(ජේ.ඒ.එල්. ජයසිංහ)
ශ්‍රී ලාංකික සම්ප්‍රදායට පිටුපාමින් මෙවර වෙසක් පුන් පෝය දිනය අප්‍රේල් මාසයට යොදා ගැනීම කිසිසේත් සිදුනොවිය යුත්තකැයි නියංගොඩ ශ්‍රී විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියෝ ඊයේ (23) පැවැසූහ.
ජාත්‍යන්තර වෙසක් උත්සවය සහ අනෙකුත් බෞද්ධ රටවල වෙසක් පෝය දිනය මැයි මස 29 වැනි දිනට යොදාගෙන තිබෙන බව ද ශ්‍රී ලංකාව පමණක් වෙසක් පෝය අප්‍රේල් මාසයට යොදා ගැනීම මහා විහිළුවක් බව ද මල්වතු අනුනාහිමියෝ කීහ.
ජනමාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් මල්වතු අනුනාහිමියෝ මෙසේ ද පැවැසූහ. “මැයි මාසයට යෙදෙන පසළොස්වක පෝය දිනය වෙසක් පෝය ලෙස සලකනවා. මැයි මාසය වෙසක් මාසයයි. එය සාම්ප්‍රදායයක්. 2018 වසරේ වෙසක් පෝ දිනය මැයි මාසයේ 29 වැනි දින යෙදෙන පසළොස්වක පෝය දිනට යොදා ගැනීමට තිබුණා.
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෞද්ධ ජනතාව පින් දහම් සිදුකොට බුදුන් වහන්සේ වෙනුවෙන් කැපවන වෙසක් පුන් පෝය දිනය ද තම තමන්ගේ හිතුමතයට වෙනස්කි රීම උචිත වන්නේ නැහැ.
අප්‍රේල් 29 වැනිදා යෙදී තිබෙන පුන් පෝය දිනය බක් මහේ පෝය දිනයයි. ශක රාජවංශය අනුව බක් මස අගට යෙදී ඇති පුන් පොහෝ දිනය අධිපසළොස්වක් පෝය දිනයක් ලෙස සැලකීමේ වරදක් නොමැති නමුත් වෙසක් පුන් පෝය දිනය ලෙස සැලකීම සුදුසු නැහැ. තායිලන්තය චීනය ඉන්දියාව වැනි රටවල් වෙසක් දිනය සමරන්නේ මැයි මාසයේ අවසානයට යෙදී ඇති පසළොස්වක පෝය දිනයේයි. ජාත්‍යන්තර වෙසක් උත්සවය පවත්වන්නේ ද මැයි මස අගට යෙදී තිබෙන පසළොස්වක පෝය දිනයදායි.
කිසිවකුගේ උපදෙසක් මත සාම්ප්‍රදායික ලෙස බෞද්ධ වර්ෂය පිළිගැනීමෙන් බැහැරව මෙවන් තීන්දු තීරණ ගැනීම සමස්තයක්ලෙස සාවද්‍යයි. මෙවැනි අත්තනෝමතික තීන්දු තීරණ නිසා රටට ජාතියට දුර්විපාක භුක්ති විඳීමට පවා සිදුවීමට ඉඩ තිබේ.” මෙම වසර වෙනුවෙන් පලාඵල ප්‍රකාශයට පත් කළ එක් ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදියකු පවසන ලද අනාවැකියකින් යම් යම් වැරදි තීන්දු තීරණ ගැනීමෙන් රට තුළ ව්‍යසන, ඝාතන, දිවි නසා ගැනීම්, දිවි හානිවීම් බහුලව ඇතිවීමට ඉඩ තිබෙන බව පෙන්වා දී තිබුණා.
එසේම ඉකුත් වසරේ සිංහල අලුත් අවුරුද්දේ සිදුවූ කුණු කන්ද කඩා වැටීමෙන් පසුව නාය යෑම්, ගංවතුර විපත් ඇතුළු දේශගුණික විපර්යාසයන් සහ ජීවිත හානි මේ රටේ මේ දක්වා සිදුවෙමින් පවතින බව ද මල්වත අනුනාහිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසරයි අපේ හාමුදුරුවනේ. ඔය ගැන කියන්න ඔබ වහන්සේ මෙච්චර කල් ගත්තෙ ඇයි කියන එකයි අපට ඇති ගැටළුව. ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙටත් කලින්නෙ නිවාඩු දින ප්‍රකාශයට පත් කළේ. ඒ කාලෙවත් ඔය ගැන කිව්වනම් රජයටත් තිබුන මේ නිවාඩු දින වෙනස් කරන්න. දැන් අපේ‍්‍රල් 29 කට ලගටම ආවට පස්සෙ මොනවද කරන්නෙ.
