අනුරාධපුර රෝහලේ සියලු වෛද්‍යවරුනට පොලිස් ආරක්ෂාව සැලසීමට අනුරාධපුර පොලිසිය ප්‍රතිඥා දී ඇත. දොස්තර චමිල හේරත්ට පහරදීමට තිහකට ආසන්න පිරිසක් පැමිණ ඇතැයි ද වෛද්‍යවරු කියා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට පුළුවන්ද රටක් ඉදිරියට ගෙනයන්න? (නි)
මේ රටේ දැන් නීතියක් නෑ වගේ..!!(නු)
මේකට තමයි රටේ සංවර්ධනය කියන්නේ..!(නු)
මෙතන වෙලා තියෙන්නේ දේශපාලන බලය හිසට ගැනීමක් (නි)
දොස්තරමහත්වරු මොකටද වර්ජනය කරන්නෙ.. දැං ඉතිං වර්ජනය නොකරන්නෙ ලෙඩ්ඩු විතරමනෙ..!!(නු)
මැරයන්ට ඡන්දය දීලා දොස්තරලා රට අතහැරලා යද්දී කෑ ගහන්නකෝ. (නි)
පාට කුමක් උනත් මැරයන්ට චන්දය දීමෙන් වළකිමු එහෙම නැත්නම් අපිට වෙන්නේ මැරයන්ගෙන් ගුටිකකා රෝහල් ගානේ පෝලිමේ ඉදන් රෝහල් කාර්ය මණ්ඩල වල ගෑස් බලන්නයි (දී)
ලංකාවේ නීතිය මෙහෙම තමයි (දී)
ඒ විතරක් මදි. පහරදීමට සම්බන්ධ මැරයන්ට නිසි දඩුවම් දෙන්න ඕනෑ (නි)
දැං අනුරාධපුරේ ලෙඩ්ඩු තීන්දුවක් ගන්න ඕන මැරයින්ට ඡන්දය දෙනවාද නැද්ද කියලා..!(නු)
ආරක්ෂාව ඕනෑ නැහැ. ගහපු අයව අල්ලලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.(නු)
අපිට කාගේ ආරක්ෂාවද? (නි)
දේශපාලන මැරයන්ට බයේ තමයි අද උගත් බුද්ධිමත් ජනතාවට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ (නි)
ඩුබායි වල නම් කිසිම විශේෂ ආරක්ෂාවක් කිසිම කෙනෙකුට නැහැ (නි)
රෝගීන්ට කාගේ ආරක්ෂාවද? (නි)
ගුටි කන්නත් මොකක් හරි හේතවක් තියෙන්න ඇති.. ඒකත් හොයලා බැලුවනම් තමයි හොද? (නු)
කියන්නත් ලැජ්ජයි ගරු දොස්තර මහත්වරුණි. ඔච්චර බයනම් ඇයි වර්ජන කළේ? (නි)
දොස්තරලා වර්ජනය කරපුවහම අමාරුවේ වැටෙන්නේ සාමාන්‍ය මිනිස්සු. එක එච්චර හොඳ දෙයක් නොවෙයි. හැබැයි මේ ජරාජීර්ණ වෙලා තියෙන රටේ වැඩෝ කරගන්න බලපෑමක් කරන්න තියෙන එකම ක්‍රමය දොස්තර වැඩ වර්ජනයක් විතරයි. අනික් අය වර්ජන නෙවෙයි, මොනවා කළත් කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ. උදාහරණයක් හැටියට මට හිතෙන්නේ ඔය විශ්ව විද්‍යාල ආචාර්යවරු හාමත් වෙලා වැඩට එනකල්ද කොහෙද තමයි කට්ටිය බලාගෙන ඉන්නවා ඇත්තේ. (නි)
මේකට තමයි මහත්වරුනි 'රට පෙරට' කියන්නේ. (නි)
