අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු අද උදේ වරුවේ වැඩ වරූහ. දොස්තර නිල නිවසක විදුලි බිල නොගෙවීම නිසා විදුලිය කපා දැමීම ඊට හේතුවයි. රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්. අතපත්තු පැවැසුයේ රුපියල් තිස්දාහක හිඟ මුදල ගෙවීමට විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කිරීමෙන් පසුව වර්ජනය නතර කළ බවයි. වර්ජනය නිසා බාහිර අංශයේ ලෙඩ්ඩු ආපසු හැරී ගියහ. සෙසු කටයුතු අවුල් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටත් පළි අර අහිංසක ලෙඩ්ඩු. තුඃ නොදකින් විතරක්.. (නි)
ලයිට් බිල ගෙව්වේ නැතුවම ලයිට් කපන එක කාටත් පොදුයි.(නදී)
ඔන්න ඔන්න වෛද්‍යවරුත් නිකං පල් පාට් දානවා. විදුලිය කැපුවා කියලා වැඩවර්ජනය කරපුවහම ලෙඞ්ඩුන්ගේ ජීවිත අනතුරේ නෙ. අනික ලයිට් බිල ගෙවන්න පොඞ්ඩක් පරක්කු වුණහම විදුලිය කැපුව එකනම් හරි අසාධාරණයි. මාස 6ක්වත් කල්දෙන්න ඕනෑ. (නි)
දැන් මෙයාලා තමයි රටේ ඉන්න වැඩකාරයෝ. (නි)
අයියෝ.........ඒකටත් වැරදි අහිංසක ලෙඩ්ඩු වෙන අපිද ? (ස)
අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන දොස්තරලා වුණාම රටට සේවයක් කරන අය හුගක් අඩුයි (ස)
මේක නම් පුදුම විකාරයක්. බිල් නොගෙවා ලයිට් කැපුවම, වතුර කැපුවම ඒකටත් වර්ජන. අසනීප වෙලා ඉන්න මිනිස්සු ගැන කිසිම හැගීමක් නැහැ. මේ අය රජයේ සේවකයෝ නේද? මහජන මුදලින් නේද පඩි ගන්නේ. මේ අයත් දේශපාලකයන්ගේ ගණනට වැටිලා. අඩු වශයෙන් ඉගෙනගත් මිනිස්සු වගේවත් දේවල් කරන්න බැරිද? අපට දෙවියන්ගේම පිහිටයි. (නි)
මෙහෙමත් ජාතියක් . හරි ලේසියිනේ ඕනම දේකට මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට ගන්න ත්‍රස්ත්‍රවාදි රැලක්නේ (ස)
මම හිතුවා ආයේ දොස්තර කෙනෙක්ට ගහලා කියලා (ස)
දවසක ඔය අසාධාරණ දොස්තරලා හොඳ ගාණට කනවා (ස)