තායිලන්තය චීනය ඉන්දියාව වැනි රටවල් වෙසක් දිනය සමරන්නේ මැයි මාසයේ අවසානයට යෙදී ඇති පසළොස්වක පෝය දිනයේ බව නම් ඇත්ත. කවුද එතකොට මේ දිනය වෙසක් පෝය කියල නම් කලේ?
මගේ ජීවිත කාලේදී අප්‍රේල් මාසේ වෙසක් පෝය සමරනවා දැක්කමයි. මැයි 1 කල් දාන්ඩ වුනෙත් මේ නිසා. මැයි 7 යොදාගෙන තිබුණු දේවල් ඉවරයි. රෝහල් වල දින දීලා තිබුන සැත්කම් වගේ ඒවා.
වෙසක් පෝය අප්‍රේල් ද මැයි ද හිත හිතා ඉන්නේ නැතුව නොපමාව කුසල් දම් රැස් කරන්න.. එහෙම මිනිස්සු රටකට ඉන්නවා නම් දුර්විපාක වෙන්නේ නෑ..
බුදු හාමුදුරුවෝ ඉපදුනේ මැයි පෝයදී නෙමෙයි, වෙසක් පෝය දී. මිහිඳු හාමුදුරුවෝ වැඩියේ පොසොන් පෝයදි මිසක් ජුනි පෝයදි නොවෙයි. වෙසක් පෝය බලන්නේ සුද්දගේ දින දර්ශනයෙන් නොව සිංහල මාස ක්‍රමයට.
මේ ආණ්ඩුව කරන තරමක් කරන්නේ විහිළු තමයි.
එතකොට මේ දැන දැන මැයි දිනය කල් දාන්න ඉල්ලුවේ කවුද ?
ඔය කියන දවසට එනම් ඊලග 29 දින පුර හද පැයුවේ නැත්නම් රජය විසින් නිකුත් කරන ලද කැලැන්ඩරය සම්පුර්ණයෙන්ම වැරදි. පෝය දිනක් එන්න යම්කිසි කාලයක් තියනව දින 29 හෝ 28න්. ඒ හැම මසක් සම්පුර්ණ වෙන තැන පුර හද ලොවටම පායනවා. එදාට තම පුරපසලොස්වක පෝය දිනය ලබන්නේ. හාමුදුරුවන් කියන විදියට වෙසක් පෝය සමරන්න ඕනේ මොක උනත් මැයි මස. එදාට පුර හද පැයුවේ නැතත් මැයි මාසේ තමා වෙසක්.
වෙසක් පෝය වෙසක් උත්සව නියම කලට පැවැත්වූ පසුගිය කාල වකවානුවල මේ රටට දුර්විපාක ලැබිල නැද්ද?
අන්න ඒකට මහින්ද මහත්තය හිටියනම් මාස දෙකේම වෙසක්. සිල් රෙදි දෙක බැගින් ගන්න තිබුණා.
අපේ හාමුදුරුවනේ මෙය පළමු වතාව නොවෙයිනේ. කොහොම උනත් වෙසක් මස 29 දින එන පොහොය කොහොමද නම් කොරන්න යන්නේ. මොන පොහොය කියලාද? වෙසක් මස එන නිසා එම පොහොයට වෙසක් පොහොය කීවොත් අපෙර්ල් 29ත් වැටෙන පොහොය කොහොමද නම් කොරන්නේ.
නිවාඩු දින නම් කරලා තියන දින දර්ශනය බැලුවම පැහැදිලිව පේනවා බක් හොහොය අප්‍රියල් වෙසක් පෝය මැයි කියලා සටහන් කරලා තියෙනවා
නාත් රණසිංහ... 2018 නිවාඩු ගැසට් කරලා තියෙන්නේ 2017 ජුනි මාසේ. දැන් ඇයි මේ ගැන වාද කරන්නේ?
අපේ හාමුදුරුවනේ ධර්මානුකුලව ජීවත්වීමට දිනයක් ඕනේ නැහැනේ. සැමදාම වෙසක් දිනයක්... අපේ හාමුදුරුවෝ කලබල වෙන්නට එපා. ගරාවැටිලා තියන පන්සල් ටික ඔය රජයේ මිනිසුන්ට කියලා ප්‍රතිසංස්කරණය කරන්න.