උතුරුමැද පළාත් සභා අපේක්‍ෂයන්ගේ වාහන හැර සෙසු වාහන වල ප‍්‍රදර්ශනය කර ඇති මැතිවරණ පෝස්ටර්, ස්ටිකර් සහ බැනර් පොලිස් මාර්ග බධක වලදී වහාම ඉවත්කරන ලෙස අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා අනුරාධපුර දිසාවේ සහකාර පොලිස් අදිකාරීවරුනට සහ පොලිස් ස්ථානාධිපතිවරුනට දැන්වීය. එක්සත් ජාතික පක්‍ෂ අනුරාධපුර දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක කිත්සිරි අනුරාධනායක මහතා පැවසුවේ පොලිසිය පෝස්ටර් ගලවන්නේ විපක්‍ෂ අපේක්‍ෂිකයින්ගේ සහ සන්ධානයේ සාමාන්‍ය අපේක්‍ෂකයින්ගේ පමණක් බවයි. සන්ධානයේ ප‍්‍රබල අපේක්‍ෂකයින්ගේ පෝස්ටර් ගලවනනේ නැති බවද ඔහු කියයි. පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා පැවසුවේ යම් පොලිස් නිලධාරියකු පෝස්ටර් ඉවත් කිරීමේ රාජකාරිය පැහැර හැරියොත් ඔහුට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් දන්න තරමින් පෝස්ටර් ගලවන්නත් පොලිසිය යොදවන එකම රට තමයි ලංකාව.(නු)
කෝ අපේ විපක්ෂ නායකතුමා? (නි)
මොනවා !සන්ධානේ මන්ත්‍රීලගෙත් පෝස්ටර් ගලවනන්වා? මට් නම් මේක අදහගන්නත් බෑ.(නු)
ජයන්ත හරි. පෝස්ටර් ගලවන්න ඕනෙ හරි නම් නගර සභාව... අපේ රටේ රජ්‍ය සේවය කොච්චර අසමත් ද කියනවනම් දැන් නගරසභාවල වැඩත් කරන්න වෙලා තියෙන්නෙ පොලිසියට. (නු)
ඒක ඇත්ත... මොකද ගලවන්ඩ ඇදුම් නැති විපක්ෂයක් නිසා තියන පෝස්ටරයවත් ගලවමු...!!(නු)
ඒ කියන්නෙ කිත්සිරි අනුරාධනායක මහත්තයා පිළිගන්නවා ඒගොල්ලොත් අනවසර පෝස්ටර් ගැහුව කියන එකනේ ද?(නු)
ඒ කියන්නේ පොලිසියත් දන්නවා කවුද දිනන්නේ කවුද පරදින්නෙ කියලා ... නියමයි..!!
වැඩේ වැරදියි
ජය වේවා! (නි)
අයියෝ සල්ලි
ලොකු ලොක්කන්ගේ පෝස්ටර් ගලවලා වැඩ තහනම් වෙන පොලිසියේ මහත්වරුන්ගේ ගෙදර උදවියට කන්න දෙන්නෙ විපකෂයෙන්ද? (ස)
කෝ අපේ පොලිසිය (නි)
මැරෙන තුරු මහ ඇමති මම තමයි. (ස)
මෙයාලගේ ඡන්දයක් හන්ද කොහෙවත් ඉන්න රාළහාමිලට ගෙදර යන්ට වෙයි වගේ..(ස)
ජනතාව ඡන්දයක් ඉල්ලුවෙත් නෑ. අපේක්ෂකයින්ට පෝස්ටර් ගහන්න අයිතියකුත් නෑ. ඒත්...ලංකාවේ පෝස්ටර් ගහනවා. ඒවා ගලවන්න සල්ලිත් අපෙන්. (පොලීසියට මිලියන 7.3 ක් මැතිවරණ කොමසාරිස් දීලා) ආණ්ඩුවේ අයගෙ පෝස්ටර් ගලවන්නෙත් නෑ.......(නු)