උතුරු මැද පළාතේ ළමා අපයෝජන ඉහළ යාමට මව්වරුන්ගේ බීමත්කම ද හේතුවී ඇතැයි උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් විශාකා ජයවර්ධන මහත්මිය පවසන්නීය.
ළමා අපයෝජන වළක්වා ගැනීමේ අරමුණීන්, ආඬියාගල නවෝද්‍යා පාසලේ දී මව්පියන් දැනුම්වත් කරමින් ඇය මෙසේ කීවාය. ‘‘අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඇතැම් අම්මලා බීලා හතර ගාතේ වැටිලා ඉන්න වෙලාවේ දුව දූෂණය කර දරුවන් ලැබුණ අවස්ථා තිබෙනවා. එතකොට අපට කියන්න බැහැ, තාත්තලාගේ බීමත්කම විතරක් මේ තත්ත්වයට බලපානවා කියලා. අද අපේ ළමා නිවාසවල ඉන්න දරුවන්ගෙන් 90%ක්ම ඒ තත්ත්වයට පත්විමට ඔවුන්ගේ පවුල් පරිසරය බලපානවා. අද අප අපේ දරුවන් ගැන බලන්නේ දරුවා ශිෂ්‍යත්ව විභාගය ලියන තුරු පමණයි. ’’
ඕනෑම මවකගේ දරුවන් සුරකින බවට ප්‍රතිඥා දෙමින්
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මතට තිත තියලා කියන අපේ පාර්ලිමේන්තුවේ ස්වාමීන් වහන්සේලා., දැන් බලනකොට අම්මලත් බොනව නේ ලංකාවේ.
ඔහොම යනකොට යනකොට රටම වෙරි වෙලා සූර් වෙලා ඉඳී --------------කාටද ආඩම්බර-------------- ----------------ජය වේවා!-------------- (දී)
අම්මලා ගැන දුක නැහැ. ළමයි ගැනයි දුක.(දී)
කතාව ඇත්ත. අම්මලා තාත්තල බීල වැටිලා ඉන්න කොට ළමයි අසරණයි තමයි. (දී)
තව හොදට බොන්න ඕනේ. ඉස්කෝලේ යන ළමයි ඉන්න අම්මලා නේද . ළමයි පව් (දී)
ගැහැනුන් බිව්වට කමක් නැත (දී)
කාන්තාවන් බොනවා කියන එක අහන්නත් හිරිකිතයි. (දී)
කරු මොනවා කිවත් ඒ අදහසේත් යම් සත්‍යතාවයක් තියනවා යන්න මගේ අදහසයි. (නි)
බොන අය ඕන තරම් බොන්න....., බීලා මැරෙන්න......(ස.වි)
අරක්කු ටිකකට තමන්ගෙ දුවත් බේබද්දන්ට බිලි දෙන මෙහෙම ගෑනු අම්මලාද? (නි)
ඔබ සැබෑම මවකි.මෙම වැඩසටහන ජාතික මට්ටමට ගෙන ඒමට අවශ්‍ය ශක්තිය ලැබේවා! (නි)
බොන්න පුරුදු වෙච්ච දෙමාපියන්ට ප්‍රතිඥා එකක් නෙමෙයි සීයක් දුන්නත් ඒ ඔක්කොම බෝතලේ දැක්ක ගමන් අමතක වෙනවා. (නි)
සසරි බර මෙසිරි රට ළගදීම බීමට බර කැතම රට වෙනවා නියතයි. (නි)
ලංකාවේ සාමාන්‍ය ගැහැණු අය (විශේෂයෙන් හොඳ අම්මලා) බොන්නේ නෑ. අම්මලාගේ බීමත්කම නිසා දරුවන්ට අතවර වෙනවා කියන එක හිතන්න අමාරුයි. එහෙම සිද්ද උනත් එය ඉතා සුළු ප්‍රමාණයක් පමණක් සිදුවෙන දෙයක් බව ඉතාම විශ්වාසයකින් කිව හැකියි. මෙවැනි කතා කියද්දි නොබොන අයත් බීමට පෙලෙඹෙනවා.කෙසේ වෙතත් සුරාව පිටු දකින්න ක්‍රියා මාර්ගයක් ඉතා ඉක්මනින් ගත යුතුයි. නැත්නම් මෙවැනි කතා අහල නොබොන අයත් බොන්න පටන් ගන්නවා නුදුරු අනාගතයේදීම. (නි)
