උතුරු මැද නව මහා ඇමැති එස්.එම්. රංජිත් මහතාට තම සහාය නොදෙන බවත් ඔහු රජයේ උතුරු මැද නායකයා ලෙස නොපිළිගන්නා බවත් අනුරාධපුර දිස්ත්‍රකික් පලාත් පාලන නියෝජිත සම්මේලනයේ සභාපති හා මිහින්තලේ ප්‍රාදේශීය සභ මන්ත්‍රී අනුර ජේ. මැන්ඩිස් මහතා අනුරාධපුර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිවේය. ‘ අපි බර්ටිගෙ මිනිස්සු‘ අපේ නායකයා හිටපු මහා ඇමැති බර්ටි ප්‍රෙමලාල් දිසානායක. ඔහුගේ නායකත්වය පමණයි පිළිගන්නේ. නව මහා ඇමැති සමග කිසිම දේශපාලන ගනුදෙනුවක් නෑ. ඔහු පළාත් සභා පනත අනුව ගන්නා තීරණවලට පමණක් සහාය දෙනවා.‘ යැයි ද ඔහු කීවේය. දිසානායක මහතාට මහ ඇමැතිකම නොදුන හොත් ඉල්ලා අස්වන බවට ඔහුට දුන් දිවුරුම් පෙත්සම් ඔහුගේ ඉල්ලීම අනුව ඉල්ලා අස්කරගත් බවත් මැන්ඩිස් මහතා කීවේය. ප්‍රාදේශීය සභාපතිවරුන් පස් දෙනකු ඇතුළු සියයකට ආසන්න පිරිසක් මෙම රැස්වීමට සහාභාගී වුහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට විතරක් නොවෙයි මේක තමයි අද සියලුම දේශපාලකයන්ට වෙලා තියෙන්නේ. පුදුමය මේ අයට ඡන්දය දීමයි. (නි)
අයියෝ සල්ලි
එක එක්කෙනාට ඕනෑ විදියට දාගන්න නම් මොකටද ඡන්ද තිබ්බේ ? (නි)
එපා එපා අපිට එපා
ඇයි දන්නේ නැහැ ඉල්ලා අස්කර ගන්න කිවුවේ? (නි)
ඔයාලා කාගෙවත් මිනිස්සු වෙන්නේ නැතුව ඒ පළාතේ මිනිස්සුන්ගේ මිනිස්සු වෙන්න. (නි)
ඔබලා මහජන නියෝජිතයින් මිස කාගේවත් අය නොවෙයි. (නි)
ඇයි වෙන කෙනෙකුටත් අවස්ථාව දෙන්නේ නැත්තේ? (නි)
ජයලත්, මමත් ඔයදේම හිතුවා විතරයි. (නි)
එකමුතු වී අපි නංවමු ලස්සන උතුරුමැදක්. (නි)
මහජන මතයට හිස නමන්න පුරුදු වෙන්න පින්වත. (නි)
අ'පුරට වසන්තය කියල වෙනම එකක් බර්ටි මහත්තයා පටන්ගනී වගේ!
ඕවා ඔහොම තමයි මල්ලී. (නි)
එකට එක්වී වැඩ කර ජනතාවට සේවයක් කරන්න. (නි)
ලූලා නැති තැනට කණයා පණ්ඩිතයාලු..(නු)
ඇයි එයා නීතියට වැඩ කරනවාද?(නු)
"ඔහු පළාත් සභා පනත අනුව ගන්නා තීරණවලට පමණක් සහාය දෙනවා." මේකෙන් පෙන්නේ බර්ටි පනතට පිටින් වැඩ කරලා මෙයාලට උදවූ කරලා කියන එකද? (නි)
මැරෙනකම්ම මහ ඇමති වෙන්න වගේ..!(නු)
බැරි කට්ටියට ගෙදර යන්න කියමු . මේගොල්ලෝ කොහොමත් ඉල්ලා අස්වෙච්ච අයනේ..(ස)
අයියෝ බර්ටි මහත්තයෝ....(ස)
අයියෝ බර්ටි මහත්තයෝ..!(නු)
බුද්ධිමත් ඡන්ද දායකයින්ගේ තීරණයට හිස නමන්න බැරි දේශපාලකයෝ....(ස)
මැරෙනකම් ඉන්න දෙන්න තිබුණෙ.. අපරාදෙ.. තන්හාය ජායතී සෝකෝ...(නු)