එක් කෙනෙකුට ගහන්න 30ක්? විශ්වාස කරන්න අමාරුයි. (නි)
පුලුවන් කෙනා තමන්ගේ වැඩේ කොහොමහරි කරගන්නවා. බැරි කෙනාට මොනවත්ම නැහැ. (නි)
එහෙනම් හෙට ඉදලා ලෙඩ්ඩු කියලා ජාතියක් නැති වෙන්නම බෙහෙත් දෙයිද දන්නේ නැහැ. (නි)
ලංකාවෙම දොස්තරලා දැන් ආරක්ෂාව ඉල්ලයිද දන්නේ නැහැ. (නි)
එක මනුස්සයෙක් වටකරගෙන ගහන එක මම හොදට දැකලා තියෙනවා අනුරාධපුරේ.. ඒ මොකද මමත් අනුරාධපුරේ උපන් කෙනෙක්... වෛද්‍යවරයාට පහරදීම හෙලා දකිනවා..!!(නු)
දැන් ඉතිං දොස්තරලාටත් පොලිස් ආරක්ෂාව නැතුව රාජකාරි කරන්න බැරිවෙයි. (නි)
දොස්තරල ස්ට්‍රයික් කරනකොට අපහසුතාවයට පත්වෙන මිනිසුන් මෙයාලා ගැන තරහෙන් ඉන්නෙ. ඉතින් අවස්ථාවක් ලැබුණහම මිනිස්සු උපරිම ප්‍රයෝජනය ගන්නවා. (නි)
කොහොමත් රට ප්‍රපාතයට ගිහිල්ලා නේද? (නි)
මම ඒකට කැමතියි. (නි)
සුදත් කියන කාරණය හරි ද? සාමාන්‍ය මිනිසුන් දොස්තරලාට පහර දෙන්නේ නැහැ. දොස්තර කෙනෙකුට පහර දීපු ඕනෑම අවස්ථාවක එතැන ප්‍රමුඛස්ථානය ගෙන ඇත්තේ දේශපාලන බලය ඉහට ගත් මැරයන් තමයි. සුදත් කියන විදියට දොස්තරලාට පාරේ යන්න බැරිවෙන්න ඕනෑ. හාම්පුතා සාධාරණ නම් කිසිවෙක් ස්ට්‍රයික්වලට යන එකක් නැහැ. දොස්තරලාට බලපෑමක් ඇතිකිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔවුන් තමන්ට අසාධාරණයක් සිදුවූ සැම විටම නැගී සිට ඉල්ලීම් දිනා ගන්නවා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය ඇදි ඇදී යන්නේ ඔවුන් ඇති කරන බලපෑම එසේ ක්ෂණිකව නොදැනෙන නිසයි. දොස්තරලා වර්ජනය කිරීම නිසා ඔවුන්ට පහර දෙනවායැයි කීම දේශපාලන මැරකම් අනුමත කිරීමක්. (නි)
ආරක්ෂාව ඕනෑ නැහැ. ගහපු අයව අල්ලලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. (නි)
එක්කෙනෙකුට ගහන්න 30ක්? මේ චණ්ඩිද? (නි)
මැරයන්ට ඡන්දය දෙන්නෙත් ලෙඩ්ඩු වෙන සාමාන්‍ය ජනතාවමයි. (නි)
දැනෙන දෙයක් නොකලොත් ලංකාවෙ පොලිසියවත් දේශපාලකයොවත් නීතිය ක‍්‍රියාත්මක කරන්නෙ නෑ දොස්තර මහත්වරුන් කරපු දේ හරි පුලුවන් අය හරි මෙ විදියට දේශපාලන මැර ක‍්‍රියා වලට විරෝධය දක්වන්න ඕනෙ(නු)
මේක නම් පුදුම රටක්. (නි)
සමාජය පිරිහීමයි.. මාරයන් වැඩිවීමෙන් පෙනෙන්නෙ ආගමික සමාජයේ නායකයිනි ඔබේ වගකීම පැහැර හැර ඇති බවයි..!!(නු)