ලංකාදීප පුවත් පතට අපි සුභ පතනවා මෙම හෙළිදරව්වට.රජයේ මතට තිත අද තිතට මත බවට පත්වෙලා.2015 දී 2050 දීවත් මෙක සපුරන්න නිසි වැඩ පිළිවෙලක් නැහැ. කාම අපරාධ ඇතිවන තවත් විවිධ හේතු තියෙනවා.කාම වෙබ් අඩවි, ටෙලි නාට්‍ය,චිත්‍රපට බොහොමයක් අද කාමය උපද්දවන දේ බවට පත්වෙලා.සමහර පුවත්පත් මේ තත්වයට වගකියන්න ඕනි.මේක කාටවත් වෙනස් කරන්න උවමනාවක් නැහැ.නිල් විඩියෝ පට රටින් මුලිනුපුටා දමන්නට රජය පියවර ගත යුතුයි. (නි)
තව වසර 5 ක් පමණ ගතවන මිට මේ සමාජයේ ඔබතුමියන් විසින් ගෙන යන මේ වැඩපිළිවෙලෙහි ප්‍රතිඵල කාටත් දැකබලා ගතහැකි වනු ඇතැයි මම විශ්වාස කරමි.(ස)
මම ගිය සතියේ වැඩ ඇරිලා ගෙදර යන කොට මඟදි බස් එකට අම්මෙකුයි දුවෙකුයි නැග්ගා. අම්මා පුංචි දරුවෙක් වඩාගෙන සිටියා. ඒ අර දුවගේ දරුවා දුව කලිසමක් ඇඳගෙන හැඩට හිටියා ..ටික වෙලාවකින් අර පුංචි පැටියා වමනය දාන්න පටන් ගත්තා.. අනේ අර අම්මා තමන්ගේ අතට වමනය ගත්තා දරුවා අයිතිකාර අම්මා නිකංවත් නැඟිටලා ලඟට ආවේ නෑ ..අර පුංචි එකාගේ ලේන්සුවකින් නක්දෙකත් ගැට ගහලා තිබුණා . අපි හිතමු අර දරුවා වඩා සිටිය වයසක අම්මා වැඩට ඉන්න ගෑණු කෙනෙක් කියලා.. ඒත් අර ළමයා වදාපු ගෑනිට ඒ දුක තිබුණේ නෑ. ඔන්න අම්මලා.. (වි)
විවාහක කාන්තාවන් රැකියාවට යාම සුදුසු නැහැ. රජය පිරිමින්ට සුදුසු ප්‍රමාණවත් වැුපක් ගෙවිය යුතුයි. අඩුම ගණනේ විවාහකයන්ට ‘‘ පවුල් දීමනාවක් “ දෙන්න. (ස)
අපිත් හොඳට කන බොන ගෑනු තමයි.මෙයාලා කොහොමද ඒවා නතර කරන්නේ.මම කියන්නේ ඔය ලොකුවට දැගලුවට මෙයාලත් හොරෙන් බොනවා.මගේ යෙහෙළියෝ සියළු දෙනාම බොන අයයි. (ස)
විනූජ සංකල්ප, මයා මොනවද දන්නේ ගෑනු ගැන,අම්මලා ගැන,නිකම් යනවා යන්න පොඩි කොල්ලෝ ඉන්න ඕන ඒ විදිහට.අපිව හදන්න එන පාංකඩ කොල්ලන්ගේ හැටි බලපල්ලකෝ.කටින් පිම්බමත් උඩ ගිහින් වැටෙන සයිස් එකේ මෝඩ ඇටිකිති කොල්ලෝ අපිව හදන්න උජාරුව බලන්නකෝ..අනේ මගේ කටට..එන දේවල්..නිකම් දෙන්නේ නැතුව හිටහන් පොඩිඑකෝ..(වි)
