IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අපුර වෛද්‍යවරු වැඩ වරති

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු අද උදේ වරුවේ වැඩ වරූහ. දොස්තර නිල නිවසක විදුලි  බිල නොගෙවීම නිසා විදුලිය කපා දැමීම ඊට හේතුවයි.  රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්. අතපත්තු පැවැසුයේ රුපියල් තිස්දාහක හිඟ මුදල ගෙවීමට විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කිරීමෙන් පසුව වර්ජනය නතර කළ බවයි. වර්ජනය නිසා බාහිර අංශයේ ලෙඩ්ඩු ආපසු හැරී ගියහ. සෙසු කටයුතු අවුල් විය.



අදහස් (0)

අපුර වෛද්‍යවරු වැඩ වරති

නිපුණ Friday, 19 October 2012 01:45 PM

ඒකටත් පළි අර අහිංසක ලෙඩ්ඩු. තුඃ නොදකින් විතරක්.. (නි)

:       0       0

ගෝමස් Friday, 19 October 2012 01:47 PM

ලයිට් බිල ගෙව්වේ නැතුවම ලයිට් කපන එක කාටත් පොදුයි.(නදී)

:       0       0

චුට්ටේ Friday, 19 October 2012 01:58 PM

ඔන්න ඔන්න වෛද්‍යවරුත් නිකං පල් පාට් දානවා. විදුලිය කැපුවා කියලා වැඩවර්ජනය කරපුවහම ලෙඞ්ඩුන්ගේ ජීවිත අනතුරේ නෙ. අනික ලයිට් බිල ගෙවන්න පොඞ්ඩක් පරක්කු වුණහම විදුලිය කැපුව එකනම් හරි අසාධාරණයි. මාස 6ක්වත් කල්දෙන්න ඕනෑ. (නි)

:       0       0

රෝහණ Friday, 19 October 2012 02:44 PM

දැන් මෙයාලා තමයි රටේ ඉන්න වැඩකාරයෝ. (නි)

:       0       0

සඳුනි Friday, 19 October 2012 02:56 PM

අයියෝ.........ඒකටත් වැරදි අහිංසක ලෙඩ්ඩු වෙන අපිද ? (ස)

:       0       0

ජනක Friday, 19 October 2012 03:08 PM

අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන දොස්තරලා වුණාම රටට සේවයක් කරන අය හුගක් අඩුයි (ස)

:       0       0

ලුම්බිණි Friday, 19 October 2012 03:34 PM

මේක නම් පුදුම විකාරයක්. බිල් නොගෙවා ලයිට් කැපුවම, වතුර කැපුවම ඒකටත් වර්ජන. අසනීප වෙලා ඉන්න මිනිස්සු ගැන කිසිම හැගීමක් නැහැ. මේ අය රජයේ සේවකයෝ නේද? මහජන මුදලින් නේද පඩි ගන්නේ. මේ අයත් දේශපාලකයන්ගේ ගණනට වැටිලා. අඩු වශයෙන් ඉගෙනගත් මිනිස්සු වගේවත් දේවල් කරන්න බැරිද? අපට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

සඳුන් Friday, 19 October 2012 06:05 PM

මෙහෙමත් ජාතියක් . හරි ලේසියිනේ ඕනම දේකට මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට ගන්න ත්‍රස්ත්‍රවාදි රැලක්නේ (ස) ‍

:       0       0

යොහාන් Saturday, 20 October 2012 12:43 PM

මම හිතුවා ආයේ දොස්තර කෙනෙක්ට ගහලා කියලා (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 01:54 PM

දවසක ඔය අසාධාරණ දොස්තරලා හොඳ ගාණට කනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 0 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site