අනුරාධපුර රෝහලේ පළමු වකුගඩු සැත්කම සාර්ථක වූ බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්. අතපත්තු කියයි.
තඹුත්තේගම රාජාංගනයේ ආර්.ඞී.එල්. ඉරේෂා (24)මහත්මියට එම සැත්කම සඳහා වකුගඩුව ලබා ගැනුනේ රිය අනතුරකින් තුවාල ලබා මියගිය අජිත් (18) නම් තරුණයෙකුගෙනි. ඔහුගේ මවුපියන්ගේ කැමැත්ත අනුව වකුගඩුව පිරිනැමිණි. ඔහු ගලෙන්බිඳුනුවැව උල්පත්ගම පදිංචිව සිටියේය. ඔහුගේ අනෙක් වකුගඩුව මහනුවර රෝහලේ රෝගියකුට බද්ධ කැරිණි.
ඡායාරූප අතුල බණ්ඩාර
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයුර ඔබට මේ පිං බලයෙන් අකල් මරණයට ගොදුරු නොවේවා..!! දොස්තර මහතුන්ගේ සේවය අගය කරමි.. (නු)
මිය ගිය ඔබ වෙනුවෙන් කළහැකි උපරිම පුණ්‍ය ක්‍රියාව ඔබගේ දෙමාපියන් විසින් සිදුකර ඇත. ඔබට අජරාමර නිවන් සුව! (නි)
සුභපැතුම්
සොයුර ඔබට මේ පින් බලෙන් ඉපදෙන මතු ආත්මයක මෙවන් දුකක් නොම වේවා. වෛද්‍යවරුනි, ඔබගේ සේවාව අති මහත් (ස)
සොයුර ඔබට නිවන් සුව..! මෙවන් අනතුරක් සිදුනොවේවා..!!(නු)
මේ කරගත්තු කුසලයෙන් මතු ආත්මයකදිවත් ඔබට මෙවන් අකල් කරදරයක් නොම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!(නු)
අජිත් ඔබට නිවන් සුව, රෝහලට අවශ්‍ය නවීන උපකරණ ලබාදෙන්න මහ ඇමති තුමනි, වතුර මෝටර් තියාගෙන ඉන්නෙ.. අනුරාධපුරේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා.. ඒගොල්ලන්ට අවශ්‍ය උපරණ හිගයි..!!(නු)
මේ සොයුරට මේ පිං බලෙන් උපදින කිසිම ආත්මයක අකල් මරණයකට ගොදුරු නොවේවා..!!(නු)
සොයුර අජිත්, ඔබ අමරණීයයි..! ඔබේ මව්පියන් සංසාර ගමන කෙටි කරගත් අයයි.. අනිත් දක්ෂ වෛද්‍යවරුනි, ඔබ අපේ රටට විස්තර කළ නොහැකි සම්පතකි.. !!(නු)
අජිත් ඔයාට මේ පින් බලෙක් නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා (ස)
මේ පින් බලෙන් ඔබට නිවන් සුව ලැබේවා..(ස)
සොයුරාණෙනි, මේ පින් බලෙන් නිවනට මග යොමු වේවා...(ස)
අජිත් ඔබ මේ ලබාගත් පිනෙන් ඊළඟ ආත්මයේදි හොඳ පින්වත් පුද්ගලයෙක් වෙලා උපදීවා !! (ස)
මේ පිනෙන් මතු භවයක අකල් මරණයකට ලක් නොවේවා . ඔබට නිවන්සුව පතමි.. (ස)
අජිත්, මේ පිනම ඇති හොදටම. (නි)
අජිත්, ඔබට නිවන් සුව! (නි)
දොස්තරලගේ සේවය අගය කරමි..අර දෙමාපියන්ට පින්සිදු වේවා !..උදාර සේවයකි ...(ස)
මෙම පුන්‍ය කර්මය කිරීමට හිත හදාගත් දෙමවුපියන් විශිෂ්ඨයි. මෙම සොහොයුරාට නිර්වානය ලැබේවා. එම දෙමවුපියන්ට දීර්ගායුෂ ලැබේවා! (ස)
සොයුරාණෙනි, ඔබ කරගත් මේ පිනෙන් ඔබට මෙවන් අකල් මරණයක් මතු සංසාරයේ අත් නොවේවා! (නි)
සොයුරාණෙනි, ඔබට මෙවන් අකල් මර්ණයක් මතු සංසාරයේ අත්නොවේවා! (අ)
අති විශිෂ්ඨයි (අ)
ඔබට නිවන් සුව පතමි. (නි)
පුතුනේ, ඔබ තවත් කෙනෙක් ජීවත් කර අවසන් ගමන් ගිය උදාර පුතෙක්. ඔබට නිවන් සුව! (නි)
මේ පිනෙන් මතු උපදින අත්භවයන් වලදී නිදුක් නීරෝගී සුවය අත්වේවා! (නි)
කාලෙකින් හොද පවුතක් දැක්කේ.. අනේ වාසනාවන්.. පුතා ඔබ ලොකු පිනක් කරගත්තේ ඊළග භවයට...!!(නු)
මාගේ වකුගඩුද අවශ්‍යනම් ශාරීරික කොටස්ද අනතුරකට ලක්ව මොලය මියගියහොත් ලබා දීමට ලියා පදිංචි විය... බලමු මටත් ඒ අවස්ථාව උදා වෙයිද කියලා...!!(නු)
අජිත්, ඔබ නොමැතිමුත් ඔබගේ ජීවන සුවද තවමත් පවතී. ඔබට සුවබර නින්දක්! (නි)
මේ පින් බලෙන් නිවන් සැප ලැබේවා...(ස)
අපේ දොස්තර මහතුන්ගේ සේවය අති විශිෂ්ඨයි . මිය ගිය සහෝදරයාණනි ඔබට ඒ පිනේන් මෙතේ බුදුන් හමුවේ නිවන් දකිත්වා !(ස)
අපේ දොස්තර මහතුන්ගේ සේවය අති විශිෂ්ඨයි .මිය ගිය සහෝදරයාණනි ඔබට ඒ පිනේන් මෙතේ බුදුන් හමුවේ නිවන් දකිත්වා .(ස)
මියගිය අජිත් මේ පිනේන මතු උපදින ආත්ම භවයකදී මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා (ස)