".....අද අප අපේ දරුවන් ගැන බලන්නේ දරුවා ශිෂ්‍යත්ව විභාගය ලියන තුරු පමණයි. ’’ තරමක අකමැත්තෙන් වුනත් මේ කතාවේ ඇත්තක් ඇති බව පිළිගන්න සිදුවෙනවා. හය හත වසරවල ළමයි එකතුවෙලා කතා බස් කරන තැනක විනාඩි පහක් විතර ඔවුන්ට නොදැනෙන්න සවන් දීගෙන ඉඳලා බැලුවොත් රටේ අනාගතය ගැන පොඩි බයක් උපදින්නේ නැත්ද? මම කියන්නේ නැහැ දරුවෝ වැඩිහිටියන් වගේ සීරියස් දේවල් හෝ බණදහම් කතාකල යුතුයි කියලා. එත් වැඩිහිටි රස්තියාදු කාරයින්ගේ ඔලු වල තිබෙන දේවල් සහ දඟකාර ළමයින්ගේ ඔළුවල තිබිය යුතු දේවල වෙනස ඉවත් වීම හොඳ දෙයක් නොවේ. බොහොමයක් අපචාර වලදී දැකිය හැකි දෙයක් තමයි, මුලදී අපචාරයට ලක්වූ දරුවා ඒ අවස්ථාවට කැමැත්තෙන් සහභාගී වීම සහ දෙමාපියන්ට වැඩේ ලීක් වෙනකල් අපරාධකරු ගැන හෙළිදරවු නොකෙරීම. මම මේ කියන්නේ සාමාන්‍යය ගැන මිස සුවිශේෂය ගැන නොවන බවත්, අපරාධකරුගේ දඬුවම් ලිහිල් වීමට මෙය හේතුවක් විය යුතු බව නොවන වගත් අවබෝධ කරගැනීමට ලංකාදීප පාඨකයින්ට නුවණ ඇතැයි සිතමි. (ස)
උත්පලා ඔයා නංගියෙක්ද අක්කෙක්ද නැන්දෙක්ද ආච්චියෙක්ද මම නොදනි නමුත් ඔයාට කාන්තාවෝ ගැන දැන ගන්නම අවශ්‍යනම් මම කියන ඒවා නොවේ.. ලෝකොපකාරය 14 වැනි පිටුවේ සිට කියවන්න එහෙම නැත්නම් google ගිහින් සිංහලෙන් ලෝකෝපකාරය කියලා ටයිප් කරන්න එතකොට ඔයාලා මොන වාගේද කියලා දැන ගත හැකිවේවි..(වි)
ප්‍රතිඥාව දුන්නා වගේම වචනෙට සිමා නොකර ක්‍රියාවෙනුත් ක්‍රියාත්මක වෙන්න. රටෙ දරැවන් අපේ දරැවන් කියන්නේ හොද තේමාවක්. (දී)
විනූජ සංකල්ප, ..මගේ කටට එන ඒව්වා මෙකේ දාන්න බැරි එක ඔහේගේ වාසනාව කියලා හිතා ගන්නවා. ළඟක හිටියා නම් මම දනී කියන දේවල්..මගේ දරුවෝ හදා ගන්න මම දන්නවා. ඒක ඔහෙ ඕන නැහැ.මට පුළුවන් තනියම කරගන්න.අනික ඔහෙ වගේ ලෝකෝපකාරයොන්ගෙන් බේරිලා ලමයි ටික හදා ගෙන ඉන්නවා කියන එකත් ගෑනියෙක් හැටියට මට තියෙන ලොකුම අභියෝගයක්. (දී)
අනුරාද පුරේ අය නේ හවසට වැඩ කරලා ඇවිත් ටිකක් දානවා ඇති . තාත්තල විතරද බොන්න ඕනේ , පිරිමි කට්ට්ටිය බීම නැවත්තුවොත් ගෑනු බොන්නේ නැ (දී)
සමහර ගෑනු අතිපණ්ඩිත තකා කියමින් පිරිමින්ට පෙන්නන්නේ එයාලා හොඳ වැදගත් අය බවයි.ඒත් මම දන්නවා ගැහැණියක් විදිහට අපි ගෑනු කවුරුත් එක සමානයි කියලා.ටිකක් පාටියකදී බිව්වට ඒක ලොකු වරදක් නෙවෙයි.අනික අපි අම්මලා විදිහට දන්නවා කළයුතු නිවැරදි දේ මොකක්ද කියලා නිකම් ලෝකෝපාකාරය දාලා පිරිමින්ට අපිව තම්බන්න හම්බ වෙන්නේ නැහැ.(වි)
