
අතුරුගිරිය මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල කිරීමට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු ගංගොඩවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසා ආපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු අවුරුදු 42 ක් වන ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් අනාවරණය වු තොරතුරු මත අපරාධය සිදු කිරීම සඳහා යොදාගත් ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක් සැකකරුගේ නිවසේ තිබියදී සොයා ගෙන ඇති අතර මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවා ඇති බවට අනාවරණය වූ බව ද පොලිසිය කියයි.
යතුරුපැදියට සවිකර තිබූ ව්‍යාජ අංක තහඩු දෙහිවල සුසාන භූමියක් තුලදී පුද්ගලයකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම, ගල්කිස්ස පන්සල් පාර ප්‍රදේශයේ නිවසකට පැමිණ ගිනි අවියක් එල්ල කර බිය ගන්වා පහරදීමේ අපරාධයට සැකකරුවන් පැමිණි යතුරුපැදිවල සවිකර තිබූ අංක තහඩු බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd