අනුරාධපුර මහා විහාර භූමියේ බැකෝ යන්ත‍්‍ර යොදා හාරතියි කියන කරුණ පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් ‘‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් දැයි’’ යන තත්ත්වයක් එහි උද්ගත වී ඇති බවත්. රජය වහාම මැදහත් වී මේ විනාශය වැළැක්විය යුතු බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහා විහාර ව්‍යාපෘති අධයක්ෂ මහාචාර්ය ටී.ජී.කුලතුංග පවසයි. ඔහු මෙසේ ද කීවේය. ‘‘ශී‍්‍ර ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වන එච්.සී.පී.බෙල් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කළේ අනුරාධපුරයෙන්. ඒ කාලේ තිබූ කාර්යාලය තමයි දැන් ඉවත් කැර එම ස්ථානය හාරන්න සූදානම් වන්නේ. මෙය සිදුකරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියා තමයි අපිට නම් කියන්නේ. නමුත් මෙය නීති විරෝධී කාර්යයක්. වහාම නවතා දැමිය යුතුයි. මුලදී අනුරාධපුර නගරය මේ ස්ථානයේ පවතිද්දී බස් නැවතුම තිබූ ස්ථානයේ පොළොවට හානිවී තිබූ නිසා අපි එතැන විහාර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කලින් අවසර දුන්නා. නමුත් හිතුමතයේ මෙවැනි විනාශයන් සිදුකරමින් ජාතියේ උරුමය විනාශ කරන්න ඉඩ දිය නොහැකියි.’’ බොහෝ විද්වතුන් පවසන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් අමාත්‍යාංශ දෙකක් යටතට පත්කැර තිබීමෙන් මෙවැනි ගැටළු ඇතිවී තිබෙන බවයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අපුර උරුමය නොවනසනු’