(දයාරත්න ඇඹෝගම)

ශ්‍රාවස්තිපුර කුමාර විද්‍යාලය ආසන්නයේදී අද (11) අලුයම ටිපර් රථයක් පසුපස යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ තලාව හිරිගොල්ලාගම පදිංචි රත්නායක මුදියන්සේලාගේ රත්නායක ප්‍රියන්ජිත් (43) නැමැති එළවලු වෙළෙන්දෙකි. 

තලාවේ සිට අනුරාධපුරයට එමින් තිබුණු ටිපර් රථය අලුත්වැව මාර්ගයට හරවද්දි  ටිපර් රථය පිටුපසින් පැමිණි යතුරුපැදිය ට්‍රිපර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.