 PM

දැන් ඉස්පිරිතාලේ ඔක්කෝම වෛද්‍යවරු. වෛද්‍ය උපාධිය නැතත් වෛද්‍ය දීමනාව ලෙඩ්ඩු ඇපයට තියලා ගත්තානේ...!

:       5       19

samanThursday, 08 February 2024 02:04 AM

අපි දොස්තරලට නැතුව ඔක්කොටම DAT දෙමු.ඔය DAT ඉල්ලන අය හොඳටම කරන හැටි තමයි

:       0       1

Lelwala Thursday, 08 February 2024 08:11 AM

මෙම වැකිය හොදින් කියවා බලා අදහස් ප්‍රකාශ කරා නම් හොදයි. මේක විශේෂ වෛද්‍යවරයාගේ වරදක් නොමැත . කවුන්ටරයෙන් වැරදි බෙහෙතක් නිකුත් කර ඇත. නුපුහුනු කම්කරැවන් බෙහෙත් දෙන්න ගිය විට මේ වගේ වැරදි ම් වෙනවා. වෛද්‍ය වරුන්ගේ බෙහෙත් වට්ටෝරැව කියවන්න ඉංග්‍රිසි දැනුමක් නොමැති කම. මේගොල්ලො නේ 35000/ ඉල්ලිම් කරන්නෙ.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site