‘මතට තිත’ යයි යන වචනය අද බැනරයට ආදර්ශ පාඨයට පෝස්ටරයට සීමා වී ඇත. මෙය සක්‍රිය ලෙස සමාජය තුළ ක්‍රියාත්මක වන්නේ නැත. ‘මතට තිත’ එන්නට පෙර පැවති තත්ත්වයෙන්ම අදත් සමාජය තුළ මත්පැන් හදන තැන්, අලෙවි කරන තැන් අඩුවක් නැත. මත්පැන් බොන අයගේද අඩුවක් දකින්නට නැත. නාගරික තත්ත්වය මීටත් වඩා නරකයි. ඕනෑම අයෙකුට මත්පැන් මිළදීගෙන පාවිච්චි කරන්නට නගරයක මත්පැන්හල් දෙක තුනක්ම පවතී. මේවා මෙසේ පවතිද්දී ‘මතට තිත’ යයි කියන්නේ මුසාවාදයට නොවේ ද? පෙරදා මෙන් නොව දැන් ගම් දනව්වල මත්පැන් තිප්පොලවල් බොහෝ පවතී. එම ස්ථාන ගැන මත්පැන් බොන අය මෙන්ම පොලිසිය ද දනී. මත්පැන් පෙරීමත් මත්පැන් විකිණීමත් ගම්වල අඩුවක් නැතුව සිදුවේ. මෙලෙස ‘මතට තිත’ පොතට සීමා වී තිතට බොරුව රජකරයි. නිරතුරුව මත්පැනට ඇබ්බැහි වූ අය රෝගාතුර වී පසුව රෝහල් ගත වීමෙන් අකාලයේ මියයති. මත්පැන් බීමෙන් සිරෝසීස් වැනි රෝගවලට ගොදුරු වී අනුරාධපුර මහරෝහලින් අවුරුදුපතා මියයන සංඛ්‍යාව 1200 ඉක්මවා ඇත. මොවුන්ගේ මියයෑමෙන් දරු පවුල් අනාථ වෙති. දුම්වැටි නිසා රෝගීව අනුරාධපුර ශික්‍ෂණ රෝහල්ගතව වාර්ෂිකව මියයන සංඛ්‍යාව අටසිය පනහ ඉක්මවා ඇත. දුම්වැටි හා මත්පැන් ආශ්‍රිතව රෝගාතුරව රෝහල්ගතවන රෝගීන් සුවපත් කිරීමට වාර්ෂිකව රජයට විශාල මුදලක් වැයවේ. සිගරට් දුංකොළ හා මත්පැන් බද්දෙන් රජය ලබාගන්නා ආදායමට වඩා මෙම රෝගීන් සුවපත් කිරීම සඳහා රජයට වැයවන මුදල අතිවිශාල ය. ‘මතට තිත’ යථාර්ථයයෙන් ක්‍රියාත්මක වන්නේ නම් මේ සියලූ සමාජ උවදුරු සමාජයෙන් බැහැර කළ හැකි ය. මත්පැනට හා දුම් වැටියට ලැබෙන බදු මුදලට ලෝබ වී නමට පමණක් ‘මතට තිත’ වචනයෙන් පවත්වාගෙන යාමේ ප්‍රෝඩාව වහාම නැවැත්විය යුතු ය. ‘‘මතට තිත’’ අකුරටම ක්‍රියාත්මක කිරීම මගින් සමාජ සාධාරණත්වය ගොඩනැගීමට ද සමාජයේ සිදුවන දුෂණ හා වැරදි වැළැක්වීමටද සමාජයේ කැකෑරෙන අපරාධ සෝදා හැරීමට ද පුළුවන. සම්බුද්ධත්ව ජයන්තිය මුල්කරගෙන දැහැමි බෞද්ධ සමාජයක් ගොඩනැගීමට නම් තමා දුම්වැටි හා මත්පැන් සමාජයෙන් දුරුකිරීමට පියවර ගත යුතු ය. (නි)
බොන එකේ වැරද්දක් නැහැ. නමුත් ලංකාවේ ගෑණු බොන ක්‍රමය දන්නෙ නෑ. මිනිස්සුත් බොන්න දන්නේ නැහැ. අපේ රටේ උදවිය බොන්නේ බෝතල් කීයක් බොන්න පුළුවන් ද බලන්න. මෝඩ මිනිස්සු. (ස)
අචලා ඉතින් ඔයාලා හොඳට බොන්න අපිට මොකද ?(ස)
මටනම් ඔය කතාව පිළිගන්න බැහැ. කියන්න දෙයක් නැතිව කියලා තියෙන්නේ. ඔයිට වඩා හේතු තියෙනවා. (ස)
වැඩ ඉවර වෙලා යන ගමන් පොඩි ෂොට් එකක් ගැහුවද ? (දී)
මෙයා කොහොම ද අපව අන්දන්නේ. මාර කෙල්ලෝ ටිකක්නේ බලපුවම. (ස)