බුද්ධිමත් ඡන්ද දායකයන්ව අවතක්සේරු කරන්න එපා.(ස)
මම නම් හිතන්නෙ මෙහෙම ප්‍රකාශ කරන අය ගැන පක්‍ෂ නායකත්වය දැඩි තීරණයක් ගත යුතුයි. ඕනෑම සංවිධානයක නායකයගේ තීරණයට අවනත නොවෙන අය ඉන්නවානම් ඒ සංවිධානය විනාශ වෙනවා. එමනිසා මෙයාලට පක්‍ෂ නායකත්වයේ තීරණයට අවනත වෙන හැටි කියලා දෙන්න. යන අයට යන්න කියලා සියලුම සභා විසිරුවලා මේ අයියලාට නාම යෝජනා නොදිය යුතුයි. එතකොට බලන්න පුලුවනි මෙයාලට තියෙන බලය. ඔය කයිය ගහන අය හොදට මතක තියාගන්න මේ ජන්ද සේරම දිනන්නේ ඔයාලගේ හපන්කමට නෙමෙයි, අතිගරු ජනාධිපතිතුමා හින්දයි කියන එක. (නි)
අයියෝ සල්ලි
රංජිත් මහත්තයෝ ඔබතුමාට මහ ඇමතිකම ලැබුණට ආඩම්බර නොවී ජනතාවට උපරිම පිරිසිදු සේවයක් කරන්න බලන්න.. නැත්නම් ඔබටත් බර්ටි මහත්තයාට උන දේ වෙයි..! (නු)
කයිය තියාගෙන යනවානම් යන්න කියන්න. (නි)
බොරුවට දඟලන්න එපා...(ස)
හොදයිනේ. (නි)
බයිලා එපා....ඔයාල සේවය කරන්න ඕන රටට මිසක් තම තමන්ට නෙමෙයි.(ස)
මතක නැතුව ඇති. (නි)
මහජන මතයට ගරු කරන්න බැරි නම් දාලා යන්න. (නි)
ඔන්න ඕක තමයි කුහකකම කියලා කියන්නේ. (නි)
මට නම් කියන්න තියෙන්නේ කිචි කිචි හෝතාහේ කියලා තමයි. (නි)
දුකයි වගේ පෙනෙන්නේ. (නි)
අලුතින් පත්කරපු කෙනාටත් අවස්තාවක් දෙන්න .ඔහොම ආත්මාර්ථකාමී වෙන්න එපා. ලජ්ජාශීලි වෙන්න. (නි)
මේවා විහිලු. තව කාලයක් යද්දී ලංකාවේ මැතිවරණ තියන්න ඕනෑ නැහැ. (නි)
ඉතිං ඉල්ලා අස්වෙන්නකෝ. (නි)
පහුවුණු කාලය කොහොම අමතක කරන්නද? (නි)
පිළිනොගෙන හරි ජනතාවට යමක් කරන්නකෝ. (නි)
කට පරිස්සම් කරගෙන නොසිටීමේ ප්‍රතිඵල..(නු)
සහයෝගයෙන් වැඩ නොකළොත් හුගක් දේවල් නැතිවෙයි. (නි)
බලන්න ඔය කෑගහන කොච්චරකල් කෑ ගහවිද කියලා..(ස)
දෙයියෝ සාක්කි
මේ සියල්ලන්ටම පිස්සු. (නි)
දැන් තමයි හොද හොද සෙල්ලම්. (නි)
ඇයි දන්නේ නැහැ බර්ටිට මෙච්චර ආදරේ? (නි)
අනේ අර 130ස් දෙනා දැන්ද නින්දෙන් නැගිට්ටේ? (නි)
හිටපු මහ ඇමතිට කට්ටිය ඇයි දන්නේ නැහැ මෙච්චර ආදරේ? (නි)
පිට පිට මහ ඇමති වෙලා ලෝක වාර්තාවක්වත් තියන්න හදනවද මන්දා? (නි)
බුද්ධිමත් ඡන්දදායකයා අවතක්සේරු කරන්න එපා. (නි)
ජනතාවගේ කැමැත්තක්
අපරාදේ. ඉල්ලා අස්වීමේ ලේඛනයේ ඊළග කෙනාට අවස්ථාව දෙන්නයි තිබුණේ. (නි)
එයාගේ වැඩ එළිවෙයිද? (නි)
මණ්ඩලේ කචල් වගේ. (නි)
මේ අය හිටපු මහ ඇමතිගෙ කට්ටිය වෙන්න ඇති..!(නු)