මාස 4කින් ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නැතැයි කියමින් ගොවියෝ සියගණනක් අනුරාධපුරයේ අද උද්ඝෝෂණයක් කළහ. ජනතා විමුක්ති පෙරමුණ එය සංවිධානය කිරීමට මුල් වූ බව පෙනිණි. ලක්ෂ නමය හමාරක් වන ගොවීන්ගෙන් ලක්ෂයකට පමණ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මැනැවින් ගෙවාගෙන ආ නමුත් රජයෙන් තැම්පත් කළයුතු අරමුදල් නොලැබෙන නිසා ගොවීන්ගෙන් වාරික කපාගත් නමුත් ඔවුන්ට නව විශ්‍රාම වැටුප් ගෙවා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා කළ චෝදනාව ගොවිජන සේවා ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා සත්‍ය බව පිළිගත්තේය. ඔහු පැවසුවේ අඩුපාඩු හරිගස්සමින් ගොවි විශ්‍රාම වැටුප් දීමේ නව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ ජනපති උපදෙස් දී ඇති බවයි. පටු දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් තැත් කරතියි ජවිපෙට නම නොකියා චෝදනා කළේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද මෙහෙම හැම එකකටම ගෙවන්න සල්ලි තියෙන්නේ? දැන් දැයට කිරුළ ඉවර වුණා විතරයි..